මසකෛළිය පොලිස් වසමට අයත් මස්කෙළිය රාණි වතුයායේ ප්‍රධාන පාලම අසල නිවස මතට පස් ක්ණ්ඩියක් කඩා වැටීමෙන් තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කළ බව මස්කෙළිය පොලීසිය පවසයි ,Sri Lanka Latest News
මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද (06) දහවල් 12.00 පමණ බවද පොලිසිය අනාවරණය කරයි ,
නිවස පිටුපස ප්‍රදේශයේ අලුත්වැඩියා කටයුත්තක නීලී සිටී මේසන් බාස්වරුන් හය දෙනෙකුට මෙලෙස පස් කන්දට යටවීමත් සමග ප්‍රදේශී ජනතාව මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව පස් කන්දට හිරවී සිටි සය දෙනා බේරා මස්කෙළි රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
තුවාල ලැබුවන් පස්දෙනකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් පුද්ගලයකු පුද්ගලයකු ක්ලෙන්ටන් රෝහල වෙත යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි ,
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි ,
තුවාල ලැබුවන් මස්කෙළිය වතු යායේ පදිංචිකරුවන් බවද අවුරුදු 40 සිට 45 දක්වා වූ වයස් සීමාවන්ගෙන් යුතු පුද්ගලයන් බවද මස්කෙලිය පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය .
සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මස්කෙළිය පොලිසිය විසින් සිදු කරනු ලබයි .












ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










