• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පට්ටපල් බොරුවක් සජිත් ගැන එකම විදිහට ඉරිදා පත්තර දෙකක පළ කරපු ‘අතේ රෝලක්’ සජබ මහලේකම් ලිපියකින් දැනුම් දෙයි! බොරු ප්‍රවෘත්තියට දුන්න ප්‍රසිද්ධියම මේ නිවේදනයටත් ලබා දෙන්න! මද්දුමබණ්ඩාර ඉල්ලයි! I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
රංජිත් මද්දුමබණ්ඩාර එක්ක 20ක් ආණ්ඩුවට! උදේ ඉඳන් මාධ්‍ය ගහපු අතේ රෝල් අතේම පත්තු වෙයි! මෙන්න සජබ මහලේකම්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් දුන්නු උත්තරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එකම ආකාරයේ අසත්‍ය පුවත් දෙකක් ‌අරුණ සහ දේශය පුවත්පතේ පළ කොට ඇති බවත්, එම පුවත් දෙකම අසත්‍ය බවත් කියමින් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ‘අරුණ’ සහ ‌’දේශය’ යන පුවත්පත් දෙකෙහි කර්තෘවරුන් වෙත ලිපියක් මගින් දැනුම් දීමට පියවර ගෙන ඇත.

එම ලිපිය මගින් මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ විපක්ෂනායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තමන් සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවකි.

එමනිසා අදාළ පුවතට දුන් ප්‍රසිද්ධියම මෙම නිවැරදි කිරීමටද ලබා දෙන ලෙස සජබ මහලේකම්වරයා සිය ලිපිය මගින් ‌අරුණ සහ දේශය පුවත්පත්වල කර්තෘවරුන්ට දැනුම් දීමක් කොට ඇත.

ඊට අදාළ නිවේදනය සහ අදාළ පුවත්පත් පළ කළ සාවද්‍ය ප්‍රවෘත්තිය පහත පළවේ.

Sri Lanka Latest News

නිවේදනය මෙන්න!

2023.12.04Download
CamScanner-12-04-2023-15.25Download

සී නිව්ස් වාර්තා කර තිබූ අයුරු!

සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..

December 3, 2023 at 3:20 am | lanka C news

සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.

එම පක්ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරෝධය දක්වා ඇත්තේ පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලි​මේන්තුවේදී රැස්වූ කණ්ඩායම් රැස්වීමේදීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් ලොකු ගෝරියක් දානවා. අපිට ඉන්න නායකයා එයානේ. වෙන කෙනෙක් නැහැ යනුවෙන් පක්ෂ මහලේකම්වරයා රැස්වීම ආරම්භ කරමින් කරන ලද ප්‍රකාශයත් සමග විරෝධය පලවන්නට පටන් ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා ඕන දේටත් එපා දේටත් කතා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවයි. මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවදුරටත් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නායකයන් සමග හැප්පීම හොඳ වුවත් සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි මන්ත්‍රිවරුන් සමග හැප්පීමට යාම තම තත්ත්වයට හොඳ නැති බවයි.

තවත් මන්ත්‍රිවරුන් පිරිසක් පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේ මයික් කැමරා සහ ස්ක්‍රීන් ඉල්ලා ප්‍රසිද්ධිය සෙවීමද සිදු නොවිය යුත්තක් බවය.

– Aruna

අරුණ පුවත්පත වාර්තා කර තිබූ ආකාරය!

දේශය පුවත්පත වාර්තා කර තිබූ ආකාරය!

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයක් නොමැතිවය. එහි මුලසුන දරා ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි. මේ සඳහා සහභාගී වී ඇත්තේද දහඅට දෙනකුගෙන් පමණ යුතු සුළු පිරිසකි.

“මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පිළිබඳව නම් සෑහීමකට පත්වෙන්න බැහැ.” 

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙවන් කතාවක් කියා ඇත්තේ මහ ලේකම්වරයාය. ඉන්පසු පක්ෂ නායකයා නොමැති සභාවේ මන්ත්‍රී කණ්ඩායම සිය කලකිරීම් එළිපිට කියන්නට පටන්ගෙන ඇතැයි කියැවේ.

“කරන්න දෙයක් නෑ ලේකම්තුමා. හැමදාම ගෲප් මීටින් තිබ්බත් කතා කරන්නෙ එකම ටික. ඒකත් ලොක්කා විතරයි. අපි අහගෙන ඉඳල ඉඳලා නැගිටල යනවා.”

මාධ්‍ය වාර්තා ද සඳහන් කරන පරිදි එම විරෝධය ගොනු වී ඇත්තේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙනි.

“ගෲප් එකේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව පටන්ගත්ත වෙලාවේ ඉඳලා කතා කරන්නේ නායකතුමා විතරයි. දැන් මේක අනෙක් අයට විහිළුවක් වෙලා.”

මේ ආදී ප්‍රශ්න මතුවන විට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ද සඳහන් කර ඇත්තේ නායකතුමා මේ පිළිබඳව දැනුවත් කළ බවකි. එහෙත් ඉන් ප්‍රතිඵලයක් නොවූ බව ඔවුන් සඳහන් කොට තිබේ. වාර්තා වන පරිදි මෙම සංවාදය තරමක් දීර්ඝව පවත්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම, අනවශ්‍ය මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායකවරයා පැටලීම, තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් නොලැබීම ආදී ගැටලු රැසක් මෙහිදී කරළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් කිහිප දෙනකු විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමටද උත්සාහ දරා ඇති බව කියැවේ.

දේශපාලන කරළියේ සඳහන් වන පරිදි සියල්ල අසා සිටි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හට තත්ත්වය බරපතළ වන බව පෙනී ගොස් තිබේ.

“හරි හරි මේ සියල්ල ගැනම මම නායකතුමාව දැනුවත් කරන්නම්.”

ඒ අනුව මෙවර සජබ කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ අලුත් අර්බුද රුසකට පාර කපමිනි.

SendShareShare
Previous Post

ප්‍රමෝද්‍ය ඉවතට! අලුත් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග! I Sri Lanka Latest News

Next Post

බුද්ධි අංශයෙන් විශේෂ වාර්තාවක්! ශානි අබේසේකරව හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්! නීතිපති අධිකරණයට දැනුම් දෙයි! ආරක්ෂාව දෙන්න කියලා කරපු නියෝගයවත් ගණන් අරන් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.