මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ආණ්ඩුව දරන ප්‍රයත්නය නෛතිකව නිවැරදි වුවද එය දේශපාලනිකව වැරදි බව මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
ඒ මහතා කියා සිටියේ මෙය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සිදුවීම හා සමාන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්නට එය එක් හේතුවක් බවත් ඒ මහතා කියා සිටියේය.










