ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවන අවසන් පූර්ව තරගය එක ලකුණකින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව වසර 14කට පසුව පිවිසීමට අවස්ථාව උදා කර ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.
පාකිස්තානු පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් පමණි.










