• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මියැන්මාරයෙන් පසු ලංකාවද? Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මියැන්මාරයෙන් පසු ලංකාවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 මාර්තු 28 යනු මියන්මාරයට කවදාවත් අමතක නොවන දිනයක්. රික්ටර් මාපක 7.7ක භූමි කම්පාවකින් මහ පොළොව දෙදරා ගියා. මැන්ඩලේ නගරය අසල නිවාස, පන්සල් සහ ජීවිත එමගින් ගිලගනු ලැබුවා. 1600කට වැඩි ජීවිත ප්‍රමාණයක් නැතිවෙන්න ගියේ අසුරු සැණක් පමණයි. මුළුමහත් නගරයක් සුන්බුන් ගොඩක් බවට පත්වුණා. හිතන්න මෙවැනි දරුණු තර්ජනයක් අපේ ශ්‍රී ලංකාවටත් එල්ල විය හැකිද? ඒ සඳහා සුළු හෝ හැකියාවක් තිබෙනවද කියලා අපි සොයා බලමු. Sri Lanka Latest News

මැන්ඩලේ නගරය හඳුන්වන්නේ මියන්මාරයේ ඓතිහාසික හදවත යනුවෙන්. ඔබ දන්නවද එහි මිලියනයකට අධික ජනතාවක් වාසය කරන බව? 2025 මාර්තු 28 වැනිදා ප.ව. 12.50ට හදිසියේම එක වරම පොළොව පැලී විවර වුණා. ඒ, කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මහා රාක්ෂයෙක්. එම ගැඹුරු විවරය තුළින් තමයි මේ මහා භූ කම්පනය මුදාහැරියේ. සැගයින් ෆෝල්ඩ් යනුවෙන් හඳුන්වන එම භූ පැල්ම විසින් මුදාහැරපු විනාශයේ තරම ඔබ දකින්නට ඇති. වසර 90ක් පමණ පැරැණි ආවා පාලම කාඩ්බෝඩ්වලින් හදපු ගෙයක් වගේ ඉරවාදී ගඟට කඩාවැටුණා. වසර සිය දහස් ගණන් පැරැණි පන්සල්ද භූ කම්පනයෙන් විනාශ වුණා. නිවාස 45,000කට වැඩි සංඛ්‍යාවක්ද බිමට සමතලා වුණා. මේ වනවිට 37,000ක් පමණ අවතැන් වී සිටිනවා. මාර්තු 31 වැනිදා වනවිට ජීවිත හානි සංඛ්‍යාව 1,600 ඉක්මවා ගොස් තිබුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 3,400ක්. මේ සංඛ්‍යා තව තවත් ඉහළ යමින් පවතිනවා. මහල් 12ක ගොඩනැගිල්ලක සුන්බුන් යට සිරවුණු කාන්තාවකගේ ජීවිතය පැය 30කට පසු බේරාගැනීමට සමත් වුණා. ඇය ජීවිතය බේරාගැනීමට කෑගසන හඬ ඇසුණේ සුන්බුන් දූවිලි අතරින්. ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන් යට සිරවී සිටින ජීවිත බේරාගැනීමට යුහුසුළුව වෙහෙසෙනවා. බලාපොරොත්තු දුර්වලව පැවැතියත් ඔවුන් උත්සාහය අතහැර නැහැ.

මියන්මාරයට බලපෑ මේ භූ කම්පනය මේ තරම් දරුණු වුණේ ඇයි? මතුපිට සිදුවෙන මෙම නොගැඹුරු වර්ගයේ භූමි කම්පා මුහුණට එල්ල කරන පහරක් වගේ. මොකද ඒවායේ ශක්තිය ඍජුවම ඉහළට විහිදෙනවා. මතුපිට වූ කිසිවකට අනුකම්පාවක් දක්වන්නේ නැහැ. ඒ වගේම මියන්මාරයේ ගොඩනැගිලි ඉතා පැරැණි නිසා දුර්වල තත්ත්වයක පවතිනවා. සොබාදහමේ වියරුව හමුවේ නැගී සිටින්න ජපානයේ වූ සවිශක්තිමත් ගොඩනැගිලි වගේ ඒවාට ශක්තියක් නැහැ. පුදුමසහගත කරුණ තමයි 1912න් පසු මෙහි ඇතිවූ දරුණුම භූමි කම්පාව මෙය වීමයි. වසර සියයකට වැඩි නිහඬතාවක් තත්පර කීපයකින් බිඳවැටුණා. නමුත් මියැන්මාරය මෙතරම් ඉක්මනින් කඩාවැටුණේ ඇයි? පිළිතුරු පොළොව තුළම සැඟවී තිබෙනවා. මෙහි විද්‍යාත්මක පැතිකඩ ඔබව පුදුමයට පත්කරනවා නොඅනුමානයි.

අපේ පෘථිවියේ පිට කටුව යෝධ තැටිවලින් සමන්විත ජිග්සෝ එකක් වගේ. ඒවා ලිස්සන සුළු වන අතර, එකට එක ගැටෙමින් අපේ ලෝකය හැඩගස්වනවා. මියන්මාරය පිහිටා තිබෙන්නේ සුන්දා භූ තැටිය, ඉන්දීය භූ තැටිය සමග සගෙයින් විවරය දිගේ එකට ඇතිල්ලෙන ස්ථානයේ. එම නිසා මියන්මාරය භයානක භූ නර්තනයක සිරවෙලා සිටිනවා කියලා කියන්නට පුළුවන්. පුද්ගලයන් දෙදෙනෙක් අත් දෙකෙන් තදින් අල්ලාගෙන දෙපැත්තට අදිනවා කියලා හිතන්න. එවිට විශාල පීඩනයක් ගොඩනැගෙනවා. ඊට පසු ක්ෂණයකින් එම පීඩනය මුදාහැරෙනවා. භූවිද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ ස්ට්‍රයික් ස්ලිප් ෆෝල්ට් යනුවෙන්. මියන්මාරයට පහරදුන්නේ එයයි. එම භූ කම්පනයේ කම්පන තරංග රැලි මියන්මාරයට විනාශය ගෙන එමින් මතුපිට මත වේගයෙන් පැතිරී ගියා. කිලෝමීටර් 10ක් පමණක් ගැඹුරින් සිදුවූ නිසා ගැඹුරින් සිදුවෙන භූ කම්පනවල වගේ මේ භූ කම්පනය නම් දුර්වල වුණේ නැහැ. එය මතුපිටට දැඩිව පහර දුන්නා. වසර සිය ගණනක් පැරැණි දුර්වල ගොඩනැගිලි අසුරු සැණින් විනාශ වී ගියා. මේ බිඳුම කැලිෆෝනියාවේ සැන් ඇන්ඩි්‍රයාස් බිඳුම වගේ කිලෝමීටර් සිය ගණනක් දිගයි. මේවායේ ස්වභාවය තමයි වසර ගණනක් නිහඬව තිබී එකවර පුපුරා යෑම. එම නිසා මෙවැනි විනාශයක් සිදුවන බව විද්‍යාඥයන් හොඳින්ම දැන සිටියා. මොකද 1839දී මෙම ස්ථානයේම රික්ටර් මාපක 7.9ක භූමි කම්පාවක් ඇතිවුණා. ඉතිහාසය විසින් අවවාද ලබාදුන්නත් මියන්මාරය ඒ සියල්ල නොසලකා කිසිදු පෙර සූදානමකින් තොරව බලාගෙන සිටියා කිව්වොත් නිවැරැදියි.

හොඳින් මතක තබාගන්න ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නෙත් එම ඉන්දු භූ තැටියේම බව. ඉන් අදහස් කරන්නේ අපිත් විනාශයට අත වනමින් සිටින බවද? නැත්නම් අපේ කතාව මියන්මාරයට වඩා වෙනස්ද? දැන් අපි ඒ ගැන සොයා බලමු.

ශ්‍රී ලංකාව ඉන්දු භූ තැටිය මත පිහිටා තිබුණත් අපේ රටේ පිහිටා තිබෙන්නේ නම් මෙම ක්‍රියාකාරී ස්ථානයෙන් බොහෝ ඈතට වෙන්නයි. හරියටම කිව්වොත් අපි ඉන්නේ හිමාලයෙන් කිලෝමීටර් 1000කට වඩා දකුණෙන් සහ සුන්දා අගලෙන් කිලෝමීටර් 2000කට පමණ බටහිර දිශාවට වන්නයි. වාසනාවට අපි ඉන්නේ ඉන්දු භූ තැටියේ නිහඬ මධ්‍යය මතයි. එම වියරු බිඳුම් අපේ භූමිය හරහා යන්නේ නැහැ. අපේ පාෂාන අවුරුදු බිලියන 2කට වඩා පැරැණියි. ඒවා කාලය විසින් ඉතා ශක්තිමත් බවට පත්කර තිබෙනවා. ඉතිහාසය තුළ රික්ටර් මාපක 5.5ට වැඩි කම්පනයක් ඇතුළතින් සිදු නොවූ නිසා ඉතිහාසය විසින් එය සනාථ කරනවා. නමුත් අපේ ලංකාවට කුඩා කම්පන විටින් විට දැනෙන බව මතක් කළ යුතුයි. නමුත් ඒවා බොහෝ දුරින් පිහිටි බලවත් භූමි කම්පාවල ප්‍රතිඵල පමණයි. ඒවා මෙහි ඇතිවූ ඒවා නොවෙයි.

2004 වර්ෂයේ ඔබට අමතක වෙන්නට ඉඩක් නැහැ. සුමාත්‍රාවේ සිදුවූ රික්ටර් මාපක 9.1ක භූමි කම්පාවෙන් ඇතිවූ සුනාමිය මෙහි ජීවිත 35,000ක් බිලිගත්තා. නමුත් එය ආවේ කිලෝමීටර් 1,700ක් ඈතින්. විද්‍යාඥයන් පවසන්නේ මියන්මාරය වගේ රික්ටර් මාපක 7.7ක භූමි කම්පාවක් මෙහි සිදුවීමට ඉඩක් නැති බවයි. ගෝලීය අවදානම් සිතියම්වල අපේ ලංකාව පෙන්නුම් කරන්නේ කොළ පාටින්. ඒ කියන්නේ ඉතා අඩු අවදානමක්. නමුත් මියන්මාරය නම් අවදානම්සහගත ලෙස රතු පාටින් දිලිසෙනවා. අපේ ආරක්ෂිත බවේ රහස තමයි අපට යට පොළොවේ වූ ස්ථාවර බව සහ බිඳුම් සහ විවරයන්ට බොහෝ දුරින් පිහිටා තිබීම. අපි සිටින ස්ථානය විනාශකාරී සිදුවීම් සියල්ල නැරඹීමට හැකි ආරක්ෂිත වීව් පොයින්ට් එකක් කිව්වොත් නිවැරැදියි. හොඳින් මතක තබාගන්න අපි භූමි කම්පාවලින් ආරක්ෂිතයි කියන්නේ කිසිවකට අපිව විනාශ කළ නොහැකියි කියන දේ නොවෙයි. අපිට ඇති සැබෑම අනතුරුදායක තර්ජනය මොකක්ද කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

භූමි කම්පා බියක් නැති වුණා කියලා අපිට සැනසිල්ලේ සිටින්න හැකියාවක් නැහැ. මොකද සොබාදහමට වෙනස් උපක්‍රම තිබෙනවා. 2004 සුනාමිය ඔබට හොඳින් මතක ඇති. ඒ විසින් ඔප්පු කළා දුරබැහැර භූමිකම්පාවලට වුණත් අපිව ජලයෙන් යටකර දමන්න පුළුවන් බව. අපේ සතුරා කම්පන තරංග නොවේ. ඒ හේතුවෙන් හටගන්නා ජල තරංගයි. නමුත් තරමක් බය හිතෙන කරුණක් තියෙනවා. කොළඹ මෘදු වෙරළබඩ පස් කලාතුරකින් එන භූ කම්පනයකට වැඩියෙන් සෙලවෙන්න පුළුවන් බව ඔබ දැන සිටියාද? එම සෙලවීම මියන්මාරයේ මැන්ඩලේ නගරයේ වූ විනාශය තරම් එකක් නොවුණාට සැලකිය යුතු සෙලවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මියන්මාරයේ විනාශයට සාපේක්ෂව නම් මෙය ඉතා කුඩායි. මතක තබාගන්න අපේ පරම සතුරා තමයි දස දෙසින් වටවූ මහා සාගරය. සුන්දා අගලෙන් ලංකාවට නැවතත් සුනාමි පහරක් එල්ල වෙන්නට පුළුවන්. භූ විද්‍යාඥයන් බියෙන් පසුවන්නේ එය සිදුවුණොත් මොකක්ද කරන්නේ කියන එක ගැන නොවේ. එය එන්නේ කවදාද කියන එක ගැනයි. මෙවැනි සුනාමි අනතුරකට එරෙහිව සටන් කරන්න නම් අපි අවදානම් ප්‍රදේශවල ගොඩනැගිලි වඩාත් සවිශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම සුනාමි පෙරහුරු සහ කල්තියා සිදුකරන අනතුරු ඇඟවීම් වැනි දේවල්ද ජීවිත බේරීමට උදව් වෙනවා.

ජපානයේ 2011 භූමි කම්පාවෙන් ඇතිවූ සානාමි රැලි ලංකාව ආශ්‍රිත ප්‍රදේශයටද ඉතා සුළු වශයෙන් දැනුණු බව ඔබ දන්නවද? එම රළ ඉතා කුඩා වුණාට ඒ විසින් අපට කියා සිටි පණිවුඩය නම් සුළුපටු නැහැ. ලංකාව මියන්මාරය වගේ නොවුණත් අපි පොළොව සෙලවීමෙන් සිදුවන ස්වභාවික ව්‍යසනයන්ගෙන් සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව මතක තබාගන්න. මියන්මාරය මුළු ලෝකයටම කියන කතාවක් තිබෙනවා. භූ විවරයකින් අසීමිත ශක්තියක් නිදහස් කළා. එම නොගැඹුරු දරුණු විවරයෙන් පැනනැගි ශක්තිය සූදානම් නොවූ අයව කුඩුපට්ටම් කර දැමුවා. අපිට ඍජුව පොළොව සෙලවීමේ අවදානමක් නැති වුණාට දුරබැහැර සෙලවීමක කම්පනයෙන් ජනිත වෙන සුනාමි රළවලින් නම් මියන්මාරයට වඩා විනාශයක් සිදුවීමට හැකියාව තිබෙන බව මතක තබාගන්න. සොබාදහම මොන තරම් වියරුද සහ අනපේක්ෂිතද කියන බව 2024දී අපි හොඳින්ම අත්දුටුවා. මියන්මාරයට ජීවිත 1600ක් නැතිවෙද්දී විශාල රළවලට අපේ වටිනා මිනිස් ජීවිත 35000ක් අහිමි වුණා. එසේ නම් මියන්මාරයේ සිදුවීමෙන් අපට ඉගෙනගත හැකි පාඩම එයයි.

Nodutu Lokaya යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ බද්දෙන් ආර්ථික සුනාමියක් එනවා! ආණ්ඩුවට කල්තියා කිව්වත් සතපහකට ගණන් ගත්තේ නෑ! ලෝකයේ අනෙක් රටවල් අමෙරිකාව එක්ක සාකච්ඡා අරඹද්දී මාලිමා ආණ්ඩුව උද්දච්ඡ විදිහට හිටියා! 9 වැනිදයින් පස්සේ මොකද කරන්නේ? මම මෝදි අගමැතිතුමා හමුවූ අවස්ථාවේදීත් ඉල්ලුවේ අපිට ගොඩඑන්න උදව් කරන්න කියලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

Next Post

‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා…’! ආවෙත් පච විදලා – ඉන්නෙත් පච විද විද! විමල් සටන පටන්ගනී! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.