• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති වුණාට පස්සේ සජිත් රටේ කරන්න යන පෙරළිය මොකද්ද? 175 වන ස්මාර්ට් පන්ති කාමරය තිරප්පනේ ගැමුණු විද්‍යාලයට දීලා සජිත් කරපු කතාවේ ඒක පැහැදිලිවම තියෙනවා! අහලා බලන්න! VIDEO I PHOTOS I Sri Lanka Latest News

May 7, 2024
in Exclusive
Reading Time: 25 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජරට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩම තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඒවා දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

ඊශ්‍රාලය වැනි රටවල වගාවට උචිත පරිසරයක් නොමැති වුවත් ඔවුන් වගාවට දක්ෂ බවත් බිංදු ජල, ක්ෂුද්‍ර ජල, උස්සාන ජල යෝජනා ආදිය උපයෝගී කර ගන්නා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ කන්න දෙකකට පමණක් සීමා වි ඇති අප රටේ කෘෂිකර්මාන්තයේ වගා චක්‍රය ශක්තිමත් කර අතරමැදි කන්නයක් වුව ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසීය. එසේම ගොවියාගේ භෝගවලට ස්ථාවර මිලක් ලැබිය යුතු බවත් එහි දී ගබඩා පහසුකම් නිවැරදිව කළමනාකරණය විය යුතු බවත් මේ තුළින් ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 175 වැනි අදියර යටතේ අද අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ඩොලර් බිලියන 100ක් ණය අප රටේ ජනතාව අසරණ වෙලා

අප රට ඇ. ඩොලර් බිලියන 100ක් ණය බවත් ණය බරතාව නිසා බොහෝ පවුල්වල කණකර දේපල ඉඩම් උකස් කර ඇති බවත් වචනයෙන් කියා නිමකළ නොහැකි දුකක් ජනතාව විඳින බවත් ජනතා දුක හඳුනන නායකයෙක් ලෙස තමා කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවට පත් වන බවත් මේ බංකොලොත් භාවයෙන් මිදෙන්න ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට කිසිදු නායකයෙක් ලබා නොදුන් අතිවිශිෂ්ට වර්තමානයක්, අනාගතයක් 41 ලක්ෂයක් දරු පරපුරටත් තාරුණ්‍යයටත් ලබා දෙන්න තමා කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න

සිංහල පමණයි දමිළ පමණයි කියන අය ඒවා කියන්නේ තමන්ගේ ඡන්ද මලු ගොඩ වැඩි කර ගෙන ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබා ගැනීමට බවත් භාෂාව, ජාතික සහ ආගම මේ අය සිය ඡන්ද එකතු කර ගැනීම සඳහා භාවිත කරන බවත් එය වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වර්ජනය කරන නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න

රටේ අධ්‍යාපනය දියුනු කරන්න යන විට විවිධ පාර්ශ්වයන්ගේ පෙළඹවීම් තුළ පාරට බැසීම, පාසල් ගිණි තැබීම, පාසල් විනාශ කිරීම, වර්ජනය කිරීම සිදු නොකරන ලෙසත් මෙසේ ජනතාව පාරට බස්සවන පුද්ගලයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ විදේශ විශ්වවිද්‍යාවල බවත් එම නිසා තවදුරටත් මොවුන්ගේ මේ වචන හරඹවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෞද්ගලික වි.වි. එපා කියන නායකයන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික වි.වි. වලට

රජයේ පාසල්වල දුවා දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගණක අධ්‍යාපනය අකැප වුවාට තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලැබීම සුදුසු බවට කාඩ්බෝඩ් සමාජවාදීන් සිතන බවත් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාවලට එරෙහිව මහපාරේ උද්ඝෝෂණ කළත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 වගේ මිරිගුවක් පස්සේ යන්න නම් එපා

2019 මිරිගුවක් පසුපස ගිය නිසා රටම බංකොලොත් වී ඇති නිසා 2024 දී හෝ සුහුරු රටක් බිහි කිරීම ආරම්භ කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බලයක් නොමැතිව දෙස් විදෙස් ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන සක්වල හා හුස්ම වැඩසටහන් කරන බවත් රජයෙන් අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් කරන මුදලින් මෙම ක්ෂේත්‍ර දියුණ කළ නොහැකි බවත් මේ අසාමාන්‍ය තත්ත්වය තුළ තීන්දු තීරණ ගත යුත්තේ රාමුවට කොටු වී නොව රාමුවෙන් පිටපැන අලුත් ආකාරයට සිතීමෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 175ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1925ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අද ශ්‍රීලනිපයට තීරණාත්මක දවසක්! විජයදාස දාපු නඩුවේ තීන්දුව අද දෙනවා! I Sri Lanka Latest News

Next Post

කැකිරාව සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය අසිත තනිප්පුලිආරච්චි ගිහින් උලංකුලමේ කිරි කම්හලක් නීති විරෝධීව සීල් තියලා! බලය ඉක්මවා යාමක්! වහාම සීල් කඩා විවෘත කරන්න! කැකිරාව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.