මැදිගිරිය, මිරිස්හේන ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කර තිබේ. (Sri Lanka Latest News)
පොලිසිය සඳහන් කළේ ඊයේ (15) පස්වරු 7.00ට පමණ ඇය ගෙවත්තේ එළිමහනේ සිටින අවස්ථාවේදී වෙඩිතැබීම සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ 36 හැවිරිදි තිදරු මවක් වන අතර ඇගේ මෘත දේහය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර තිබේ.
අදාළ කාන්තාව සහ ඇගේ අනියම් සැමියා සමග ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැකකරයි..