යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට තරුණයින් දස දෙනෙකු පමණ ඇයව සමූහ දූෂණයකට ලක්කළ බවට පේදුරුතුඩුව පොලීසියට ඊයේ (23) පැමිණිලි ලැබී තිබේ. (Sri Lanka Latest News)
පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසියට හෙළිවී ඇත්තේ මීට පෙරද අදාළ තරුණයන් විසින් මේ වසරේ ජනවාරි මාසයේදීම එම කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කොට ඇයට මේ ගැන කිසිවකුට නොපවසන ලෙස බලකොට මරණීය තර්ජන එල්ල කර ඇති බවයි.
මව හා පියා මියගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත්වී ඇති අතර, ඇයද පසුගිය වසරේදී මියයෑමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇත.
තරුණයන් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කොට ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදීය.
මෙවරද ඇයගේ නිවසට පැමිණි තරුණයන් පිරිසක් ඇයට සිහි මඳ වෙන්නට කිසියම් මත්ද්‍රව්‍යයක් බලහත්කාරයෙන් එන්නත් කොට ඇයව සමූහ දූෂණයට ලක්කොට තිබේ.
සමූහ දූෂණයට ලක්වීමෙන් පසුව බරපතළ ලෙස රෝගී වූ මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිවී තිබේ.
දූෂණයට ලක්වූ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
lankasara