විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එකම ආකාරයේ අසත්‍ය පුවත් දෙකක් අරුණ සහ දේශය පුවත්පතේ පළ කොට ඇති බවත්, එම පුවත් දෙකම අසත්‍ය බවත් කියමින් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ‘අරුණ’ සහ ’දේශය’ යන පුවත්පත් දෙකෙහි කර්තෘවරුන් වෙත ලිපියක් මගින් දැනුම් දීමට පියවර ගෙන ඇත.
එම ලිපිය මගින් මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ විපක්ෂනායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තමන් සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවකි.
එමනිසා අදාළ පුවතට දුන් ප්‍රසිද්ධියම මෙම නිවැරදි කිරීමටද ලබා දෙන ලෙස සජබ මහලේකම්වරයා සිය ලිපිය මගින් අරුණ සහ දේශය පුවත්පත්වල කර්තෘවරුන්ට දැනුම් දීමක් කොට ඇත.
ඊට අදාළ නිවේදනය සහ අදාළ පුවත්පත් පළ කළ සාවද්‍ය ප්‍රවෘත්තිය පහත පළවේ.
Sri Lanka Latest News
නිවේදනය මෙන්න!
සී නිව්ස් වාර්තා කර තිබූ අයුරු!
සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..
December 3, 2023 at 3:20 am | lanka C news
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.
එම පක්ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරෝධය දක්වා ඇත්තේ පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කණ්ඩායම් රැස්වීමේදීය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් ලොකු ගෝරියක් දානවා. අපිට ඉන්න නායකයා එයානේ. වෙන කෙනෙක් නැහැ යනුවෙන් පක්ෂ මහලේකම්වරයා රැස්වීම ආරම්භ කරමින් කරන ලද ප්‍රකාශයත් සමග විරෝධය පලවන්නට පටන් ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා ඕන දේටත් එපා දේටත් කතා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවයි. මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවදුරටත් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නායකයන් සමග හැප්පීම හොඳ වුවත් සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි මන්ත්‍රිවරුන් සමග හැප්පීමට යාම තම තත්ත්වයට හොඳ නැති බවයි.
තවත් මන්ත්‍රිවරුන් පිරිසක් පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේ මයික් කැමරා සහ ස්ක්‍රීන් ඉල්ලා ප්‍රසිද්ධිය සෙවීමද සිදු නොවිය යුත්තක් බවය.
– Aruna
අරුණ පුවත්පත වාර්තා කර තිබූ ආකාරය!
දේශය පුවත්පත වාර්තා කර තිබූ ආකාරය!
පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයක් නොමැතිවය. එහි මුලසුන දරා ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි. මේ සඳහා සහභාගී වී ඇත්තේද දහඅට දෙනකුගෙන් පමණ යුතු සුළු පිරිසකි.
“මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පිළිබඳව නම් සෑහීමකට පත්වෙන්න බැහැ.”
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙවන් කතාවක් කියා ඇත්තේ මහ ලේකම්වරයාය. ඉන්පසු පක්ෂ නායකයා නොමැති සභාවේ මන්ත්‍රී කණ්ඩායම සිය කලකිරීම් එළිපිට කියන්නට පටන්ගෙන ඇතැයි කියැවේ.
“කරන්න දෙයක් නෑ ලේකම්තුමා. හැමදාම ගෲප් මීටින් තිබ්බත් කතා කරන්නෙ එකම ටික. ඒකත් ලොක්කා විතරයි. අපි අහගෙන ඉඳල ඉඳලා නැගිටල යනවා.”
මාධ්‍ය වාර්තා ද සඳහන් කරන පරිදි එම විරෝධය ගොනු වී ඇත්තේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙනි.
“ගෲප් එකේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව පටන්ගත්ත වෙලාවේ ඉඳලා කතා කරන්නේ නායකතුමා විතරයි. දැන් මේක අනෙක් අයට විහිළුවක් වෙලා.”
මේ ආදී ප්‍රශ්න මතුවන විට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ද සඳහන් කර ඇත්තේ නායකතුමා මේ පිළිබඳව දැනුවත් කළ බවකි. එහෙත් ඉන් ප්‍රතිඵලයක් නොවූ බව ඔවුන් සඳහන් කොට තිබේ. වාර්තා වන පරිදි මෙම සංවාදය තරමක් දීර්ඝව පවත්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම, අනවශ්‍ය මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායකවරයා පැටලීම, තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් නොලැබීම ආදී ගැටලු රැසක් මෙහිදී කරළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් කිහිප දෙනකු විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමටද උත්සාහ දරා ඇති බව කියැවේ.
දේශපාලන කරළියේ සඳහන් වන පරිදි සියල්ල අසා සිටි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හට තත්ත්වය බරපතළ වන බව පෙනී ගොස් තිබේ.
“හරි හරි මේ සියල්ල ගැනම මම නායකතුමාව දැනුවත් කරන්නම්.”
ඒ අනුව මෙවර සජබ කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ අලුත් අර්බුද රුසකට පාර කපමිනි.