• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 10කට පසු යළ කන්නයේ කුඹුරු හෙක්ටෙයාර් 512,000ක් වගා කරයි! I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මේක නම් හොඳ වැඩක්! වගා නොකරන ඉඩම් රජයට පවරගන්න හදයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.Sri Lanka Latest News

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ යටතේ 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80%ක කෘෂි නිෂ්පාදන ඵලදාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නවීන තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගැනීම තුළින් අපනයනය ඉලක්ක කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඒ තුළින් ආනයන කෘෂි බෝග සීමා කිරීමටත් හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ‘වසරක ප්‍රගතිය’ මැයෙන් අද(17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක කාලයක් තුළ ගොවියාගේ ප්‍රශ්න කඩිනමින් විසඳමින් ඔවුන් නැවත වගා බිමට යොමු කිරීමට කටයුතු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්නා අවස්ථාව වන විට සහ මා කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාව වන විට රටේ තිබූ තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. ‍ගොවි ජනතාව පොහොර ඉල්ලමින් පාරවල්වල උද්ඝෝෂණ කළා. ජනතාව කෘෂිකර්මාන්තයෙන් බැහැර වුණා. ගොවි ජනතාව දැඩි ආවේගශීලීව කටයුතු කරමින් සිටියා. ගොවි පවුල්වල තරුණයන් ගොවි බිම් අතහැර, වෙනත් ප්‍රදේශවලට ගියා. ඇතැම් තරුණයන් රටත් හැර ගියා. එවන් තත්ත්වයක් තුළ ජනතාව නැවත ගොවි බිමට යොමු කිරීමේ ප්‍රධානතම අභියෝගය අපට තිබුණා. ජනතාව තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ගැන කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ. අඩුම තරමින් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නවත් ගොවීන් ආවේ නැහැ.
නැවත කුඹුරුවලට යන්න නම් පොහොර ලබාදෙන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. එම යල කන්නයේ හෙක්ටයාර් 2,75000 ක් වගා කරන්න සැලසුම් කර තිබුණා. නමුත් හෙක්ටයාර් 2,12000 ක් පමණයි වගා කර තිබුණේ. ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පොහොර මෙට්‍රික් ටොන් 6500 ක් ලබා දෙන්න කටයුතු කළා. නමුත් ඉන්දීය ණය පහසුකම යටතේ පොහොර ලබා දෙන්න බැහැ. ඕමාන්වලින් ගෙනා පොහොර තමයි අපට ලබා දුන්නේ.

ගොවි ජනතාව නැවත කුඹූරවලට ගියේ පොහොර නැවක් වරායට එන බව දැනගත් පසුවයි. මේ නිසා හෙක්ටයාර් 5,12000 ක් වගා කිරීමට හැකියාව ලැබුණා. වසර 10කට පසුව යල කන්නයේ වගා කළ වැඩිම හෙක්ටයාර් ගණන ලෙස එය ඉතිහාසගත වෙනවා.
ඒ වන විටත් ලෝක ආහාර අර්බුදයක් එන බවට අනතුරු අඟවා තිබුණා. කොහොම නමුත් ගොවි ජනතාව නැවත ගොවි බිමට යැවීමට අපට හැකි වුණා. එදා යල කන්නයේ යම් සාර්ථකත්වයක් ලබා ගත්තත්, පොහොර අර්බුදය නිසා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කිරීමට සිදුවුණා. ඒ අනුව ඩොලර් මිලියන 300ක් සහල් ආනයනය කරන්න රජයට සිදු වුණා. සත්ත්ව ආහාර සඳහා තවත් ඩොලර් මිලියන 100ක් පමණ වැය කළා. මාස් කන්නයේ සැලසුම්සහගත ලෙස වගා කිරීමට යූරියා සහ බණ්ඩි පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගත්තා. ගොවීන්ට අවශ්‍ය වගා කටයුතු කිරීමට ඉන්ධන, මූල්‍යමය සහනාධාර ලබා දුන්නා. කුඩා ගොවීන්ට වෙනම යූරියා පොහොර සහනාධාරයක් ලබාදීමට ද පියවර ගත්තා. ‍කාබනික පොහොර මෙන්ම අනිකුත් පොහොර ලබා ගැනීමටත් ගොවීන්ගේ ගිණුම්වලට මුදල් යොමු කළා. ජනාධිපතිතුමා අයවැයෙන් වෙන් කළ මුදල්වලට අතිරේකව තවත් විශාල මුදලක් ලබා දෙන්න කටයුතු කළා.
දැන් යල කන්නය ආරම්භ වෙලා තිබෙනවා. කන්න තුනකට පසුව මඩ පොහොර නොමිලේ ලබා දීමට පියවර ගත්තා. එතැනින් නතර වෙන්නේ නැතිව අලුතින් ආනයනය කරන යූරියා පොහොර රුපියල් 9000කට ලබා දෙනවා. බණ්ඩි පොහොර ලබා ගන්න හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 2000ක වවුචර් පතක් ලබා දෙනවා. ගොවි ජනතාව බලාපොරොත්තු නොවූ ආකාරයේ සහනාධාරයක් දැන් ලැබී තිබෙනවා. ඔවුන් නොමිලේ පොහොර ඉල්ලුවේ නැහැ. නමුත් ඉන්න තත්ත්වයෙන් තවත් ඉහළට ගැනීමට තවත් උදව් උපකාර කළ යුතුයි කියන මතයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටිනවා.
අපේ රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්න පුළුවන්කම තිබෙනවා. ඒක කරන්න අපහසු නැහැ. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙන ඒමට පියවර ගනිමින් තිබෙනවා. මෙහිදි නොයෙක් බාධා එන්න පුළුවන්. නමුත් නවීන තාක්ෂණය ඇසුරෙන් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට ගත හැකි සෑම පියවරක් ගනු ලබනවා. මේ කටයුතු කරගෙන යෑමේදී දේශපාලන කේෂ්ත්‍රය තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් විවිධ විවේචනය එල්ල කරන පිරිස් සිටිනවා. ආනයනය කළ පොහොර බාල ඒවා කිව්වා. අස්වැන්න ලැබෙන්නේ නැහැ කිව්වා. එවැනි චෝදනා එල්ල වුණා.
ගොවීන් අධෛර්යය කිරීමේ ඒ කටයුතුවල තවමත් අඩුවක් නැහැ. ඔවුන් කියන දේවල් නොතකා ගොවි ජනතාව යළිත් ගොවි බිමට ගිහින් තිබෙනවා. මේ වන විට අප ගොවිජන සේවා පනත සංශෝධනය කරමින් සිටිනවා. එමගින් දැනට ලබා දෙන සහනාධාරවලට අමතරව වෙනත් බෝග වගා කිරීමේදීත් සහන ලබා දීමට පියවර ගන්නවා. කුඹුරු වගා කිරීමේදී ලාභයක් ගන්න බැරි ප්‍රදේශ තිබෙනවා. ඔවුන්ට වෙනත් බෝග වගා කරන්න උදව් කරන්න රජය සූදානම්. ඔවුන්ට වෙනත් බෝග වගාවන්ට යොමුවීම හරහා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිතුමා බලයට පත් නොවෙන්න, මේ රටේ ගොවි ජනතාව කුඹුරු බිමෙන් ඉවත් වෙලා පමණක් නොව, විශාල පිරිසක් මේ වන විට දිවිනසාගෙන. ඒ වගේම අප ආහාර හිඟකම නිසා දුර්වල ජාතියක් බවට පත්වෙන්න ඉඩ තිබුණා.
මීට වසරකට පෙර ජනාධිපතිතුමා රට භාරගන්න වෙලාවේ ආහාර උද්ධමනය තිබුණේ 90%කට ආසන්න අගයක. මේ වන විට ආහාර උද්ධමනය 4.1%කට අඩුවෙලා. මෙරට කෘෂිකර්මානතයේ පුනරුදයක් ඇති කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කැපවු ගොවිජනතාවට මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ආචාරය සහ ප්‍රණාමය හිමි විය යුතුයි. ඒ වගේම ගොවි ජනතාව යළි වගා කටයුතුවල නිරත වූ නිසා රටට ඩොලර් මිලියන 400ක් ඉතිරි වෙලා තිබෙනවා.

රටේ තිරසාර ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සමගාමීව කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය සඳහා වූ ලේකම් කාර්යාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නා. විවිධ උප අංශවලට බලපාන විශේෂිත ගැටලු ඇතුළුව නවීකරණයේ විවිධ මානයන් හා සම්බන්ධ ගැටලු විසඳීම කෘෂිකර්ම අංශ නවීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ ප්‍රධාන වගකීම වෙනවා. කාලානුරූපී ක්‍රියාමාර්ග සහ කාර්යසාධන මිණුම් සලකුණු සමඟ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා එක් එක් උපඅංශ සඳහා මාර්ග සිතියම් සකස් කිරීම එමඟින් අපේක්ෂා කරනවා.
මෙම වගකීම විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම විෂයට අදාළ සියලු අමාත්‍යාංශ, පුද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් මෙම කෘෂිකර්ම නව්‍යකරණ මහ ලේකම් කාර්යාලය පිහිටුවා තිබෙනවා. නවීන තාක්ෂණය භාවිතයෙන් කෘෂිකාර්මික, ධිවර හා සත්ත්ව නිෂ්පාදන යන අංශයන්හි නිෂ්පාදන හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීමත්, ගොවියාගේ අදායම වැඩි කිරීමත්, අපනයන ආදායම වැඩිකිරීමත් යන කරුණු පදනම් කරමින් මෙම කෘෂිකර්ම නව්‍යකරණ මහලේකම් කාර්යාලය මේ වසරේ මැයි 31 දින සිට ක්‍රියාත්මකයි.
තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුලින් වර්ෂ 2048 වන විට “සංවර්ධිත ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම සඳහා, අපනයනය ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදයන් බිහි කිරීම, දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා තරුණ පිරිස, “නව තාක්ෂණය හා බැඳුනු කෘෂි ව්‍යවසායකයින්” බවට පත් කිරීම යන අරමුණු සපුරා ගැනීම හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු ආයතන නියාමනය කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමට ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සකස් කරමින් තිබෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව 2023 අගෝස්තු මස අවසන් වන විට නිම කිරීමට නියමිතයි.
ඒ වගේම මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7 ක් පමණ වනවා. හම්බන්තොට තෝරාගත් ගොවීන් විසින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම තුළින් සහ සහ ගුණාත්මක බීජ ද්‍රව්‍ය භාවිතයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 10.25 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එනිසා වී සඳහා දැනට පවතින සාමාන්‍ය වාර්ෂික අස්වැන්න මෙ.ටො. 3.7 සිට මෙ.ටො. 7.4 දක්වා කන්න 06 කින් දෙගුණ කිරීම මුලික ඉලක්කයයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය බඩඉරිඟු අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7 ක් පමණ වෙනවා. එය 2026 වසර අවසන් වන විට මෙ.ටො. 60 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. එසේම අනෙකුත් බෝග සඳහා ද පළාත් සභාව, රේඛීය අමාත්‍යාංශය සහ මධ්‍යම රජයේ, පෞද්ගලික අංශයේ සහ විශ්වවිද්‍යාලවල, දෙපාර්තමේන්තුවල සහභාගීත්වයෙන් සෑම පළාතකම භෝග සහ පශු සම්පත් යන දෙකටම නියමු ව්‍යාපෘති ලෙස අධිතාක්ෂණික ආදර්ශ වගා බිම් පිහිටුවීමට කටයුතු කරනවා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න, පොහොර සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-17

SendShareShare
Previous Post

සෞඛ්‍ය ඇමැතිට විතරක් නෙමෙයි හරිනම් ආණ්ඩුවටම විශ්වාසභංගයක් ගේන්න ඕන! හැබැයි හෝම්වර්ක් නොකර මේ වෙලාවේ විශ්වාසභංගයක් ගේන එක ගැන දෙපාරක් හිතන්න ඕන! මොකද මටත් එකක් ආවනේ…! ‌ VIDEO I Sri Lanka Latest News

Next Post

මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න! මුන්ගේ පැමිණිල්ලක්වත් ලියාගන්න එපා! හයිකරන්න බැරි නම් ගෙනාවේ තමුන්ගේ අම්මා අප්පගේ බූදලේද? අනම් මනම් ටෝක් දාන්න එපා කන පැලෙන්න ගහනවා! රාජ්‍ය ඇමැති චාමර පොස්පේට් සමාගම බලන්න ගිහින් නිලධාරියෙකුට දෙනෝදාහක් මැද බැනවැදුණු වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.