• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2025 අලි ඉවරයි… 2026වත් බලමු! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇතුන්ටම වෙන්වුණු ඡායාරූප ප්‍රදර්ශනය 22 කොළඹදී පටන්ගන්නවා! ‘Legends of the wild’! ලෑස්ති වෙලා ඉන්න! අවුරුදු 45ක් පරණ ෆොටෝ බලාගන්න පුළුවන්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත. මේ කියමන කැලෑ කොලමේ අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන නියතයක්. ගෙවීයන 2025 වසර දෙස ආපසු හැරී බැලීමේදී අපි රටක් ජාතියක් ලෙස ඉතාමත් ඛේදනීය ඉරණමකට ගොදුරු වෙලා තියෙනවා කියන එක සැඟවිය නොහැකි සත්‍යයක්.Sri Lanka Latest News

අනෙකුත් කරුණු කාරණා මොනවා වුණත් පාරිසරික හා ස්වභාවික කාලගුණ බලපෑම් නිසා අපට මෙහෙම වුණා කියන එක තමා බැලූ බැල්මට පේන්න තියෙන්නේ. පරිසරයට, සතා සීපාවට අප විසින් වසර කීපයක් පුරා කරනු ලැබූ අනීතික අසාධාරණ ක්‍රියාකම්වලට සොබාදහම අපට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඊට වගකිවයුත්තෝ වන්නේ මේ රටේ පුරවැසියන් වන අපමය.

මෙම ලිපිය ලියන මොහොත වනවිට මෙරට අලි ඇතුන් ඝාතන 400ක් පමණ ඉක්මවා තියෙනවා. අද වනතුරුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක්, ගතයුතු නිශ්චිත ඉදිරි පියවරක් ගැන බලධාරීන් නිහඬයි. එම ඝාතනවලින් 99%කටම හේතු වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්.

කැලෑ කැපීම, ගංගා ඇළදොළ අවහිර කිරීම, කඳු හෑරීම හා අනවසර ඉදිකිරීම් මෙන්ම මෙකී නොකී මිනිස් ක්‍රියාකාරකම්වලට අද සොබාදහම ඉතා රුදුරු විදියට උත්තර දීලා තියෙනවා. මෙයින්වත් අපි ජාතියක් රටක් විදිහට පාඩමක් ඉගෙන නොගෙන තිරසර පාරිසරික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකරන්නේ නම්, අපට අනාගතයේදී මීට වඩා රුදුරු ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදුවන බව නියතයි.

අද වනතුරුත් මේ කිසිම පාරිසරික ප්‍රශ්නයකට නිලධාරීන්, බලධාරීන් හා පාලකයන් නිසි විසඳුම් ලබාදී නැත. පුරවැසියන් වන අප හා විෂය ප්‍රාමාණික උගතුන් විසින් ලබාදුන් විසඳුම් යෝජනා තාමත් තියෙන්නේ හමස් පෙට්ටියේ. පාලකයන්ට ඒ ගැන නිසි උනන්දුවක් හා අවශ්‍යතාවක් නැති බවයි පෙනී යන්නේ. ඔවුන් සතුව ඇත්තේ පැලැස්තර විසඳුම් පමණයි.

පරිසරය විනාශ කරමින් මොනතරම් වැටකඩුලු බැඳගෙන රාජ මාලිගා තැනුවත් සොබාදහමේ නීතියට ඒ හැමදේම යටත් බව අපේ රටේ මිනිස්සුන් දැන්වත් තේරුම් ගන්නවා නම් නිවැරැදි වන්නට ඒ ටික හොඳටම ප්‍රමාණවත්ය. වනජීවී සංරක්ෂණය, පාරිසරික සාක්ෂරතාව, කැළිකසළ කළමනාකරණය අතින් අපි තාමත් ඉන්නේ ඉතා පසුගාමී අවධියකය. අවිධිමත් සංවර්ධනය, කළමනාකරණය නොවූ ජනාවාසකරණය, තාක්ෂණය හා මුසු නොවන කෘෂිකර්මාන්තයද මීට අදාළයි.

ස්වභාවික සම්පත්වලින් අනූන, ජෛව විවිධත්වයෙන් උපරිම මර්මස්ථානයක් වන අපේ රටේ පාලකයන්ට හා නිලධාරීන්ට පරිසරයේ වැදගත්කම හා සොබාදහමේ නීතියේ ප්‍රබලත්වය වැටහී, නිසි කලට අවශ්‍ය අණපනත් සක්‍රීය කරමින් මේ සුන්දර රට නැවත වතාවක් ගොඩනගන්න පාඩම් ඉගෙන ගතයුතු කාලය පැමිණ ඇතැයි කැලෑ කොලමේ අපි තරයේ විශ්වාස කරන අතර, එසේ නොවුණහොත් අපට ඉදිරි අනාගතයේදී කඳුලින් පිරි රටක ජීවත් වන්නට සිදුවනු නොඅනුමානයි.

පරිසරහිතකාමීව, සොබාදහමට අනුගත වන රටක ජීවත් වන්නට ලබන්නා වූ 2026 වසරේදීවත් අපි හැමෝටම වාසනාව ලැබේවායි කැලෑ කොලමේ අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පාර තොටේ හතර වටේ – නටන නැටුං දැක දපනෙ වැටේ…! ආපදාවලින් පස්සෙ මාලිමාවේ අලුත් නැටුමක්…! Sri Lanka Latest News

Next Post

හෙළයේ ගීත කෝකිලාවිය සදාකාලිකවම අපෙන් සමුගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.