• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂර්මලාට බැරි වුණාට ලොයිඩ්ටයි-අර්ජුනටයි කැන්ගරුවන් දණ ගස්සන්න පුළුවන් වුණා I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උස අඩි 6 සහ අඟල් 4ක් යැයි කියන්නේ සැබෑ ලෙසම දේහධාරී ශරීරයකි. ඔහුගේ ගතින් පැනනගින ඊතලයක වේගයත්, ශරීර ශක්තියත් ගැන වෙනත් කියන්නට වදන් නැත. ඔහු සැබැවින්ම ක්‍රිකට් ක්‍රීඩාව කණපිට හැරවූ අරුම පුදුම මිනිසෙකි. එසේම වීරයෙකි. නිරන්තරයෙන්ම ඔහුගේ දෙනෙතේ උපැස් යුවලක් විය. එය දුටු විට යමෙකුට හැඟෙන්නේ මෙතරම් විශාල උපැස් යුවලක් පලඳමින් ක්‍රීඩා කරන්නේ කෙසේදැයි කියාය.(Sri Lanka Latest News)

එහෙත් එය ඔහුට බාධාවක් නොව ආශීර්වාදයක් විය. තම කුඩා කාලයේදී පාසලේ දරුවන් කිහිප දෙනකු සමග ඇතිකරගත් ආරවුලකදී ඔහුගේ දෙනෙත්වලට හානියක් සිදුවුණේ යැයි අතීත වගතුගක් ඇත. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින මෙම පතාක යෝධයා කවරෙක්ද? ඔහුගේ නාමය නම් ක්ලයිව් ලොයිඩ් :ක්‍කසඩැ ඛකදහා* වෙයි. බි්‍රතාන්‍ය, ගයනා රාජ්‍යයේදී උපත ලබා ඇති ඔහු අද මෙලොව සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස සැලකිය හැකිය. ක්ලයිව් ලොයිඩ් දැනට 79 වැනි වියෙහි පසුවන වැඩිහිටියෙකි. වියපත් මිනිසෙකි.

ක්ලයිව් ලොයිඩ් යනු 1966 වසරේ සිට 1985 වසර දක්වා නොකඩවාම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. මෙම කාලයෙන් 1974 සිට 1985 දක්වා ඔහු නොකඩවාම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය. එනම් ක්ලයිව් ලොයිඩ් වසර 12ක් පුරා දීර්ඝව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම බොහෝ සක්‍රීය සාර්ථකත්වයක් කරා පැමිණියේය. එහෙයින්ම ලෝකයේ පැවැති ක්‍රිකට් තරගාවලි රාශියකින්ම උපරිම ජයග්‍රහණයන් ලබාගැනීමට හැකි විය.

එකල වයස අවුරුදු 22ක් වූ මෙම සුවිශේෂ තරුණයා මුලින්ම සහභාගි වුණේ ඉන්දියාවේ පැවැති තරගාවලියකටය. 1966 වසරේ නොවැම්බර් 28 වැනිදා අලුයම වේලාවක බොම්බායේ සැන්ටා කෲස් ගුවන් තොටුපළෙන් ක්‍රිකට් ලොව නම රැන්දූ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට ගොඩබසින ලද්දේ තරග තුනකින් සමන්විත පූර්ණ ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමටය. බටහිර ඉන්දීය කොදෙව්වන්ට සෑම අවස්ථාවකදීම ඉතා ආකර්ෂණීය ක්‍රීඩා රටාවක් උපතින්ම උරුම බැවින් ඉන්දියානු ක්‍රිකට් ලෝලීහු මෙම තරගාවලිය දෙස දෑස් දල්වාගෙන මහත් බලාපොරොත්තුවකින් බලා සිටියහ.

ඒ වන තෙක්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ නැත. කොදෙව්වන්ගේ අසීමිත දස්කම් ගැන ඉන්දියානුවෝ හොඳින්ම දැන සිටියහ. එවර ඉන්දියාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නිසි අනන්‍යතාවක් නොදන්නා නවක ක්‍රීඩකයන් කිහිප දෙනකුද විය. මෙම නවක ක්‍රීඩකයන් කිහිපදෙනා අතරින් උස් සිරුරක් තිබුණු උපැස් යුවලක් පැලඳ සිටි ක්‍රීඩකයා ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කළහ. මෙම අපූරු තරුණයා ක්ලයිව් ලොයිඩ් නම් විය.

ක්ලයිව් ලොයිඩ් නමැති මෙම සුවිශේෂ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත කතාව ග්‍රන්ථ දෙක තුනකින් ලියා තැබිය හැකි වගතුගකි. එවැනි ග්‍රන්ථයක් සංස්කරණය වී ඇති ආකාරයද දක්නට හැකිය. එහෙත් අද අප මෙහිදී කියා සිටින්නේ එම දීර්ඝ කතාවෙහි එක් පරිච්ඡේදයක් ගැන පමණය. මුලින් ටෙස්ට් වරම් හිමි නොවුණු මෙම ක්‍රීඩකයා ගැන ක්‍රීඩාලෝලීන් එතරම් බලාපොරොත්තුවක් නොතැබීය. එහෙත් ඔහුට ටෙස්ට් වරම් හිමිවිය.

මේ වටපිටාව යටතේ ඔහු ටෙස්ට් ක්‍රීඩකයකු ලෙස තම දස්කම් ඉහළින්ම පෙන්වන්නට ගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නවකයකුගේ තිගැස්මක් හෝ නොඉවසිලිමත් බවක් තරුණ ලොයිඩ්ගෙන් දක්නට නොහැකි විය. ඉන්දීය තරගාවලියේදී පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 82ක් ඔහු රැස් කළේ හතරේ පහර ගණනාවක් එල්ල කරමිනි. ඉන්දීය පන්දු යවන්නන්ටද ලොයිඩ්ගෙන් කිසිම සමාවක් නොවීය. ක්ලයිව් ලොයිඩ්ගේ දක්ෂතා නැරැඹීමට ක්‍රීඩකයෝ දහස් ගණනින් ක්‍රීඩාංගණ වෙත එක්රොක් වූහ.

මෙම සුවිශේෂ දක්ෂතා නිසාම 1974 වසරේ බැංගලෝරයේ පැවැති ටෙස්ට් තරගාවලියේ සිට ක්ලයිව් ලොයිඩ්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයේ කටු ඔටුන්න ඔහුගේ හිස මත තැබීමට කොදෙව් බලධාරීන් තීරණය කළේය. මෙම සිදුවීම ඔහුගේ ජීවිතයේ සංක්‍රාන්තියක් මෙන්ම හැරවුම් ලක්ෂ්‍යයක්ද විය. එසේ කොදෙව් දේශයේ ක්‍රිකට් නායකත්වයට අත්පොත් තැබූ ක්ලයිව් ලොයිඩ් ඉන් පසුව 1975 සහ 1979 යන ලෝක කුසලාන තරගාවලි දෙකෙහිම පහස කොදෙව් දේශයට ලබා දුන්නේ එම තරගාවලීන් උපරිම අයුරින් ජයග්‍රහණය කරමිනි. 1975 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පන්දු 85කින් ලකුණු 102ක් රැස්කර ගැනීමට ලොයිඩ් සමත්වීම නිසා අවසන් තරගය ජයග්‍රහණය කළේය.

ලෝකයේ සිටින මෙම සුවිශේෂ මහා ක්‍රිකට් තරුව ගැන මෙසේ යම් වගතුගක් ලියා තබමින් මෙම කතාව ආරම්භ කළේ ඇයි? එනම් එයට හේතු වූයේ පසුගියදා සිදුවූ එක්තරා සිදුවීමකි. පසුගියදා ඉන්දියාව පරාජය කරමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තේය. මේ වන විට ඔස්ටේ්‍රලියාව 6 වතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට වාසනාවන්ත විය. එහෙත් ලෝක කුසලාන අවසාන තරග දෙකකට සහභාගි වූ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පරාජය කිරීමට හැකි වූයේ කණ්ඩායම් දෙකකට පමණි. ඒ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාවය.

ඒ සඳහා පෙරමුණ ගත් සුවිශේෂ ක්‍රිකට් නායකයන්ද දෙදෙනකු විය. ඒ මෙහිදී ඉහත සඳහන් කළ ආකාරයෙන් ප්‍රථම ලෝක කුසලානය (1975) දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සහ 1996දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක අර්ජුන රණතුංගය. මෙම නායකයන් එම වසරවලදී එම කණ්ඩායම් සඳහා ලබාදුන් සුවිශේෂ නායකත්වයන් නිසා බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයත්, ශ්‍රී ලංකාවත් ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමට සමත් වුණේය. මෙම දෙවතාවෙහිදීම පරාජයට පත්කරන ලද්දේ ඔස්ටේ්‍රලියාව වන අතර, මෙහිදී අපට එම වගතුග වැදගත් වන්නේ එම ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලංකාවද සම්බන්ධ වී තිබීම හේතුවෙනි.

එනම් එහිදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් එකල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සිදුකළ මෙහෙවර අතිශය විශිෂ්ටය. ඔහු 1996දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා ගෙන යෑමට අතිශය මහත් කැපකිරීමක් සිදුකළේය. ක්‍රිකට් කණ්ඩායමක් තුළ තිබිය යුතු සියලු උසස් ගුණාංග ඔහු ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළේය. එසේම අර්ජුන රණතුංග සතුව මෙහෙයවීමේ විධායකත්වයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙන ගියේය.

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ මේ වන විට එක්දින තරග (ODI) ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලීන් 13ක් පවත්වා ඇත. මෙම තරගාවලිය මුලින්ම ආරම්භ කර ඇත්තේ 1975 වසරේදී වන අතර මෙම ලිපියේ මුලින් ඔබට සඳහන් කළ පරිදි එම ප්‍රථම තරගාවලියේ ජයග්‍රාහකයන් වූයේ ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොදෙව් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමයි.

මෙම පැවැති තරගාවලීන් 13න් 6ක්ම දිනාගෙන ඇත්තේ ඔස්ටේ්‍රලියාව වීම සුවිශේෂ වගතුගකි. එනම් එහිදී ක්‍රිකට් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන මතයක් වන්නේ ලෝකයේ මෙතෙක් ඇති ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම වන්නේ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම බවයි. කෙසේ හෝ එම මතය ඕනෑම අයෙකුට අවිවාදයෙන් පිළිගත හැකිය. මෙලෙස තරගාවලීන් 13 ජයග්‍රහණය ලැබූවන්ගේ ලැයිස්තුව සොයා බලමු.

• 1975 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
• 1979 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
• 1983 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
• 1987 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
• 1992 – පාකිස්තාන කණ්ඩායම
• 1996 – ශ්‍රී ලංකා කණ්ඩායම
• 1999 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
• 2003 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
• 2007 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
• 2011 – ඉන්දියානු කණ්ඩායම
• 2015 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම
• 2019 – එංගලන්ත කණ්ඩායම
• 2023 – ඔස්ටේ්‍රලියානු කණ්ඩායම

මේ ආකාරයට බැලූ විට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මෙතරම් බලවත් ආකාරයෙන් ක්‍රිකට් ජයග්‍රහණයන් හිමිකරගෙන ඇති අයුරු අපට දක්නට හැකිය. මෙහිදී අපට තවත් සුවිශේෂ පුවතක් ලෙස අසන්නට ලැබෙන්නේ මෙවර 2023 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය උදෙසා ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිව ඇති ත්‍යාග මුදලයි. මෙය මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ පිරිනමන ලද විශාලතම ත්‍යාග මුදල වශයෙන් සැලකෙන අතර, එම මුදල ඇමෙරිකානු ඩොලර් 42,80,000ක් වන අතර, එය ඩොලර් මිලියනවලින් 4.3කට ආසන්නය. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1,350කට අධික ප්‍රමාණයකි. එනම් රුපියල් කෝටිවලින් නම් කෝටි 135ක් වැනි සුවිශාල මුදලකි.

කෙසේ හෝ මෙම ලෝක ක්‍රිකට් කුසලාන පුරාවෘත්තයට අපගේ ශ්‍රී ලංකාවටද දායක වන්නට ලැබීම අප රටට සුවිශේෂ සිහිවටනයකි. ලෝකයේ රටවල් රාශියක්ම මෙම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වී සිටියද එයින් ජයග්‍රහණයේ මුදුන් පෙත්තටම යන්නට හැකිව තිබෙන්නේ රටවල් අතලොස්සකට පමණයි. එම රටවල් ස්වල්පය අතරින් ශ්‍රී ලංකාවද කිරුළු දැරීම මහත් සතුටකි. ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලානය දිනාදීමට පෙරමුණ ගත් සුවිශේෂ මිනිසා අර්ජුන රණතුංග බව අප අමතක කළ යුතු නැත.

අර්ජුන රණතුංග දැනට 59 වැනි වියෙහි පසුවන අතර, ඔස්ටේ්‍රලියානුවන් පරාජයට පත්කළ අනෙක් සුවිශේෂ මිනිසා ක්ලයිව් ලොයිඩ් දැනට 79 වැනි වියෙහි පසුවෙයි. දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 20ක් බව පෙනීයයි. කෙසේ හෝ ලොව බලවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් වූ ඔස්ටේ්‍රලියානුවන් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිව තිබීම අප රටට අමරණීය මෙන්ම වාර්තාගත සිදුවීමක්ද වෙයි. ක්‍රිකට් ක්‍රීඩාව යනු ඉතා දැඩි කැපවීමකින් යුතුව දීර්ඝ වේලාවක් පුරා තම ශ්‍රමය සහ මනස කැප කළ යුතු ක්‍රීඩාවකි. එහෙයින් එය අනෙකුත් ක්‍රීඩාවලින් වෙනස් වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

Next Post

පෙට්‍රල් 10කින් ඩීසල් 27කින් අඩු කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.