කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.Sri Lanka Latest News
අද (07) පස්වරු 2.00 සිට හෙට (08) පස්වරු 2.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම නිවේදනය නිකුත් කර ඇත.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රිත්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.










