• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහිදු හිමි වැඩි බිම ඉපදුන නිවත්තකචේතිය පිං බිම I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය පාසල් වංශකතාවේ වසර 89ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර නගරයට ආසන්න පිහිටි පාසලක් වශයෙන් මෙම කතා වස්තුවට වස්තු බීජය වන අප පාසල හැඳින්විය හැක.(Sri Lanka Latest News) ප්‍රදේශයේ කීර්තිධර මහා සංඝරත්නයක් වූ අතිපූජ්‍ය බූස්සේ ධම්මරක්ඛිත ස්වාමින්වහන්සේ විසින් 1934 දී මෙම පාසල බෞද්ධ පාසලක් ලෙස සිසුන් තිදෙනකුගෙන් ආරම්භ කරන ලදී. බෞද්ධ පසුබිමකින් පැවැත එන මෙම පාසල් වංශකතාවේ පාසල් භූමිය මහින්දාගමනය සමග දක්වන සම්බන්ධතාව ඉතා සුවිශේෂ වේ. මිහිඳු මාහිමියන් මිහින්තලාවට වැඩම කළ මොහොතේ විවේක ගන්නා ලද භූමිය තුළ මෙම පාසල පිහිටා ඇති බව පුරාණෝක්තිවල සඳහන් වේ. මෙම පාසල පිහිටි භූමිය පින්වන්ත භූමියක් ලෙස අදටත් සලකනුයේ ඒ හෙයිනි.

වසර 89ක දීර්ඝ ඉතිහාසයක් තුළ අප පාසල ලද ජයග්‍රහණ බොහෝය. වර්තමානය වන විට පාසල මහා විද්‍යාලයක් (ජාතික පාසලක්) දක්වා සංවර්ධනය වී ඇත්තේ ගුරු – සිසු ප්‍රජාවගේ තිබෙන පූර්ණ දායකත්වය නිසාය. වර්තමානය වන විට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 5000ක් පමණ අප පාසලේ අධ්‍යාපනය ලබයි. සෑම දිනකම පෙ.ව.7.30 සිට ප.ව.1.30 දක්වා ලබන විධිමත් විෂය දැනුමත් පස්වරු 1.30න් පසුව ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් අප පාසලේ අධ්‍යාපනය විශිෂ්ටත්වයට හේතු වී ඇත. මේ අනුව පාසලක් වශයෙන් ශිෂ්‍යයකුගේ සමබර පෞරුෂත්වයට දක්වන දායකත්වය ඉතා සුවිශේෂ වේ.

පාසලේ මානව සම්පත පිළිබඳ විග්‍රහ කර බලන විට වර්තමාන ගරු විදුහල්පති එස්.එම්. කුසුම් තිලක් මැතිඳුන්ගේ දර්ශනය හා නායකත්වය තුළ විද්‍යාලය ලක් අඹරේ සුවිශේෂ පාසලක් බවට පත්කිරීමට හැකියාව ලැබී ඇත. විදුහල්පතිතුමාගේ දර්ශනයට හා නායකත්වයට විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය දක්වන දායකත්වය සුවිශේෂ වේ.

විද්‍යාලයක් වශයෙන් අප ලද ජයග්‍රහණයන් බොහෝය. අධ්‍යාපනික වශයෙන් ලබන ජයග්‍රහණය වනුයේ වාර්ෂිකව විශ්වවිද්‍යාලයට ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාවයි. සෑම වසරකම සිසුන් 70 දෙනකු පමණ අප විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය උදා කරගනී. විද්‍යාව, ගණිත, කලා, වාණිජ යන උසස් පෙළ අංශයන් මේ සඳහා දරන දායකත්වය ඉතා සුවිශේෂ වේ. එලෙසම අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතරින් උතුරුමැද පළාතේ පාසල් අතර ප්‍රමුඛ පාසලක් වේ. විෂයයන් 9 සඳහා විශිෂ්ට සාමාර්ථයන් ලබන සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවීමේ ප්‍රවණතාව දත්ත පරීක්ෂා කිරීමෙන් පෙනී යයි.

අප පාසලේ අනෙක් සුවිශේෂතාව වනුයේ ශ්‍රී ලංකාවේ මිශ්‍ර පාසල් අතුරෙන් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අතරින් 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර උතුරුමැද පළාතේ දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත. 2023 ශිෂ්‍යත්ව ප්‍රවේශ ලකුණු ප්‍රමාණය 166කි. මෙය දෙවැනි වන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පමණයි.

විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් 2023 වර්ෂයේ දී ලබාගත් ජයග්‍රහණ අතර සෞන්දර්ය හා ක්‍රීඩා යන අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ 14ක් උරුම කරගෙන ඇත. ඈත අතීතයේ සිටම විද්‍යාලයේ සෞන්දර්ය අංශය මෙම විශිෂ්ටතාව රැකගෙන ඉදිරියට පැමිණ ඇත.

විද්‍යාලයීය විශිෂ්ට අධ්‍යයන ව්‍යවහාර වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ අතරින් සුවිශේෂ වනුයේ ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සිසු ආරක්ෂණ Digital card system එකයි. දැනට මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන උතුරුමැද ප්‍රථම පාසලයි. මෙයින් සෑම ශිෂ්‍යයකුගේම පාසලට පැමිණීම, වාර විභාග ලකුණු, පැමිණීමේ ප්‍රතිශතය ආදිය ස්වයංක්‍රීයව තම නිවෙස වෙත ගෙනයාමේ ක්‍රමවේදයක් මෙහිදී මූලික වශයෙන් ක්‍රියාත්මක වේ.

එලෙසම 6-7 ශ්‍රේණිවල සිසුන් සඳහා සතියේ දින 5 පුරාම ප.ව.1.30 – 3.30 දක්වා විදේශ භාෂා ඉගෙනීමේ වැඩසටහන ඉතා විශිෂ්ට අධ්‍යයන ව්‍යවහාරයකි. මේ අනුව හින්දි, ජර්මන්, ප්‍රංශ, ඉංග්‍රීසි, දෙමළ යන භාෂාවන් හැදෑරීමේ අවස්ථාව ශිෂ්‍යයන්ට හිමි වී ඇත.

එසේම පාසල තුළ ක්‍රියාත්මක වන අනෙක් විශිෂ්ට අධ්‍යාපන ව්‍යවහාරය වනුයේ ‘සෑම දරුවකුටම ව්‍යවසායකත්ව අධ්‍යාපනය’ යන්නයි. මේ සඳහා උසස් පෙළ වාණිජ අංශය ප්‍රායෝගික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.ඒ තුළින් වාර්ෂික වාණිජ දිනය, වාර්ෂික වාණිජ පොළ හා ප්‍රදර්ශනය ඉතා සුවිශේෂ වේ.

පාසලේ සියලු කටයුතු මනා ලෙස සම්බන්ධ කරමින් තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ අපගේ විද්‍යාලයේ ප්‍රතිනාද මාධ්‍ය ඒකකයයි. විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ප්‍රධාන අංශ හයකින් සමන්විත වේ.

මේ අංශ වනුයේ,

  1. නිවේදන සංසදය
  2. මාධ්‍ය තාක්ෂණික සංසදය
  3. ඡායාරූපකරණ හා වීඩියෝකරණ සංසදය
  4. කාටූන් හා හඬකැවීම් සංසදය
  5. සංස්කරණ ශිල්පීන්ගේ සංසදය
  6. මාධ්‍ය හා කලා නිෂ්පාදන සංසදය

මේ අංශ පදනම් කරගෙන මේ වන විට ජාතික මාධ්‍ය තලයට බිහිකර ඇති විශිෂ්ටයන් බොහොමයක් වේ.

මෙම සියලු අධ්‍යාපන විශිෂ්ට ව්‍යවහාරයන් අගයනු වස් 2024 පෙබරවාරි මස 28 වැනි දින ප.ව. 5.00ට උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කොරකහවැව පිහිටි උතුරුමැද පළාත් සභා නව රංග ශාලාවේදී විද්‍යාලයීය වර්ණ රාත්‍රිය සංවිධාන කොට ඇත. මෙම වර්ණ රාත්‍රියේදී ගුරු-සිසු කුසලතා ඇගයීමක් සිදුවන අතර, එය ඉතා විශිෂ්ට අයුරින් සිදුකිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉන්දික දිසානායක,
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ආචාර්ය,
අ/නිවත්තකචේතිය ජාතික පාසල

SendShareShare
Previous Post

අනුර ඩුමුක අමුල් අමුල්… හැමෝම කතා කරන මොකක්ද මේ අමුල්? I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකත් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.