නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම වලංගු හා නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රස් මහලේකම්වවරයා අදහස් දක්වා තිබේ. Sri Lanka Latest News
නඩු තීන්දුවෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා පැවසුවේ, මින් පසු ඇමතිකම්වලට පක්ෂ මාරු දේශපාලනඥයින්ට මෙය හොඳ අවවාදයක් බවයි.
” ඇමතිකම් ලබාගෙන හිටපු එතුමාව පක්ෂයෙන් නෙපරන ලද මාගේ ලියුම සාධාරණයි, වලගුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසිකයි. මොකද මින් පස්සෙ ඇමතිකම්වලට පක්ෂය මාරු වෙන අයට මේක ලොකු අවවාදයක් ”
ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා පැවසුවේ, ඔහු පක්ෂයෙන් ඉවත් කිරීම නිත්‍යනුකූල සහ වලංගු බවට විනිසුරුවන් තිදෙනා ඒකමතිකව තීරණය කළ බවයි.
”මේක ඓතිහාසික තීරණයක්.. අවුරුදු 20කට 25කට වගේ කාලයේ මෙවැනි නඩුවල තීන්දු ලබා දුන්නෙ අනෙක් පැත්තට…”










