දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 ක් සමගින් මුළු සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 547 දෙනෙකු අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇත.
රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන සැකකරුවන් 02 සිටින අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙතද යොමු කර ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 116 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 14 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95 ක්ද සිටි.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 4 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.










