මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතර යෙදුණු සංචාරයකදී අනාවරණ කළේ ඉකුත් මාසයේදීය.Sri Lanka Latest News
පසුගිය මස 24 වැනිදා මාතර සංචාරය කරමින් නිල්වලා ලවණ බාධකය නිරීක්ෂණය කළ විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අදහස් දැක්වීමට පියවර ගත්තේය.
විපක්ෂනායකවරයා මීට පෙරද මේ ආකාරයෙන්ම කොරෝනා වසංගතය ලංකාවට පැමිණීය හැකි බවට කල්තියා අනතුරු ඇගවූවද එවක රජය ඒ පිළිබද තැකීමක් කොට තිබුණේ නැත.










