අගමැතිවරයා විසින් මීට සති කිහිපයකට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රය අද රාත්‍රී 12ට ගැසට් කිරීමට නියමිතය.
මේ හරහා යළි 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බව යෝජනා කොට ඇත.
ඒ අනුව මෙම ගැසට් පත්‍රය ඉදිරි දිනෙකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පැවසේ.










