• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර තොටේ හතර වටේ – නටන නැටුං දැක දපනෙ වැටේ…! ආපදාවලින් පස්සෙ මාලිමාවේ අලුත් නැටුමක්…! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර තොටේ හතර වටේ – නටන නැටුං දැක දපනෙ වැටේ…! ආපදාවලින් පස්සෙ මාලිමාවේ අලුත් නැටුමක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ පශ්චාත් ආපදා සමය. විශාල ආපදාවකින් පස්සෙ අපි කොන්ද කෙළින් තියාගෙන නැගිටින්න උත්සාහ කරන කාලය. තවමත් ආපදාවට ලක්වූවන් ආපදාවේ බරපතළ හානිවලින් පීඩා විඳිමින් ඉන්නවා.Sri Lanka Latest News

ඇත්තටම මේ ආපදාව සම්බන්ධයෙන් ආණ්ඩුවට බොහෝ දෙනෙක් චෝදනා කෙරුවත් අපි විශ්වාස කරනවා ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ කියලා. ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් තිබුණා නම් ආණ්ඩුව නොකර ඉන්නෙත් නැහැ කියලා අපි දන්නවා. මොකද ආණ්ඩුවට මිනිස්සු පීඩාවට පත් කරන්න, අපහසුවට පත්කරන්න ඉන් ලබන්න පුළුවන් වාසියක් ලාභයක් නැහැ. ඒ නිසා මේ ආපදාව සම්බන්ධයෙන් බොහෝ වෙලාවට අවාසනාව තමයි මුලට ආවේ.

ඊළඟ දේ තමයි නොදැනුවත්කම සහ තොරතුරු පිළි නොගැනීමේ තත්ත්වය. ඇතැම් තැන්වල නිලධාරීන් විසින් කරපු වැරදි නිසා ඇතිවෙච්ච ප්‍රශ්න තිබුණු බව ඇත්ත. හැබැයි බොහෝ තැන්වලදී ජනතාවට පැවරුණු රාජකාරිය ජනතාව විසින් හරි ආකාරව සිද්ධ නොකරපු තැන් තිබ්බා. ඒ වෙලාවේ ජනතාවට තිබුණේ දැනුම් දුන්නාම අයින් වෙලා යන්න. නමුත් මිනිස්සු අයින්වෙලා ගියේ නැහැ. අවසාන මොහොත වෙනකම් අයින් නොවී බලා හිටියා. මේ තත්ත්වයත් එක්ක රට පුරා විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා.
දැන් ආපදාව ඉවරයි. දැන් තියෙන්නෙ බරපතළම කාරණාව. කැඩිච්ච පාරවල් හදන්න, කැඩිච්ච කෝච්චි පාරවල් හදන්න, කැඩිච්ච නිවාස ටික හදලා දෙන්න මිනිස්සුන්ට ආයෙත් පදිංචි වෙන්න ක්‍රමයක් හදන්න මේ ඔක්කොම ටික. හැබැයි අපි දැක්කා අනුර කුමාර ජනාධිපතිතුමා පැහැදිලිවම කියනවා ජනතාවට සහන විශාල ප්‍රමාණයක් ලැබෙන වැඩපිළිවෙළක් ඔවුන් විසින් දියත් කරනවා කියලා. ඒකෙ ඉලක්කම් අගයන් හරි විශාලයි. ඉතින් මේ ඉලක්කම් අගයන් එක්ක මිනිස්සු පුදුම වුණා, සතුටු වුණා, වෙන්න යන දේ හරිම ආශ්චර්යයක් බව බොහෝ දෙනෙක් කිව්වා. ඔය කතන්දරත් එක්ක අපිත් බැලුවා ඇත්තටම එහෙම කරන්න පුළුවන්නම් හරි ෂෝක්. මිනිස්සුන්ට ලැබෙන සහන අප්‍රමාණයි. අපිරිමිතයි. මේ කාරණාවන් පැහැදිලි කරගන්න උත්සාහ කළා.

නමුත් දැන් චක්‍රලේඛයකුත් නිකුත් වෙලා තියෙනවා. මේ චක්‍රලේඛය ප්‍රකාරව ඔය කියන තරම් වරප්‍රසාද සහන ලැබෙන්නේ නැහැ කියලා දැන් ජනතාවට තේරෙනවා. ඇත්තටම සහන ලබාගන්නත් ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. මේ වැඩපිළිවෙළ යටතේ ලියකියවිලි ඉදිරිපත් කරලා ලබාගන්නවා මිසක සහන බැලූ බැල්මට පේන තරම් ලොකුවට ලේසියෙන් පහසුවෙන් අතේ තියලා දෙන්නේ නැහැ.

කොහොම වුණත් අපි දැක්කා කෝච්චි පාරක් විවෘත කළා කියලා මහා උජාරුවෙන් නැටුම් නටන නියෝජ්‍ය ඇමැතිගේ වීඩියෝ. අපි දැක්කා ඇමැති සමන්ත විද්‍යාරත්නත් උජාරුවෙන් කෝචිචිය ළඟට ඇවිත් අත වන වනා යනවා. අපි දැක්කා වසන්ත සමරසිංහ කැඩුණු පාරක් වැලි කොට්ට දාලා හදලා ලොකුවට එතැන ඉඳන් මාධ්‍යයට කතා කරනවා. හැබැයි ඊට පස්සේ දවසෙම එතැන ආපහු වතුරට වැලි කොට්ට ටික ගලවගෙන ගියා කියලා සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මිනිස්සු මැරිච්ච රටක ඒ මිනිස්සුන්ගේ මරණ සහතික, අතුරුදන් වූවන්ගේ මරණ සහතික, ජීවත් වූවන්ට ලබාදෙන එක උපාධි ප්‍රදානෝත්සවයකදී වගේ මරණ සහතිකය පේන විදිහට දෙන්න දෙපැත්තෙන් ඉඳලා කැමරාකරුවෙක් විසින් පින්තූර ගන්න ආකාරයක් අපි දැක්කා. ඒ වගේම අපි දැක්කා එක දේශපාලකයෙක් යන ගමන් බායි කියලා හරි ලස්සනට උජාරුවට ඉන්න පින්තූර. ඉතින් මේවා රටක් ඇතුළේ ව්‍යසනයකින් පස්සේ බලාපොරොත්තු විය යුතු දේවල් නෙවෙයි. ව්‍යසනයෙන් පස්සේ බොහෝ වෙලාවට මේ පශ්චාත් ව්‍යසන සමයේදී ජනතාව ඉන්නේ දැඩි අසීරුවෙන්, දැඩි වේදනාවෙන්. ප්‍රශ්න ගොඩක් එක්ක.

ආපදා සමයේදී බොහෝ වෙලාවට උදව් උපකාර ගලා එනවා. ආපදා සමයේදී උපකාර කරන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ආපදාව නිමාවෙලා සතියක් දෙකක් යනකොට රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණාම මිනිස්සුන්ට සාමාන්‍ය විදියට ජීවත්වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සාමාන්‍ය විදියට ජීවත්වෙන මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙත් තමන්ට එන ගැටලුවලට. එහෙම නැතුව ඒ අයට පොදු ගැටලුවලට සමාජයක් විදිහට මුහුණ දෙන්න කාලය අඩු වෙනවා.

ඒ වගේම අපි හොඳටම දන්නවා මේ විපතෙන් සිද්ධ වෙච්ච මූල්‍ය පාඩුවේ විශාලත්වය බිලියන ගණන් බව ලෝක සංවිධාන විසින් නිර්ණය කරලා තියෙනවා. අපිට ආධාර ගලා එනවා කිව්වට එහෙමටම ආධාර ගලාගෙන ආවේ නැහැ. ආධාර එනකොට ඒ ආධාර සංදර්ශන විදිහට පෙන්නුවා මිසක හැබෑවටම අපිට ගොඩයන්න තරම් අවශ්‍ය කරන උදව් උපකාර ලැබුණේ නැහැ. ඒකෙන් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව. ආණ්ඩුවට තමයි මේ රාජකාරිය පැවරෙන්නේ. ආණ්ඩුවට තමයි කියන්න සිද්ධ වෙන්නේ ‘අනේ අපි කිව්වට එහෙම නෑ’ වගේ එකක්. ඒක කියන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව ආණ්ඩුවම තමයි කිව්වේ ලෝකෙම අපිට ආධාර දෙනවා හෝ ගාලා කියලා.

ඒ නිසා ආපදාව සංදර්ශනයක් කර නොගෙන හොඳ මිනිස්සු වගේ ජීවත් වෙමු. මේක ඇතුළේ හොඳ හෝ නරක කෝක කළත් පීඩාව, වේදනාව දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. මේක අපේ රට. ගෙයක් හදනවා නම් ඒ හැදුවේ කවුරු වුණත් ඒ හදපු එක හොඳ වැඩක්. ආධාර බෙදනවා නම් ඒ බෙදුවේ කවුරු වුණත් ඒක හොඳ දෙයක්. පින්තූර ගත්තත් නොගත්තත් ඒක හොඳ දෙයක්. පාරවල් හදනවා නම් කවුරු හැදුවත් ඒක හොඳ දෙයක්. හැබැයි පාරවල් හදලා ආයෙත් පාරවල් කැඩෙනවා නම් ඒක අතිශය භයානක දෙයක්.
අපි දැක්කා එක පාරක් ඊළඟ වැස්සෙම කැඩිලා ගිහින්. ඒවායේදී ආණ්ඩුවට චෝදනා කරලා වැඩක් නැහැ. හැබැයි ආණ්ඩුවට යෝජනා කරන්න සිද්ධ වෙනවා ‘වැඩ කරනවා නම් මහත්වරුනේ හරියට කරමු – නැත්නම් නිකන් ඉන්න එක ඊට වඩා හොඳයි’. හේතුව මේ හැම පාරක්ම, හැම පාලමක්ම, හැම කන්දක්ම සමහර විට මනුෂ්‍ය ජීවිතයකට හානි කරන ජීවිත ගණනක් අහිමි වෙන අමරණයකින් කෙළවර වන අනතුරකට අත වනන තැනක් වෙන්න ඕනෙ තරම් ඉඩ තියෙන හින්දා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘මම යන්නම්….’ ඒකත් නාට්ටියක්…! Sri Lanka Latest News

Next Post

2025 අලි ඉවරයි… 2026වත් බලමු! Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.