ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය ව්‍යාපාරික අදානි ගෞතම් මහතා අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවිය.
මෙහිදී මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම බාරගෙන සිටින අදානි සමාගම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට ඇත.










