• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩ්ඩු වාර්තා වෙනවා වැඩියි! ඩෙංගු මර්දනයට ආණ්ඩුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස්!

May 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වසර 12කට පසු ඩෙංගු iii ප්‍රබේදය හිස ඔසවයි! මාස 4ට ‌ලෙඩ්ඩු 29,000ක්!
Share on WhatsAppShare on Facebook

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ජුනි- ජූලි මාසවලදී රෝගීන් 11,000 බැගින් වාර්තා වූ අතර මේ වසරේදී එම සංඛ්‍යාව ඉක්මවා යාමට ඇති හැකියාව පාලනය කිරීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව ද ඒ මහතා පැවසීය.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෑම සිකුරාදා දිනයක්ම පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ආමාත්‍යාංශය මේ වන විට යෝජනා කර තිබෙන බව ද ඔහු සඳහන් කර සිටියි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි නවතම දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගල මරණ 22ක් වාර්තා වන අතර, 2023 ජනවාරි මස සිට මැයි 16 වනදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී ඇත.

ඒ අනුව බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම ගණන 17,049කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7,797ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 7,219ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 2,033ක්ද වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2463ක්ද වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මගින් අද (16) වන විට නිකුත් කර ඇති දත්තවලට අනුව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය ඇමුණුම් අංක 01හි දක්වා ඇත.

එමෙන්ම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරන අන්දමට මේ වන විටත් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය, ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-16

SendShareShare
Previous Post

උසස් පෙළ කාලෙදි කරන්ට් කපන්න එපා කීම! විදුලි බිල වැඩි කිරීම කොමිසම හරහා යා යුතුයි කීම! ජනකට එරෙහි ආණ්ඩුවේ චෝදනා දෙක මෙන්න! මහබැංකුව ස්වාධීන කරන්න කතා කරන ආණ්ඩුව ස්වාධීන සභාපතිවරු එළවන්න හදනවා! මේක දේශපාලනිකව වැරදියි! ‌’ශිරාණි බණ්ඩාරනායක නම්බර් II’ වෙන්නත් පුලුවන්! මහින්දගේ ආණ්ඩුව වැටුණෙත් ඒකෙන්! ඒ නිසා පොහොට්ටුවේ අය මේ එවන හැම එකකටම අත උස්සන්න එපා! VIDEO

Next Post

මම ඉරිදා එනවා! බුදුන් වහන්සේට නිග්‍රහ කරලා සිංගප්පූරු පැන්නා කියපු ජෙරම් ට්විටර් පණිවුඩයක් තියයි!

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.