ධනවතුන් සමඟ බීමත්ව තරු තරුපන්ති හෝටල්වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණවලට කුලීරථ සේවා මගින් කාන්තාවන් සපයමින් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා නිළියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය .Sri Lanka Latest News
මෙම කාන්තාවන් වයස අවුරදු 25 ත් 45.ත් අතර පසුවන ගම්පහ, අම්පාර,බොරලැස්ගමුව,මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිව සිටින අය බව පොලීසිය කියයි.
මෙම නිළිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශය වු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇතැයිද පොලිසිය කියයි.
ඇය සිය වට්ස්ඇප් යෙදුම හරහා ව්‍යාපාරිකයන් පිනවීම සදහා සුරූපි කාන්තාවක් ගෙනැවිත් දීමට රුපියල් 30,000 සිට ඉහළ විවිධ මිල ගණන්වලට කටයුතු කරන බව හෙලිවී ඇති බවත් පොලීසිය පැවසීය.










