• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ගැන ගහපු ටොම් පචයක් අතේ පත්තු වෙයි! I Sri Lanka Latest News

March 27, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වන අතර තුර සමාජ මාධ්‍ය ඔස්සේ ද, දේශපාලන පක්ෂ, නායකයන් සම්බන්ධයෙන් නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“රවි, රනිල් හැරයයි! පළාත් පාලනයට රවී සජබ එක්ක වැඩ!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

ඉහත “Info Sri Lanka” නැමැති ෆේස්බුක් පිටුවක පළකර තිබු සටහනේ ඡායාරුපයක් WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප කටයුතු කළේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂය හැරදා පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය සමගින් එක් වන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

ඒ අනුව අප මේ සම්බන්ධයෙන් ලිපියක් අද(26) ‘අනිද්දා’ පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී ඇති බවට දැක ගන්නට ලැබුණා.

එහි සඳහන් කර තිබුණේ, “එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ සිලින්ඩරය ලකුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සමඟ කටයුතු කිරීමට සූදානම්” බව ට වාර්තා වන බවයි

මේ හේතුවෙන් අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මේ සම්බන්ධ අදාළ පාර්ශවයන් කිහිපයක් සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

රවී කරුණානායක 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය සමගින් එක් වීමේ තීරණයක් ගෙන ඇත් ද, යන්න අප ඒ මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැවසුවේ, මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය තොරතුරක් බව ත්, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

සමගි ජන බලවේගය

සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය පවසා සිටියේ රවී කරුණානායක සමගින් සමගි ජන බලවේගයේ එකතු වීමක් නොමැති බව ත්, එය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය සියලු ම ආසන සඳහා තනිවම ‘ටෙලිෆෝනය’ ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර ඇති අතර එහි දී රට බංකොලොත් කිරීමට හේතු වූ පක්ෂ හෝ පුද්ගලයන් සමඟ විවිධ පක්ෂ ඩීල් දේශපාලනයක නිරත වුවත් සමගි ජන බලවේගය නිරන්තරයෙන් ම ජනතාවාදී පක්ෂයක් නිසා එවැනි බංකොලොත් දේශපාලන ඩීල්වලට එකතු නොවන බවට ඔවුන් සඳහන් කරනු ලබනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂය (අලියා ලකුණ), සිලින්ඩරය ලකුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ලකුණ) පක්ෂයේ විවිධ පාර්ශ්ව විවිධ අවස්ථාවල දී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අන්දමට එම පක්ෂ සමඟ සමගි ජන බලවේගයට කිසිඳු ගණුදෙනුවක් හෝ දේශපාලන දීගයක් නොමැති බවත් සමගි ජන බලවේගය සෑම විට ම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන බවත් සඳහන් කළ යුතු බවයි.

එබැවින් යම් අපේක්ෂකයකු සමගි ජන බලවේගය හා එක්වීමට කැමැත්තක් දක්වන්නේ නම් එම අපේක්ෂකයා ද වරදාන වරප්‍රසාද ප්‍රතිලාභවලින් තොරව ජනතා සේවයට කැපවුණු අයකු නම් සමගි ජන බලවේගයට එක්විය හැකි බවත් එසේ නොමැතිව, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයට එක්විය නොහැකි බවත් එවැනි බංකොලොත් දේශපාලනය සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් කරනු ලබනවා.

එමෙන්ම දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහි පුවත්පත් සහ විවිධ වෙබ් අඩවි උපයෝගී කරගෙන සිලින්ඩරය ලකුණින් පාර්ලිමේන්තුවට, තේරී පත්වූ රවී කරුණානායක ඇතුළු පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක්ව වැඩ කරන බවට වන ව්‍යාජ අසත්‍ය ප්‍රචාර දියත් කරමින් යන බවත් එම ප්‍රචාර ආදියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පෙන්වා දෙනවා.

එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශය තහවුරු කළේද, සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ, මෙතෙක් මන්ත්‍රී රවී කරුණානායක  මහතා විසින් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී සමගි ජන බලවේගය සමගින් එකතු වන බවට කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව ත්, මෙම පුවත අසත්‍ය බවයි.

සැයු: ඉදිරියේදී රවී කරුණානායක මහතා සජබ සමග එක්වීමේ තීරණයක් ගන්නේ නම් ඒ බවට තහවුරු වූ තොරතුරු සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප  බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක්ව වැඩ කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය මෙන්ම රවී කරුණානායක මහතා ද තහවුරු කරනු ලබයි.

FACTCRESINDO

SendShareShare
Previous Post

තවත් බිහිසුණු රිය අනතුරක්! තුවාල ලැබූ පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බස්නාහිර මදුරුවන්ට ගුවන් ප්‍රහාරයක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.