මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය.Sri Lanka Latest News
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි.
අද දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.








