සීදූව කොටුගොඩ මාර්ගයේදී අද දහවල් යතුරුපැඳියකින් ගමන් කරමින් සිටි පස් ව්‍යාපාරික තරුණයකුට පිටුපසින් යතුරු පැඳියකින් පැමිණි නාඳුණන පුදුගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව සීදූව පොලීසිය පවසයි.Sri Lanka Latest News
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මව සමගින් යතුරුපඳියෙන් නිවස කරා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
වෙඩි වැදී බිමවැටී සිටි තුවාලකරු සීදූව පොලීසියේ සහය ඇතුව ප්‍රදේශවාසීන් රාගම රෝහල වෙත ගෙනගොස් ඇතුලත් කර ඇත.
එම තරුණයා සමග යතුරු පැඳියේ ගමන් කළ මවට වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුනොවී ඇති බවද අණාවරනය වේ.










