චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී චීනය, ඉන්දියාව හා ලංකාව අතර පැවැතියේ සීතල යුද්ධයකි. චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදුන් හැම වතාවකදීම ඉන්දියාව ලංකාවටත්, චීනයටත් දැඩි විරෝධයක් පළකිරීම ඊට හේතුව විය. Sri Lanka Latest News
ඒ අනුව මෙවර අප චීන නැව් සම්බන්ධයෙන්ද කොළඹින් චීනයට ගිය විශේෂ පණිවුඩයක් පිළිබඳ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. කොළඹින් චීනයට ගිය මෙම පණිවුඩයකින් කියවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් චීන නෞකා සඳහා ලංකාවට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බවත්, ඉන්දීය මැතිවරණය අවසන් වීමෙන් පසු ඒ සඳහා අවසර ලබාදිය හැකි බවත්ය. කොළඹින් මෙවැනි ආකාරයේ පණිවුඩයක් පැමිණියද ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් චීනය පැත්තෙන් තබා නොමති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ.
චීනය ගණන් හදා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය එකඟ කරවා ගැනීම සඳහා මෙවැනි ආකාරයේ පණිවුඩයක් කොළඹින් ලැබී ඇතැයි කියාය. ලබන ජුනි මාසය වන විට ඉන්දියාවේ මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ වන විට ලංකාවේ ජනාධිපතිවරණයද ප්‍රකාශයට පත්කර තිබීම නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව චීනයේ ගණන් හැදීම වී තිබේ. ඒ අනුව, බොහෝ දුරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීන ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මාසය දක්වා ඇදීයන ආකාරයක් මේ වන විට දැකගන්නට ලැබේ.