• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රට යවපු මගේ කෙල්ලව ගෙනත් දීපන්’ කියමින් කුරුණෑගල පෙම්වතෙක් රැකියා ඒජන්සි හිමිකරුගේ බෙල්ල කපයි! ඒජන්සි හිමිකරු බරපතළ තත්ත්වයෙන් ICU එකේ! පෙම්වතා රිමාන්ඩ්! Sri Lanka Latest News

December 13, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
85 හැවිරිදි ආච්චි අම්මා ඝාතනය කළ 25 හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ප්‍රදේශයේ විදෙස් රැකියා ආයතනයක් මගින් විදෙස් රටක ගෘහ සේවයට යවන ලද සිය පෙම්වතිය වහාම ගෙන්වා දෙන්නැයි කියමින් පෙම්වතා විසින් එම ආයතන හිමිකරුගේ බෙල්ල කප තුවාල කොට ඇති සිදුවීමක් වාර්තා වේ.Sri Lanka Latest News

එම සැකකාර සැමියා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අද (12) නියම කොට ඇත.

මෙම සැකකරු කුරුණෑගල නාවින්න හන්දියේ අල් ආක්ෂා විදේශ රැකියා ආයතනයේ හිමිකරු වන එම්.එස්.එම්. නූර් අමින් මහතාගේ බෙල්ල කපා තමාගේ බෙල්ල ද කපා ගැනීමට උත්සාහ කොට ඇති බව පැවසේ.

පසුව අත්අඩංගුවට ගත් බව කියන සැකකරු පිටස්තර කිසිවෙකුටත් හඳුනාගත නොහැකි වන අන්දමට සම්පූර්ණයෙන්ම ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළේය.

බෙල්ල කැපීම නිසා බරපතල තුවාල ලැබූ අල් ආක්ෂා විදේශ රැකියා ආයතනය හිමිකරු වන නුර් අමින් මහතා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ යැයි කියමින් කුරුණෑගල පොලිසියේ සැරයෙන් ජයසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළේය.

අල්ලාක්ෂා විදේශ රැකියා ආයතනයට දහවල් දෙකයි තිහට පමණ පැමිණ ඇති සැකකරු එහි හිමිකරු හමුවීමට ගොස් ඇතැයිද ටික වේලාවකට පසු හිමිකරුගේ කාමරය දෙසින් නැගුණු ශබ්දයක් නිසා පැමිණිලිකාරිය ඇතුළු පිරිසක් හිමිකරුගේ කාමරයට ගොස් ඇතැයි දැනුම් දුන් පොලිස් සැරයන් ජයසිංහ මහතා රට යවපු මගේ කෙල්ලව ගෙනත් දීපං කියා තර්ජනය කරමින් සැකකරු නුර් අමීන් මහතාගේ බෙල්ල කපා ඇතැයි දැනුම් දුන්නේය.

ඒ වන විටත් අමීන් මහතාගේ බෙල්ල කැපී රුධිරය වහනය වී ඇතැයිද පැමිණිලිකාරිය මෙන්ම පොලිස් නිලධාරියෙකුද පැමිණ අමීන් මහතා ළඟට යෑමට සැරසුණත් ආවොත් උඹවත් මරණවා කියමින් සැකකරු ආවේගශීලීව හැසිරී ඇතැයි ද ඒ අවස්ථාවේදී ආයතනයේ මැනේජර්වරිය වන කස්තුරි මහත්මිය එකවරම සැකකරුගේ ඇඟට කඩාගෙන පැන ඔහුද බිම පෙරලාගෙන පිහිය අල්ලාගෙන ඇතැයිද දැනුම් දුන් සැරයන් ජයසිංහ මහතා පසුව මහත් පරිශ්‍රමයක් දරා බරපතළ කැපුම් තුවාල සහිතව සිටි නූර් අමීන් මහතා කාමරයෙන් එළියට ගැනීමට පිරිස පියවර ගෙන ඇතැයිද දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී සැකකරු ඔහුගේ බෙල්ලටද පිහිය තබාගෙන බෙල්ල කපා ගැනීමට උත්සාහ දරා ඇතැයිද ඒ අවස්ථාවේදී පොලිස් පරීක්ෂක සරත් සුමනවිර මහතා ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද පසුව කැපුම් තුවාල ලබා සිටි නූර් අමීන් මහතා සහ කස්තුරි මහත්මිය වහාම රෝහල් ගත කර ඇතැයිද දැනුම් දුන් පොලිස් සැරයන් ජයසිංහ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අමීන් මහතාගේ තත්ත්වය බරපතල කම හේතුවෙන් ඔහුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකි වී ඇතැයි දැනුම් දුන්නේය.

සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහැවී ඇති අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද ඔහු හසලක ප්‍රදේශයේ සිට පිහියක්ද සඟවාගෙන මෙම අපරාධය කිරීමට සැලසුම් සහගතව පැමිණ ඇතැයිද සැකකරු හඳුනාගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න අයද ඉල්ලා සිටි සැරයෙන් ජයසිංහ මහතා සැකකරු රිමාන් භාරයට පත් කරන්නයි ද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලසා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 18 වෙනිදා දක්වා රිමාන් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා එදින හඳුනාගැනීමේ පෙරටුවක්ක් සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා කුරුණෑගල පොලිසියෙ ස්ථානාධිපතිවරයාට නියම කළේය.

SendShareShare
Previous Post

ලංකාවේ මිනිස්සු ඇටි හැලෙන්නම බීලා! සුරාබදු ආදායම බිලියන 200ත් පැනලා! අරක්කුවලින් ලංකාව ස්වයංපෝෂිත වෙන හැඩයි! Sri Lanka Latest News

Next Post

අදත් ෂෙයාර් මාකට් එක අලුත් රෙකෝඩ් එකක් තියලා! ඒකත් ඉතිහාසයේ පළමුවරට! Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.