මොවුන් රටට කිව්වේ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කිව්වත් වහල මත ඇති සූර්ය පැනල මත ගෙවූ මිල රු. 37 සිට ගිය රජය රු. 27 දක්වාත් මේ රජය රු. 19 දක්වාත් අඩු කළ බවත් මෙය සූර්ය බලශක්තියට එල්ල කල මරු පහරක් බවත් ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 5ක් තුළ මෙගාවොට් 2000ක් පද්ධතියට එකතු කරනවා යැයි කිව්වත් එය නොකර අහිංසක ව්‍යවසායකයන් නොමග යවා බොහෝ අය සුර්ය බලශක්තියට යොමු කර අනාථ කළ බවත් සුනීත බලශක්ති අධිකාරියේ ආයතන 680ක් සුර්ය බලශක්තිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවත් මේ නිසා සෘජු හා වක්‍ර රැකියා ලක්ෂයක් ඇති බවත් මොවුන් වහල මත ඇති සූර්ය බලාගාර හරහා මෙගාවොට් 1709ක් ද භූමියේ ඇති සුර්ය බලාගාර හරහා මෙගාවොට් 140ක් ලබා දෙන බවත් මේ නිසා මොවුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News










