• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනත සම්මත කරපු විදිහ වැරදිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ඇතුළත් කළේ නැද්ද? ව්‍යවස්ථාව උල්ලංඝනය කළාද? කතානායක කාර්යාලයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්! VIDEO I Sri Lanka Latest News

February 7, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
සූදානම් වෙන්න! කන්න නැති කාලයක් එනවා! කතානායක රටටම අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.Sri Lanka Latest News

පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කරන ඒකාබද්ධ ක්‍රියාවලියක් බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නොමැති බවද කථානායක කාර්යාලය පවසයි.

මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු අය පවා මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයක් බවද කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැණිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය විසින් මහජනතාවට කරනු ලබන පැහැදිලි කිරීම වෙනුවෙන් නිවේදනයක් ඊයේ (06) නිකුත් කර ඇති අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීම සහ ඉන් පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබේ.

මහජනතාවගේ දැනගැනීම පිණිස සහ රැවටීමට ලක්වීම වැළැක්වීම සඳහා, නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ පැහැදිලි කරනු ලැබේ.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විරෝධතා සලකා බලනු ලැබීමෙන් අනතුරුව සති තුනක කාලයක් ඇතුළත ස්වකීය තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ. කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව එළඹෙන පළමු වැනි පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමු වැනි දිනයේ දී ම එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර, එම සම්පූර්ණ තීරණය එදිනම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි පළ කරන ලෙසට ද නියෝග කරයි.

ඉහත සඳහන් කළ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, 2023 ඔක්තෝබර් 03 වැනි දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කථානායකතුමා 2023 නොවැම්බර් මස 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය

කර එය එදින හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙසට ද නියෝග කළේය. ඉන් පසුව එය උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට ප්‍රවේශ විය හැකි ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව, අදාළ අමාත්‍යාංශය විසින් (මෙහිදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශය) නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහාය

ඇතිව පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි මෙම සංශෝධන ඉදිරිපත් කිරීම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් සිදු කරනු ලැබේ. එම සංශෝධන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දෙනු ලැබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාවලියම අනුගමනය කරන ලද අතර, එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු වැනි දිනය වූ 2024 ජනවාරි 23 වැනි දින පෙරවරුවේ අදාළ සංශෝධන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර බෙදා දෙන ලදි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගනු ලැබූ අතර, එහි කාරක සභා අවස්ථාව එම විවාදයේ දෙවැනි

දිනය වූ 2024 ජනවාරි 24 වැනි දින පස්වරු 5.00ට ආරම්භ විය. එම පනත් කෙටුම්පත වගන්තියෙන් වගන්තිය සම්මත කර ගන්නා අවස්ථාවේ කථානායකතුමා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සංශෝධන ලැයිස්තුව අනුව එක් එක් සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලැස්වූයේය. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිල මැදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන මඟින් ඇතුළත් කර ඇති බව කථානායකතුමාට දැනුම් දුන්නේය.

මේ අවස්ථාවේ ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා යම් යම් ගැටලු ඉස්මතු කළ බැවින්, ඒ සම්බන්ධයෙන් ඒ මහතාට වැඩිදුරටත් කරුණු පැහැදිලි කර දෙන ලෙස කථානායකතුමා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව කටයුතු කළේය.

එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව, සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේ

දී සම්මත විය. එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මඟින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ඩුක්‍රම

ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකය ද ලබා දුන්නේය.

මෙම සමස්ත ක්‍රියාවලියේදීම, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැත. එම බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු වේ; එනම් එහි මන්ත්‍රීවරුන්ට, බොහෝ විට බහුතර ඡන්දයෙන් එය සිදු කළ හැකිය.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 79 සහ 80 ව්‍යවස්ථාවන් ප්‍රකාරව එම පනත් කෙටුම්පත

පිළිබඳ සහතිකය අත්සන් කිරීමට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටියි. ඒ අනුව කථානායකතුමා අදාළ සංශෝධන ද අන්තර්ගත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බවට පත් කරමින් එකී පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය 2024.02.02 වැනි දින අත්සන් කළේය.

මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. පාර්ලිමේන්තුව විසින් නීතිසම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදුකරන ඒකාබද්ධ ක්‍රියාවලියක් බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැත.

මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු අය මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයකි. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ චර්යාව හේතුවෙන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හා අනුකූල වන බව සහතික කිරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද පැමිණ සිටීම අවශ්‍ය කරන තරමට (2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනතෙන් පසුව) එම මන්ත්‍රීවරුන්ගේ සවිඥානය වැඩිදියුණු වී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණක් වන නමුත්, ඉහත පැහැදිලි කළ පරිදි කථානායකවරයාට එවැනි ගැටලු සම්බන්ධයෙන් කිසිදු අභිමතයක් නොමැති බැවින්, නොසලකා හරිනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද කවර නිර්දේශ දැයි එම මන්ත්‍රීවරුන් නිශ්චිතව සඳහන් කරන්නේ නම් අදාළ බලධාරීන්ට එවැනි චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධ සියලු ම ලියකියවිලි සහ ක්‍රියාපටිපාටි පරීක්‍ෂා කර කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සහ විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි බැවින් ඒ සඳහා සාදරයෙන් ආරාධනය කරන්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වසනීයත්වය හෑල්ලූවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව

කථානායක කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙයි.

SendShareShare
Previous Post

අපි ආරක්ෂක අංශ එක්ක වැඩ කරද්දි වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ෆොන්සේකා! නැගෙනහිර ආඥාපති හැටියට අරුණ ජයසේකර වැඩ කරද්දි සහරාන් වර්ධනය වුණේ ඒ කාලෙලු! ජෙනරල් පාලිත ප්‍රනාන්දු ගැන කිව්වෙත් බොරුවක්! එහෙනම් යුද හමුදා මූලස්ථානයට ගැහුවේ සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්න කාලෙනේ! ෆොන්සේකා ගැන අනුරගෙ මතය මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය තත්ත්වය අයහපත්ලු! අද කෙහෙළියට පාර්ලිමේන්තු එන්න බෑලු! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.