• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජනාධිපතිවරණයට දවස් 365යි! රනිල්ගේ තටු හැලෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

August 19, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ජනාධිපතිවරණයට දවස් 365යි! රනිල්ගේ තටු හැලෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව අගමැති රනිල් ඉවත් කරලා මහින්දව අගමැති ධුරයට පත් කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ හරියටම 2019 ජනාධිපතිවරණය පවත්වන්න දවස් 365 පිරුණාමය. 2019 ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කළේ 2019 සැප්තැම්බර් 18ය. 2018 සැප්තැම්බර් 18 වන විට මෛත්‍රිපාල හිටියේ දේශපාලන උමතුවකින්ය. මේ වෙනකොටත් ඔහු 2019 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකයා වෙන්න දතකට මැදගෙන සිටිය රනිල් යූ.ඇන්.පී. නායකත්වයේ හිටියොත් යූ.ඇන්.පී.යෙන් පොදු අපේක්ෂකකම ගන්න බැරි බව ඔහු තේරුම් ගත්තේය.Sri Lanka Latest News

‘තව මට තියෙන්නේ දවස් 365යි…’

ඔහු ඔහුව හමුවීමට එන ඔහුගේ සගයන්ට කිව්වේ කරකියා ගන්න දෙයක් නැතිවය.

‘දවස් 365ට කලින් ඔබතුමා මොනවා හරි නොකළොත් ඊළඟ ජනාධිපතිකම මිස් වෙනවා…’

ඔවුහු මෛත්‍රීට කනට කර කීහ.

‘රනිල්ව අයින් කරලා මහින්දව අගමැති කළොත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකකම අරන් දෙන්නම්…’

මේ, අන්ත අසරණ වෙලා කරකියාගත හැකි දෙයක් නැතිව සිටි මෛත්‍රීපාලට රාජපක්ෂලා දුන්න දිරච්ච ලණුවය.

‘ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න දඟලනවා…’

මෛත්‍රිපාල ඒ දවස් 365ට බයේ නටපු නැටිල්ල දැකලා දේශපාලනය දන්න කියන උදවිය කීවේ එහෙමය. ඔහු කොයි තරම් දේශපාලන වශයෙන් උමතු වුණාද කියනවා නම් ව්‍යවස්ථාව බල්ලට දමලා මහින්දව අගමැති කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔහු ඒ කුමන්ත්‍රණය කළේ 2019 ඔක්තෝබරයේය. හරියටම ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන් දින ගණන ගණන් හදලාය.

‘මොකක්ද මේ ජනාධිපතිවරුන්ට අන්තිම දවස් 365 හැදෙන උමතුව…?’

මේ උමතුව හැදුණු අනෙක් ජනාධිපති ඩී.බී. විජේතුංගය. 1995 ජනාධිපතිවරණයට ඩී.බී. විජේතුංග ඉල්ලුවා නම් දිනන බව හැමෝගේම මතය විය. හේතුව ජනාධිපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය සහ දියණිය චන්ද්‍රිකා අතර ගැටුමක් තිබුණු නිසාය. ඩී.බී.ට යූ.ඇන්.පී.යෙන් ජනාධිපති අපේක්ෂකත්වය ගැනීම ප්‍රශ්නයක් නොවීය. ඒත් ඩී.බී. ජනාධිපතිවරණය තියන්න කලින් දකුණු පළාත් සභාව විසුරුවලා පළාත් සභා ඡන්දයක් තිබ්බේ මේක ගල උඩ සටන කියලාය. එය ඔහු පරාජය විය. ඒ පරාජයෙන් පසු ඔහු ජනාධිපතිවරණයට යන්න බය විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද යන තීරණය ගන්න ඔහු පක්ෂය විරුද්ධ වෙද්දී මහ ඡන්දයකට ගියේය. ඔහු මහ ඡන්දයට ගියේ යූ.ඇන්.පී. ආණ්ඩුවට මහ ඡන්දයකට යන්න තව වසරක්තිබියදීය. ඔහු නැටුවේ මාර දේශපාලන නැටුමකි. යූ.ඇන්.පී.ය අන්දමන්ද විය. විජේතුංග පාර්ලිමේන්තුව විසුරුවන බව යූ.ඇන්.පී.ය දැන සිටියේ නැත. ඔහු හිතුවේ යූ.ඇන්.පී.ය මහ ඡන්දය දිනයි කියලාය. ඔහුගේ සැලසුම වූයේ යූ.ඇන්.පී.ය මහ ඡන්දය දින්නාම ජනාධිපතිවරණයට යන්නටය. ඒත් යූ.ඇන්.පී.ය පරාජයට පත්විය. විජේතුංගත් මේ දේශපාලන උමතු නැටුම නැටුවේ ඊළඟ ජනාධිපතිවරණයට දින 365ක ගණන් හදාගෙනය. ඔහු ඒ දින 365 නටන්න පුළුවන් නැටිලි, දමන්න පුළුවන් ජල්ලි ඔක්කොම දැම්මේය.

පසුගිය සිකුරාදාට 2024 ජනාධිපතිවරණයට ඇත්තේ දින 365කි.

‘රනිල් මොන ජල්ලියක් අල්ලයිද…?’

ඊළඟ ජනාධිපතිවරණයට දින 365 සම්පූර්ණ වූ විට ඒ 365න් ජනාධිපතිවරයෙක්ට ඕනෑ දෙයක් කරන්න හයිය තියෙන්නේ දවස් 182කුත් දවස් භාගයකි. වෙනත් වචනවලින් කියනවා නම් මාස 6කි. හේතුව, ඊළඟ දවස් 182කුත් දවස් භාගය නැත්නම් මාස 6 යන්නේ ජනාධිපතිවරණයක් සඳහා රට සූදානම් කරමින්ය. එවිට විවිධ පක්ෂවලින් අපේක්ෂකයන් නම්කරයි. ඒ කාලය තුළ අධිකරණයට, පොලිසියට, රාජ්‍ය සේවයට ලොකු නිදහසක් හිමිවෙයි. හේතුව ඒ කාලය ජනාධිපතිගේ තටු හැලෙන කාලයයි.

‘ඒ කියන්නේ තව දවස් 182කින් රනිල්ගේත් තටු හැලෙයිද…?’

මෛත්‍රීපාල මොනවා වුණත් ජන වරමකින් ජනාධිපති වූ ජනාධිපතිවරයෙකි. ඔහුගේ පක්ෂයට 2018 පුංචි ඡන්දයේ 12%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය. ඔහුත් සමග ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමැතිවරු, මන්ත්‍රීවරු සිටියහ. ඒත් ඔහු ඉල්ලන්නේ මොන පක්ෂයෙන්ද කියලා අන්දමන්ද විය. ඔහු කොයි තරම් අන්දමන්ද වුණාද කියනවා නම් 2019 සැප්තැම්බර් ශ්‍රීලනිපය මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නේ ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවය. ඒ වෙනකොට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබුණේත් නැත. ඒත් මෛත්‍රීගේ අපේක්ෂා භංගත්වය ඒ දැනුම්දීමෙන් හොඳ හැටි පැහැදිලි විය. අන්තිමේදී ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේත් නැත. මෛත්‍රී සමග සිටි ශ්‍රීලනිප ප්‍රබලයන් එකිනෙකා පොදුජන පෙරමුණ සමග එක්වූයේ මෛත්‍රීට දේශපාලන අනාගතයක් නැති බව තේරුම් ගෙනය.

‘රනිල්ටත් ඒකම වෙයිද….?’

රනිල්ගේ මාධ්‍ය දැන් සතියක දෙකක සිට පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ නම විකුණමින් රනිල් අලුත් සන්ධානයක් හදනවා. රනිල් එක්ක ඒ සන්ධානයට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු 50ක් 60ක් යනවා කියා නිවුස් ප්ලාන්ට් කරන්නේ මේ දවස් 365ට හොඳටම බය වෙලාය. මේ දවස් 365 ඇදගන්න රනිල් දමන්නේත් මෛත්‍රී ගහපු මීඩියා ගේම්ය.

‘කරු-සජිත්, මෛත්‍රී සමග සන්ධානයකට…’

‘මෛත්‍රී, යූ.ඇන්.පී. මන්ත්‍රීවරු 50ක් 60ක් කඩාගෙන පොදුජන පෙරමුණෙන්ද කඩාගෙන අලුත් සන්ධානයකින් ජනාධිපතිවරණයට…’

2018 සැප්තැම්බර් සහ 2019 සැප්තැම්බර් අතර ලංකාවේ පත්තර බැලුවොත් හැමදාම පොල්ගෙඩි අකුරෙන් ගහන්නේ මේ වගේ නිවුස්ය. ඒ නිවුස්වලයි අද රනිල්ගේ අලුත් සන්ධාන නිවුස්වලයි ඇත්තේ ඓතිහාසික සමානකමකි.

‘ඒ කියන්නේ රනිල්ගේ ගෝලයන්ගේ පඬුපුල් ආසන රත්වෙලාද…?’

රත්වෙලා නොවේ උණුවෙලාය. මේ දවස්වල රනිල් ජනාධිපති අපේකෂකයා විය යුතුයි කියන පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ට රනිල් – සජිත් එක්විය යුතුයි කියන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විකිණෙන්නේ ලොකු මිලකටය. මෛත්‍රීගේ අවසන් දවස් 365ත් මේ වගේ කතා කියලා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, යූ.ඇන්.පී. මන්ත්‍රීවරු හොඳ හොඳ මිල ගණන්වලට විකුණුනි.
මේ, රනිල් මෛත්‍රීගේ අඩව්ව අල්ලන්න වෙස් බඳින කාලයයි. මෛත්‍රීටවත් තිබුණු ජන වරමක් නැති රනිල් මොන අඩව්වක් අල්ලයිද කියා කියන්න දන්නේ නැත. මොන අඩව්වක් ඇල්ලුවත් ඔහුට පොදුජන පෙරමුණෙන් හෝ සමගි ජන බලවේගයෙන් ජනාධිපති අපේක්ෂකත්වය හිමි නොවුණහොත් ඔහුත් මෛත්‍රී වගේ හකුළාගනු ඇත.

‘ඇයි රනිල් මහ ඡන්දයකට යයිනේ…?’

රනිල් මහ ඡන්දයකට ගියොත් අද රනිල් එක්ක රට ආණ්ඩු කරන රනිල්ගේ උපදේශකයෝ දේශපාලනයෙන් සෙත්තපෝච්චිය. 2020 ඔවුහු රනිල් වෙනුවෙන් බෙල්ල දීලා මන්ත්‍රීකම් නැතිකරගත්හ. ආයෙත් ඔවුන් ඒ මෝඩ වැඬේ කරගනියි කියලා හිතන්න බැරිය. ඔවුන් මේ පාර දඟලන්නේ රනිල්ගේ බෙල්ල දීලා ඔවුන් ගොඩ යන ක්‍රමයක් හදාගන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ණය ගෙවාගන්න බැරුව අතුරුදන් වූ බව කියූ කොලොන්නේ ව්‍යාපාරිකයා මිරිහානේදී අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

රාජාංගනේ ඉස්කෝලෙක වැඩබලන විදුහල්පති දස හැවිරිදි දැරියකට අතවර කරලා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.