මහියංගණ, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට අද (11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇති බවයි.
මෙම සිදු වීම සම්බන්ධයෙන් විහාරාධිපතිහිමිගේ පැමිණිල්ලෙන් පසු දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්ෂක නිළධාරින් එම ස්ථානයට ගොස් සිද්ධිය නිරික්ෂණය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.