විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබේ.Sri Lanka Latest News
කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු අද පෙරවරුවේ සභාගර්භයෙන් පිටතට ගොස් තිබිණ.
කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.
එම සාකච්ඡාවට ව්‍යවසායක දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
අද (17) දිනය තුළ සභාගර්භයට නැවත නොයෑමට මෙම පිරිස තීරණය කර ඇතැයි ද වාර්තා වේ.










