• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා…’! ආවෙත් පච විදලා – ඉන්නෙත් පච විද විද! විමල් සටන පටන්ගනී! Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා…’!  ආවෙත් පච විදලා – ඉන්නෙත් පච විද විද! විමල් සටන පටන්ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ලුණු සමාගමට අනුබද්ධව අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව පසුගිය 29 වැනිදා විවෘත කරනු ලැබුවා. ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් එම කර්මාන්තශාලාව මීට වසර කීපයකට පෙර තමන් අමත්‍ය ධුරය දැරූ සමයේ ආරම්භ කරන්නට සැලසුම් කළ එකක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. පසුගියදා පැවැති රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් වීරවංශ මහතා පළකළ අදහස් පහත දැක්වේ. Sri Lanka Latest News

‘මම ඇමැති කාලේ වාලච්චේන කඩදාසි සංස්ථාව අබලි යකඩවලට විකුණන්න තිබ්බේ. ඒක පටන්ගත්තා. දැන් හඳුන්නෙත්ති කියනවා ඒක එයා පටන්ගත්තලු. ලැජ්ජ නෑනේ හත්තිලව්වේ. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික දෙනවනේ. ඊයේ විවෘත කළා අලිමංකඩ ලුණු ලේවාය. මම තමයි කැබිනට් පත්‍රිකාව දැම්මේ. මම ඇමැති කාලේ තමයි වැඩ පටන්ගත්තේ. එතැනට අලිමංකඩ ජාතික ලුණු සංස්ථාව කියන නම දැම්මෙත් මම. කලින් තිබුණේ මන්තායි ලුණු කියලා. ඒ නම වෙනස් කරලා මම ජාතික ලුණු සංස්ථාව කියලා දැම්මා. නම වෙනස් කළා විතරක් නෙවෙයි අලිමංකඩ ලුණු ලේවාය පටන්ගන්න කැබිනට් පේපර් එක දැම්මා. ඒක අනුමත වුණා.

ඊට පස්සේ ඒ ආයතනයේම මුදල්වලින් හදන්න පටන්ගත්තා ගොඩනැගිලි සහ අනෙකුත් දේවල් ටික. දැන් මේගොල්ලෝ කියනවනේ මාස හයෙන් පුළුවන්ද වැඩ කරන්න, දරුවෙක් ඉපදෙන්නත් දස මාසයක් යනවනේ කියලා. එතකොට කොහොමද හඳුන්නෙත්ති මාස හයෙන් අර බිල්ඩින් ඔක්කොම හදලා ලුණු ලේවාය විවෘත කළේ? ඒක විතරක් කොහොමද මාස හයෙන් වෙන්නේ? මම පටන්ගත්තා, ඊට පස්සේ ආපු ඇමැතිලත් ඒක නැවැත්තුවේ නෑ කරගෙන ගියා. මේ යෝධයෝ එනකොට වැඩේ ඉවර වුණා. දැන් මේගොල්ලොනේ කිව්වේ යුද්ධේ ඉවරවෙන වෙලාවේ මහින්ද ජනාධිපති හැටියට හිටියයි කියලා. අරකෙත් වැඩ ඉවරවෙන වෙලාවේ හඳුන්නෙත්ති හිටියා කර්මාන්ත ඇමැති හැටියට. දැන් මගේම කලිසම උගේ වගේ ඇඳගෙන ඌ අගේට යනවා. යන ගමන් කෝචොක් එකකුත් දානවා ඔන්න අපේ වැඩ බලන්න අයියා කියලා. මෙච්චර විලිසංගයක් නෑනේ.

ඇඹිලිපිටිය කඩදාසි සංස්ථාව වහලා තිබුණේ. මැෂින්වල වයර් ඔක්කොම ගලවලා තිබුණේ. මම රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වයක් හැදුවා. මිලියන 500ක් නිකන් ඉඳලා කඩදාසි සංස්ථාවට මේ අවුරුද්දේ ලැබුණා ඒ ගහපු ගිවිසුම හේතුකොට ගෙන. ඒගොල්ලෝ ගෙඩිය පිටින් ඉල්ලුවා. මම කිව්වා එහෙම දෙන්න බෑ කියලා. රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වයක්. කඩදාසි සංස්ථාවටත් මේකෙන් ආදායමක් එන්න ඕනේ. එකඟ වුණා අන්තිමට අකැමැත්තෙන්. අස්සන් කළා ගිවිසුම. දැන් කඩදාසි හදනවා බංග්ලාදේශයට පැටෙව්වා. කොහොම නමුත් ඇඹිලිපිටිය කඩදාසි සංස්ථාව වැඩ. මිලියන 500ක් නිකන් ඉඳලා කඩදාසි සංස්ථාවට ලැබුණා ගිය අවුරුද්දේ. මේකටත් කොයි වෙලාවේ හරි හඳුන්නෙත්ති ගිහින් කියයි ඔන්න අපේ වැඩක් කියලා. ආවෙත් බොරුවෙන්, ඉන්නෙත් බොරුවෙන්. ආවෙත් පච විදලා. ඉන්නෙත් පච විද විද. ඒ නිසා මේ රැවටිල්ලට උත්තර දෙන්න ඕනේ. ඒ ප්‍රෝඩාවට උත්තර දෙන්න ඕනේ. ඒ වංචාවට උත්තර දෙන්න ඕනේ…..’

SendShareShare
Previous Post

මියැන්මාරයෙන් පසු ලංකාවද? Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ට ලෝකේ හතරවටෙන්ම ඇමතුම්! දැනටමත් බදු අඩු කරගන්න රටවල් 50කට වැඩියෙන් ධවල මන්දිරයට කෝල් කරලා! I Sri Lanka Latest News‍

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.