• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා කිව්වේ මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා! අද ගොවියගේ වී ටික කුණුකොල්ලෙට අරගෙන මුදලාලිලා රජවෙලා! සජබ ආණ්ඩුවක් යටතේ මේ ඒකාධිකාරය බිඳ දමා නැවත ගොවියා රජ කරවන යුගයක් බිහිකරනවා! කන්තලේට රැස්වූ දහස් ගණන් ගොවීන් ඉදිරියේ සජිත්ගෙන් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
Share on WhatsAppShare on Facebook

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට සුදුසු වුවත් අද සිදු වන්නේ වී ගොවියාගේ වී ටික කුණු කොල්ලයට මුදලාලිට ලබා දී මුදලාලිලා රජ කරන යුගයක් බිහි වීම බවත් මේ ඒකාධිකාරය බිඳ දමා ගොවියාට සුබවාදී සෞභාග්‍ය සම්පන්න වර්තමානයක් හා අනාගතයක් නිර්මාණය කර ගොවියා කේන්ද්‍ර කර ගෙන ගමත් නගරයත් රටත් හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම වත්මන් රජය බදු නොගෙවූ කූඨ ව්‍යාපාරිකයන්ගේ ණය, බොල් ණය ලෙස කපා හරින යුගයක් නිර්මාණය කර ඇති බවත් රජය එසේ කූඨ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළත් සමගි ජන බලවේගය සිටින්නේ උග්‍ර පොහොසතුන්ගේ පැත්තේ හෝ කූඨ ව්‍යාපාරිකයන්ගේ පැත්තේ නොව ගොවියාගේ හා සාමාන්‍ය ජනතාවගේ පැත්තේ බැවින් සමගි ජන බලවේග රජයක් තුළ කූඨ ව්‍යාපාරිකයන්ගේ බොල් ණය නොව ගොවියාගේ වගා ණය කපා හැර ගොවියා සුරක්ෂා කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ත්‍රිකුණාමලයේ පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන සමුළුව අමතමිනි.

ගොවියා වෙනුවෙන් වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් අවශ්‍යයි

ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වන විට අප රටේ ගොවියා දිනෙන් දින දුප්පත් වන බවත් එයට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ කෘෂිකර්මාන්තයට අදාළව විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන හා නිලධාරීන් සිටියත් ඒ සඳහා නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් සමගි ජන බලවේග රජයක් තුළ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට විශේෂිත ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර දිස්ත්‍රික් මට්ටමින්, ගොවිජන කේන්ද්‍ර හා සංවිධාන මට්ටමින් ගොවියා දියුණු කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ ගොවිතැනේ නියැලෙන සියලු දෙනා ඇතුළු පොදු ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කිරිම බවත් ගෝඨාභය රාජපක්ෂ රජය ගත් අමනෝඥ තීන්දු තීරණ තුළ ගොවියන්ගේ අස්වැන්නත් ආදායමත් පහළ වැටුණු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගොවි බිමෙන් ඩොලර් උත්පාදනය කරන යුගයක් ඇති කරනවා

ගොවි ජනතාවට ඇති ගොවි බිමෙන් ලබා ගන්නා නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි කරන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ඵලදායිතාවක් ඇති කර ගොවි නිෂ්පාදන රටේ පරිභෝජනයට යොදා ගන්නාව සේම අපනයන වෙළෙඳපොළ දක්වා ගෙන ගොස් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවට අපනයන කේන්ද්‍රීයව ආදායම් හරහා ඩොලර් උත්පාදනය කළ හැකි පරිසරයක් නිර්මාණය කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු සිසුවා සේම සුහුරු ගොවියාත් බිහි කරනවා

පාසල් පද්ධතියට සුහුරු පාසල් සංකල්පය හඳුන්වා දෙනවා සේම කෘෂිකර්මාන්තයට සුහුරු ගොවියා හා නව තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ගොවියා බිහි කරන යුගය ආරම්භ කරනා බවත් වී ගොවිතැනට මෙන්ම සමස්ත ගොවිතැනට ලබා දෙන යෙදවුම් උසස් මට්ටමින් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක්

මහා අස්වැන්න එකවර වෙළෙඳපොළට දමා මිල වට්ටවා ගන්නේ නැතිව ගොවි ජනතාවට සාධාරණ මිලක් හා පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීමට අවශ්‍ය නිසි ගබඩා පහසුකම් ඇති කරනා බවත් මීට අමතරව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගෙන තෙල් ඉසීමේ වැඩපිළිවෙළක් මෙන්ම තමන්ගේ දුරකථනයට වගා උපදෙස් ලැබෙන හා අස්වනු අලෙවි කල හැකි පොදු කෘෂිකාර්මික යෙදවුමක් නිර්මාණය කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා වෙනුවෙන් වෙන් වූ බැංකු පද්ධතියක්

ගොවියාට ප්‍රාග්ධනයට අවශ්‍ය නිසි ප්‍රවේශය ලබා ගැනීමට මූල්‍ය පහසුකම් සහිත බැංකු පද්ධතියක් නිර්මාණය කරනා බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම අවම කිරීමට ජාතික ඉඩම් පරිහරණ උපයෝගීතා සැලසුමක් සකස් කර නව වැඩපිළිවෙළක් ඇති කිරීම සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, වගා හානියට වගා රක්ෂණ ක්‍රම මෙන්ම දේපල හානියට නව රක්ෂණ ක්‍රම ඇති කර ගොවියා සවිබල ගන්වන බවත් ය.

සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ සජබේ අපියි

යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් නොසලකා හරින්න රජය කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුට මේ අය අමතක වුවත් සමගි ජන බලවේගයට අමතක නැති බවත් මොවුන්ට රු. ලක්ෂ 30ක් ලබා දී විශ්‍රාම වැටුප් රහිතව ඉවත් කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තුවේ හෙළදරව් කර එය පරාජය කළේ සමගි ජන බලවේගය බවත් මොවුන්ට කුඩම්මාගේ සැලකිල්ල දැක්වීමට ඉඩ නොදී සුරක්ෂා කරනා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් අද කන්තලේ නගරයේ දී සංවිධානය කර තිබූ සමගි ජන බලවේග ගොවිජන සමුළුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලව්ගය හා එක්විය.

ඒ අතර ත්‍රීකුණාමලය නගර සභා මන්ත්‍රීවරියක් මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිවරිය ලෙසත් නැගෙනහිර පළාත් සභාවේ වනිතා කටයුතු ළමා ආරක්ෂක මහාමාර්ග ඉඩම් පළාත් පෙර පාසල් සංවර්ධන, සංස්කෘතික කලා කටයුතු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රීකුණාමලය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් මෙහි දී එක්විය.

එසේම හිටපු අමාත්‍ය M.K.D.S. ගුණවර්ධන මහතාගේ පුත් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නලින් ගුණවර්ධන මහතා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මෙන්ම ශ්‍රීලංනිප සහ පොහොට්ටු සංවිධායක ASM සාජිත්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී MI සලීම් සහ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී එස්. පරමේශ්වරම් මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන සංසදයේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සීතා රංජනී මහත්මිය ද අද සමගි ජන බලවේගය හා එක්විය.

SendShareShare
Previous Post

ආපදාවෙන් සහන අවශ්‍ය අය 011- 242 1820 සහ 011- 242 1111ට කෝල් එකක් දෙන්න! Sri Lanka Latest News

Next Post

වැස්සේ ආපදාවෙන් පැය 24ට දරුවන් ‌ඇතුළු 8ක් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.