• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම අවදි කරවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ රාජකාරි අවසන් දින විශේෂ ප්‍රකාශය! අධිකරණයට එහි ඇතුළතින්ම එල්ල වන තර්ජන වඩාත් බරපතළයි! පිටත තර්ජන පරාජය කළත් ඇතුළත තර්ජනවලට මුහුණ දීම ලේසි නෑ! විනිසුරුවරුන් හා නීතිඥයන් කවුරුත් කතාකරන්නේ නැහැ! විනිසුරුවරයකු අධිකරණ ස්වාධීනත්වය පාවාදිය යුතු නැහැ! Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රට විනාශ වෙන තීන්දු ගත්තැයි මහින්ද-බැසිල්-පී.බී.-කබ්රාල්-ලක්ෂ්මන් හා ව්‍යාපාරික සමන්ත කුමාරසිංහට ‌එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා!
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයට නොයෙකුත් ආකාරයේ තර්ජන එල්ල වන අවස්ථා තිබෙනවා. මෙහිදී නිවැරැදි විශ්වාසයන් ඇති විනිසුරුවරයකුට අධිකරණයේ ස්වාධීනත්වයට පිටතින් එල්ල වන තර්ජනවලට එරෙහිව නැගීසිටිය හැකි අතර, නීතිඥයන් සහ අනෙක් විනිසුරුවරුන් එක්වීමෙන් එවැනි බාහිර තර්ජන පහසුවෙන් පරාජය කළ හැකියි. එහෙත් මෙම වටපිටාවේදී අධිකරණයට එහි ඇතුළත්ම එල්ල වන තර්ජන ඊට වඩා බරපතළ අතර, ඒවා පරාජය කිරීම වඩාත් දුෂ්කර ක්‍රියාවක්. මෙහිදී මා පැහැදිලි කර සිටින්නේඅධිකරණයට පිටතින් එන තර්ජනවලට වඩා අධිකරණය තුළ ඇති තර්ජන විශාල අර්බුදයක් බවයි. මම සෑම විටම අධීකරණයේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ විනිසුරුවරයෙක්. මම හැම විටම එයට ගරු කළා. මෙවැනි තර්ජන අර්බුද හමුවේ නීතිඥයන් කතා නොකරන්නේ ඒ ඔවුන්ගේ විනිසුරුවරයා නිසා විය හැකියි. විනිසුරුවරුන් කතා නොකරන්නේ එය ඔවුන්ගේ පෞරුෂයට බලපාන නිසා විය හැකියි….’ Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයට අදාළව ඇසෙන මෙම ආන්දෝලනාත්මක කතාන්දරය කුමක්ද? එනම් යම් විටෙක අධිකරණයකට කිසියම් අයුරකින් විවිධ තර්ජන එල්ල වීම යනු මහත් අර්බුදකාරී තත්ත්වයකි. එවැනි තත්ත්වයක් අපගේ රටේ ඇති අධීකරණයටත් උද්ගතව තිබීම ඉහත කතාව හරහා පැහැදිලි වෙයි. මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකරන්නේ කවරකු විසින්ද? ඔහු මෙරට නීති ක්ෂේත්‍රයේ විද්වතකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාය. මෙම ප්‍රවීණ විනිසුරුවරයා මෙයට දින කිහිපයකට ඉහතදී තම අධිකරණ සේවයෙන් විශ්‍රාම ගත්තේය. දැන 65 වැනි වියේ පසුවන විනිසුරු ගාමිණී අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් 2019 ජනවාරි 09 වැනි දින වැඩ භාරගත්තේය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම පත්වීම සිදුකරන ලදී. එනම් මෙම කීර්තිමත් විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙහි වසර 05කට වඩා කාලයක් කටයුත ු කර ඇත. ඔහු තමාට වයස අවුරුදු 65 සම්පූර්ණ කිරීමෙන් පසු පසුගිය 2025 ජුනි 17 වැනිදා විශ්‍රාම ගියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් තීන්දු ලබාදීමේ තම සේවා අවසන් දිනය අවසානයේ පැවැති විශේෂ උත්සවයකදී ඔහු ඉහත අදහස් පළ කළේය. එහිදී අගවිනිසුරුවරයාගේ සහ අනෙකුත් අධිකරණ විනිසුරුවරුන්ගේ අවසරය ඇතිව අධීකරණය අමතමින් ඉහත සුවිශේෂ ප්‍රකාශය ඔහු සිදු කළේය. විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ ආරම්භක වසරවලදී ඔහුට මග පෙන්වූ මෙරට සිටි ප්‍රකට සහ කීර්තිමත් විනිසුරුවරයකු වූ ජේ.එෆ්.ඒ. සෝසා මහතා සිහිපත් කරමින් අපූරු සත්‍ය සිදුවීමක් කියන්නට වූයේය.
‘එක්තරා ශ්‍රේෂ්ඨාධිකරණයක එහි ප්‍රධාන විනිසුරුවරයකු තමන් විනිසුරු අසුනෙහි හිඳ රාජකාරියෙහි නිරතව සිටින විටදී එම අධිකරණයට එක්තරා බලගතු කාලිෆ්වරයකු පැමිණ තිබෙනවා. (කාලිෆ්වරයකු යනු මුස්ලිම් ජන සමාජයක ඉතා ප්‍රබල වූ ආගමික හා දේශපාලන නායකයෙකි). මෙම කාලිෆ්වරයා දුටු සැණින්ම කලබල වූ විනිසුරුවරයා වහා තම රාජකාරි කටයුතු නවතා අසුනෙන් නැගිට සිට කාලිෆ්වරයාට ආචාර කර තිබෙනවා. මඳ වේලාවකින් අධිකරණය තුළ සිටි ප්‍රබල ඉස්ලාමික නායකයා එතැනින් පිටව ගොස් තිබෙනවා. එහෙත් අවසානයේ සිදුව තිබෙන්නේ කුමක්ද? කාලිෆ්වරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පැමිණීම නිසා විනිසුරුවරයා අධිකරණ අසුනෙන් නැගිටීම අධිකරණයට සිදුකළ අවමානයක් හා පරිභවයක් බවත්, එහෙයින් මෙම විනිසුරුවරයා විනිසුරු ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවත්ය. බලන්න මෙලෙස සිදුව ඇති සත්‍ය සිද්ධිය. තරගකාරී සමාජයකදී කාලිෆ්වරයකු ඉදිරියේ තමන්ගේ ස්වාධීනත්වය පාවාදෙන හෝ ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ සඳහා හෝ ඔවුන් පසුපස යන ප්‍රධාන විනිසුරුවරුන්ගේ මෙම ප්‍රවණතාවය අපි නතර කරන්නේ කෙසේද? මෙය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මගේ සිහිනයට තර්ජනයක් බව මට හැඟෙනවා. මම මෙවැනි අදහස් කියන්නේ විනිසුරුවරයකු වීම ගැන මම අඩම්බර වූ නිසා නමුත්, අධිකරණ සේවා කොමිසමේ සහ මෑත අතීතයේ මගේ අත්දැකීම් හරහා එම හැඟීම තරමක් බිඳදැමූ නිසායි. එවැනි තර්ජන ජයගැනීම අප සැමගේ යුතුකමකි. මෙම වටපිටාවේ නීතිඥයන් කතා නොකරන්නේ ඒ ඔවුන්ගේ විනිසුරුවරයා නිසා විය හැකියි. විනිසුරුවරුන් කතා නොකරන්නේ එය ඔවුන්ගේ පෞරුෂයට බලපාන නිසා විය හැකියි. එහෙත් අවසානයේ දුක් විඳින්නේ කවුද…?’

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළේ තමන් අධිකරණයට මුලින්ම සම්බන්ධ වූයේ 1988/89 කැරැල්ල පැවැති සමයේදී බවයි. මුලදී වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට තමන්ගේ පළමු පත්වීම ලැබුණු බවත්, ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා එම ගමන පැමිණි ආකාරයත් ඔහු අවධාරණය කළේය. එසේම තමන්ට එතැන් සිට නීතිඥ මණ්ඩලයේ උපරිම සහයෝගය හිමිවූ අතර, තමා ඉදිරියේ නඩු විභාග කළ කීර්තිමත් නීතිඥවරුන් ගැනද විශේෂයෙන් සඳහන් කළේය. නීතිඥයකුගේ මෙම රාජකාරි නිර්මාණශීලීත්වය නොතිබුණේ නම් විනිසුරුවරයකුගේ කාර්යය නීරත වීමට ඉඩ තිබුණු බවත් විනිසුරු ගාමිණී අමරසේකර මහතා අවධාරණය කළේය. එසේම විනිසුරුවරයකුට අන් අයගේ කරදරවලට සවන් දීම පහසු නොවන බවත් මෙම ප්‍රවීණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

නීතිඥවරුන් ලෙස වෙස් වලාගෙන අමරසේකර ගිය ගමන

විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා පසුගියදා උත්තරීතර අධිකරණය තුළදීම ප්‍රකාශ කළ අධිකරණයට පිටතින් සහ ඇතුළතින් එල්ල වන නොයෙකුත් තර්ජන ගැන වූ ප්‍රකාශය මේ වනවිට සමාජයේ බොහෝ කතාබහට ලක්ව ඇත. එමෙන්ම මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙරට රාජ්‍ය පාර්ශ්වයන්ගේ දැඩි අවධානයටද දක්ව ඇත. මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති අර්බුදයක් මෙයින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවූ එක්තරා අධිකරණ සිදුවීමක් මෙහිදී මතකයට නැගෙයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් එම අප්‍රේල් මස මුල එක්තරා රහසිගත ක්‍රියාවලියක නිරත වූයේය. මෙය සැබැවින්ම ඉතා අපූරු රසවත් කතාවකි. එහිදී ඉහත විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක නිරත වූ අතර, එහිදී බහුවිධ පැමිණිලිවලට ලක්වූ මහෙස්ත්‍රාත්වරයකුගේ හැසිරීම රහසිගතව නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව අදාළ මහෙස්ත්‍රාත්වරයාගේ අධිකරණයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු සත්‍යය අවබෝධ කරගෙන විනිසුරුවරුන් විසින් එම ස්ථානයේදීම මහෙස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කර වැඩබලන මහෙස්ත්‍රාත්වරයකු පත්කර තිබිණි. මෙහිදී අපූරු සිදුවීම නම් විනිසුරුවරුන් දෙදෙනා නීතිඥවරුන් ලෙස වෙස්වලාගෙන අධිකරණයට ඇතුළ් වී තිබීමයි. ඔවුන් අධිකරණ ශාලාවට වෙන වෙනම ඇතුළු වී මහජනතාව සමග මිශ්‍ර වී ඇත්තේ හඳුනා ගැනීමට නොහැකි වන ලෙසය. විනිසුරුවරුන් දෙදෙනා මාරවිල අධිකරණය වෙත වෙන වෙනම රාජකාරි වාහනවලින් ගමන් කොට අධිකරණයට දුරින් වාහන නවතා පයින් අධිකරණය වෙත ගමන් කොට ඇත. පැය ගණනාවක් පුරා චෝදනා ලත් මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය විනිසුරුවරුන් දෙදෙනා විසින් නිරීක්ෂණය කරන ලද අතර, එහිදී නිසි අයුරින් සාක්ෂි රැස්කර ගැනීමට ඔවුන්ට හැකිවී ඇත. ඒ අනුව දිවා ආහාර විවේකයේදී මහෙස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට පැමිණි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනා මහෙස්ත්‍රාත්වරයා කැඳවා හදිසි පරීක්ෂණයක් සිදු කළේය. ඒ අනුව ඔහුගේ පැහැදිලි කිරීම් ගැන සෑහීමකට පත් නොවන බව දැනගත් විනිසුරුවරුන් වහාම එම ස්ථානයේදීම ඔහු වැඩ තහනමකට ලක්කරන ලදී. අධිකරණ සේවා කොමිෂන් සභාවට කාලයක් පුරා ලැබුණු පැමිණිලිවලට අනුව මෙම මෙහෙයුම සිදුව තිබිණි. මෙහිදී පෙනී යනනේ අප අද කතා කළ ගාමිණී අමරසේකර විනිසුරුවරයා බොහෝ සුවිශේෂ පුද්ගලයකු බවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ටිල්වින් තමයි දැන් චරිතෙ! I Sri Lanka Latest News

Next Post

හරෝ හරා…. යාල මැදින් කතරගමට ආ බිහිසුණු ගමන! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.