• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට අරගලයට සජිත්ගෙන් පණිවුඩයක්! ‘අපි ආණ්ඩුවට අවසන් පණිවුඩය දෙමු’!

July 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හෙට ආරම්භ වන අරගලයට සහාය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ශක්තියෙන් ආණ්ඩුවට අවසන් පණිවිඩය දෙමු!

රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුනු කොට මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කොට දමා ඇති ආණ්ඩුවට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ තිබේ.

දෙවසරකට වැඩි කාලයක් තිස්සේ අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණි. මීට එරෙහිව, සමගි ජන බලවේගය නොනවතින අරගලයක යෙදුණු අතර, නිර්පාක්ෂික සිවිල් සමාජය තුළද ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු විය.

එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණවූ පුරවැසි අරගලයයි.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව අරගල කරන පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

එහෙත් මේ ආණ්ඩුව විසින් එයද සිදු කරනු ලැබීය. ඔවුන්ගේ අරගලය, බලසම්පන්න විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත් විය.

• මේ මහා අරගලය ආරම්භ වූ මොහොතේ සිට අරගලයේ අරමුණු සහ ඉලක්ක අපගේ අරමුණු සහ ඉලක්ක වලටද සමපාත වූ බැවින් ඔවුන්ගේ අරගලයට අපේ ආශීර්වාදය හිමි විය.

• හෙට (09) එහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර එම ජනතා අරගලයට සමගි ජන බලවේගයේත් සමගි ජන සන්ධානයේත් පූර්ණ ආශිර්වාදය, සහ සහයෝගය අපි නොපිරිහෙලා ලබාදෙමු.

• මේ තත්ත්වයෙන් කුපිත ව සිටින ආණ්ඩුව දැන් වෑයම් කරන්නේ ප්‍රාථමික සහ මිලේච්ඡ ප්‍රතික්‍රියා මගින්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමටය.

ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, නැමැති හලාහල විෂ යොදා මේ මහා ජනතා අරගලය අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටී.

මේ මොහොතේ උද්ගතව පවත්නේ මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධතාවයයි. වේදනාවයි. විරෝධතාවය උදෙසා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි වීමට කිසිදු බලවේගයකට අයිතියක් නැත.

ජනතා වේදනාවට සහ විරෝධයට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි නොදෙන ලෙස සියලු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිමු. ආරක්ෂක අංශ සිදු කළ යුත්තේ පුරවැසියා ආරක්ෂා කිරීම මිස ආණ්ඩුව ආරක්ෂා කිරීම නොවන බව අවධාරණය කරමු.

• ආණ්ඩුවේ කූඨ සහ බියගුළු අරමුණු වලට හසු නොවී කටයුතු කිරීමත්, අවිහිංසාව පෙරදැරිව මේ මහා පුරවැසි අරගලය විජයග්‍රහණය දක්වා රැගෙන යාමත් අප සියලු දෙනා සතු වගකීමක් වන අතර ඒ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය උදෙසා අපගේ සියලු ශක්තීන් ලබා දෙමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

අරගලකරුවන් එක්ක ආරක්ෂක අංශවල 8116ක් හෙට කොළඹට!

Next Post

කොළඹට එන සිසු පා ගමන කැලණියෙන් ඔන්න එනවා! හෙට 11ට කොළඹදී එකතු වෙමු! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.