අද (03) දින උදෑසන කාලයේ කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදුව ඇත. Sri Lanka Latest News
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය පැවසීය.










