• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරෝ හරා…. යාල මැදින් කතරගමට ආ බිහිසුණු ගමන! Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හරෝ හරා…. යාල මැදින් කතරගමට ආ බිහිසුණු ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරු කෙළවරේ යාපනයේ සෙල්ලසන්නිධි කෝවිලෙන් ගමන් අරඹා කතරගම දෙවියන් ගමන් කළ මග ඔස්සේ ඔකඳ දේවාල බිම හරහා රුහුණු කතරගම මහා දේවාලය වෙත යනු ලබන පාද යාත්‍රාව මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. කුරුලු ඇසකින් බලන්නකුට දාස්පෙතියා යායක මෙන් සිරිගන්නා සෙල්ලසන්නිධි කෝවිල් පරිශ්‍රය සියලු පුදපෙත් ඉටුකොට සූදානම් වන්නේ කතරගම මහ දෙවොල වෙත පාගමන අරඹන්නටය. උතුරේ ජනතාව පේවී සියලු වැඩකටයුතු නිමකොට ගමන සඳහා සූදානම් වන්නේ මාස තුනකටත් වැඩි කාලයක සිටය. උතුරුකර කෙළවර සිට අතිදුෂ්කර ගමන් මගකින් දකුණුලක මහ දෙවොලට පැමිණෙන මේ බැතිබර ගමන ශ්‍රී ලාංකික සැමදෙනා හඳුන්වන්නේ පාද යාත්‍රාව ලෙසටය. කෝවිල් සිය ගණනක් වැඳපුදා ගනිමින්, දෙවියන් සොයා යන අතිදුෂ්කර, අතිසුන්දර මෙන්ම අතිබිහිසුණු මේ ගමන සඳහා වාර්ෂිකව එක්වන දෙව් බැතිමතුන් සහ පරිසර වන්දනාකරුවන් ගණන තිස්දහස ඉක්මවයි. මෙවර වන්දනා සමයේද ඒ ප්‍රමාණය තිස්දහස ඉක්මවන බව නිසැකය. දුෂ්කර වූද අතිශයින්ම අවදානම් සහිත වූද මේ ගමන් මගේ අපි ඇවිද යමු. Sri Lanka Latest News

නැකත එළඹෙන තෙක් සියලු දෙනා නොඉවසිල්ලෙනි. දින කිහිපයක් ඔකඳ දේවාල බිමෙහි පුද පූජා තබමින් රැඳී සිටින බැතිමතුන් දැන් වන මං මස්සේ ගමන ඇරඹීමට සූදානමිනි. නැකතට අනුව කුමන ජාතික වනෝද්‍යානයෙන් මහ වනයට ඇතුළු වන පාදයාත්‍රාව පළමු නවාතැන බවට පත්කරගනු ලබන්නේ බාගුරාව (බාගුරේ) නම් වූ සුන්දර විල්ලුවයි. කිඹුලන්, වන අලින් මෙන්ම කුළුහරකුන් ගහන මෙම විල්ලුව පළමු දින නවාතැන බවට පත්කර ගැනීම සාමාන්‍ය සිරිත වුවද ජවසම්පන්න පිරිස් කණ්ඩායමෙන් මිදී තම පළමු නවාතැන ලෙස කුඹුක්නක් ඔය අසබඩ කුඩා කැබලිත්ත දේවාල බිම තෝරා ගනිති.

යාපනයේ සිට පැමිණෙන පිරිසට මෙම ගමන සඳහා දින දහයක හෝ ඊට වඩා කාලයක් ගතකිරීමට හැකිවුවද අනෙකුත් පිරිස මෙම ගමන දින හතරකින් නිමා කිරීමට සැලසුම් කරති. මෙම බැතිබර ගමන සඳහා දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන්ද විශාල පිරිසක් එක්වන අතර, ඇතැමුන් මෙම පාදයාත්‍රාව පරිසර වන්දනා ගමනක් බවට පත්කර ගන්නේ එහි ඇති මිහිරියාව හේතුවෙනි.

ප්‍රචණ්ඩත්වයෙන්, නිෂ්පාදන සහ පරිභෝජන රටාවන්ගෙන් පිරුණු ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්ව පුරා දින 4ක්, රාත්‍රීන් 3ක් වන සතුන් පිරි හුදෙකලා ලොවක වෙනස් සංස්කෘතික ඇදහුම් විශ්වාස පිරි සොඳුරු මිනිසුන් සමග කිලෝ මීටර් 100ක් පා ගමනින් කතරගම දෙවි සුරිඳුන් වන්දනා කරනු වස් පානම ඔකඳ දේවාලයෙන් ගමන් අරඹා කුමන ජාතික වනෝද්‍යානය, යෝධ ළිප, බාගුරා කළපුව, කුරුලු පාරාදීසය, කුඩා කැබිලිත්ත ඔස්සේ පැමිණ කුඹුක්කන් ඔය තරණය කර යාල ජාතික වනෝද්‍යානයට පිවිස ගජබා පිටිය, ළිං තුන, කටුපිල ආර, පරණ තොටුපළ (මැණික් ගඟ) / වරහන කඳවුර හරහා කටගමුවට පැමිණ කතරගම දක්වා දෙවියන් දකිනුවස් අප ඇවිද යන්නේ සොබාදමේ හදවත මතිනි.
කිසිදු භාණ්ඩයක් මිලටගත නොහැකි මෙම ගමන සඳහා අවශ්‍ය ජල ගැලුමේ සිට බර කරට ගත් බැතිමතුන් වන විල්ලු, ජල දුර්ග, බඩවැටි, කාන්තාර බිම් පසුකරමින් සාමූහිකව ඉදිරියට ඇදෙන්නේ බජන් ගී නදින් වන අරණ පුරවාලමිනි. එසේම මෙම ගමනේ ප්‍රධාන සලකුණු ලෙස ‘හරෝ හරා’ යන නාදය භාවිත කරති.

අතීතයේදී අතිශයින්ම දුෂ්කර වූ මේ ගමන අද වනවිට එදා පැවැති තත්ත්වයට වඩා දුෂ්කරතා අවම ඇති බව කීවොත් නිවැරදිය. මේ අතිශය දුෂ්කර ගමනේ දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීමට දැන් විවිධ ආයතන ඉදිරිපත් වී සිටිති. ඒ අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව ඉටුකරන්නේ සුවිශේෂ මෙහෙවරක්ය. යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ලබාදී ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් චමින්ද ගලප්පත්ති සහ 12 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් විශ්වජිත් විද්‍යානන්දගේ මූලිකත්වයෙන් පාද යාත්‍රාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරයි.

මේ ගමනේ අතිශයින්ම දුෂ්කර අදියර වන්නේ කුඹුක්කන් ඔය සිට ළිංතුන හරහා කටුපිලආර දක්වා වූ කොටසයි. මේ ප්‍රදේශයද ආවරණය වන පරිදි යුද හමුදාව සියලු බැතිමතුන් වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීම සිදුකරනු ලබයි. එසේම යුද හමුදා වෛද්‍ය බළකාය සහ සිවිල් සංවිධාන සමගින් පැය 24ම රෝහල් ක්‍රියාත්මක වන අතර ඉන් සැලසෙන සේවය අතිමහත්ය. එසේම යුද හමුදාවෙන් දායකත්වය දක්වන දන්සල්ද මීට ඇතුළත්ය. කටගමුව රක්ෂිත පිවිසුම ආසන්නයේ ලබාදෙන දන්සල ඉන් සුවිශේෂ ස්ථානයක් ගනී.
ළිංතුන ප්‍රදේශයේ ක්‍රියාත්මක රෝහල නැගෙනහිර පළාත් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ සැලසුම්, ප්‍රජා සෞඛ්‍යය විශේෂඥ වෛද්‍ය අලගෙයියා ලතාහරන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

‘අපි සියලු දෙනා මෙතැන වැඩකරන්නේ ස්වෙච්ඡාවෙන්. අපිට මස්කෙළියේ ඉන්න බාලේන්ද්‍ර කියන ව්‍යාපාරිකයා. ඒ වගේම තමයි යුද හමුදාව. මුලින්ම මම මේ මෙඩිකල් කෑම්ප් එක කළේ ආමි වොලන්ටියර් විදිහට. අපි 2014 ඉඳන් මේ කෑම්ප් එක කරනවා. අපිත් එක්ක සිංහල වෛද්‍යවරු විශාල වශයෙන් එකතු වෙලා ඉන්නවා. එදා ඉඳල අපි හමුදාවත් එක්ක හොඳ විදිහට වැඩ කරනවා. මෙතැන යුද හමුදාව විසින් කරන හොඳ වැඩක් තමයි වතුර සපයන එක. කවුරු හරි අතරමං වුණොත් එයාව හොයාගන්න එකයි අපිට කටිටය අඩුවෙන කොට එයාලත් ඇවිත් වැඩකරනවා අපි එක්ක. හමුදාව අපිට විශාල සහයෝගයක් දෙනවා…’

‘හරෝ හරා ස්වාමි හරෝ හරා..’ යන්න මෙම ගමනේදී සුබපැතුම් පාඨයක් ලෙස භාවිත වේ. අප සුබ දවසක් යැයි ප්‍රාර්ථනා කරන ආකාරයට මෙම ගමනේ එය හමුවෙන සෑම කෙනකුගේම මුවගින් මතුවේ.

ඉඳහිට මුහුණට මුහුණ හමුවන සද්දන්තයන් මෙන්ම විශාල කුළුහරකුන් දුටු විගස බැතිමතුන් උද්වේගකර හඬින් ‘හරෝ හරා’ යැයි නද දෙති. වන සතුන්ගෙන් කිසිදු අතුරු ආන්තරාවක් නොවීමට මුරුගන් දෙවියන් තමා ආරක්ෂා කරන බවට බැතිමත්හු තදින්ම විශ්වාස කරති.
‘හරෝ හරා’ උච්චාරණය පිළිබඳ විවිධ මත පාදයාත්‍රාව සමග බැඳී පවතී. එක් නඩයක ඉදිරියෙන්ම ගමන් කරන්නා පළමුව හරෝ හරා යැයි කී විට දෙවැන්නා එය යළි එය උච්චාරණය කරයි. මෙලෙස දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක වරින් වර හරෝ හරා යන හඬ දහයක් ඇසීම තුළින් ගමනේ මූලිකයා තම කණ්ඩායම සුරක්ෂිතව තමා පසුපස පැමිණෙන බව තීරණය කිරීම එක් කරුණකි. පාදයාත්‍රාව ඉතා වෙහෙසකර ගමනකි. එම ගමනේදී අවශ්‍ය ඔක්සිජන් නිරතුරුවම ලබාගැනීමට හරෝ හරා යන්න උච්චාරණය ඉවහල් වන බව පසුකාලීනව ගොඩනැගුණු වෛද්‍ය මතයකි. කෙසේ වෙතත් හරෝ හරා යන්න උච්චාරණය තුළින් ගමනේ වෙහෙස නිවෙන බවත් වන සතුන් සියලු දෙනා වන මගින් ඉවත් වන බවත් විශ්වාසයයි.

පාද යාත්‍රාවේ යෙදෙන සියලු දෙනා සවස් යාමයට පෙර තම නිශ්චිත වන නවාතැන්පොළට පැමිණීට වගබලා ගනිති. මෙම ගමනේ ප්‍රධානතම නවාතැන්පොළ කිහිපයකි. බාගුරේ, කුඩා කැබිලිත්ත, ළිංතුන, කටුපිලආර, පරණ තොටුපළ සහ වරහන මෙම ප්‍රධාන නවාතැන් වෙයි. එම නවාතැනට පැමිණෙන ප්‍රධාන නඩය නවාතැනට යාබදව අතුපතර විහිදුණු රූස්ස ගසක් පාමුල දෙවියන් වෙනුවෙන් සංහිඳක් ඉදිකරති. කොහොඹ අතු වටකොටගත් මෙම සංහිඳ පාමුල එතැන්පටන් දෙවියන් වෙනුවෙන් විවිධ පුදපූජා පැවැත්වීමට සියලු දෙනා එකාවන්ව එක්වෙති. දෙවියන් වෙනුවෙන් මුරුතැන් පූජා තබන බැතිමතුන් ඉන් අනතුරුව තමාට ආහාර පිළියෙළ කරති. රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් අනතුරුව සිදුවන්නේ බජන් ගී ගැයීම වෙනුවෙන් සියලු දෙනා එක්වීමයි. මධ්‍යම රාත්‍රිය ගෙවීයන තෙක් බුම්මැඩි වයමින් රබන් නද කරමින් බජන් ගී ගයන බැතිමතුන් තමාගේ ජීවිතය දෙවියන්ට භාරකරමින් පැය කිහිපයක සුවදායක නින්දකට පසුව උදෑසනම ඇහැරී තම ගමන අරඹන්නේ දෙවියන් දැකීම ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්කර ගනිමිනි. මෙසේ දින ගණනාවක් එක දිගට යන ගමනේ දුෂ්කරම අඩවිය ලෙස සියලු දෙනා හඳුන්වන්නේ කුඹුක්නක් ඔය සහ ළිංතුන අතර ප්‍රදේශයයි. කුඩා කටු පඳුරු සහිත කිලෝමීටර හයකට නොඅඩු එම භූමිය වැලි කුනාටු සහිත එකකි. සිහින් වැලි තද සුළං සමග එක්ව ප්‍රචණ්ඩව ඇස් කෙවෙණි පසාරු කරන එම බිමේ ගමන දෙවියන් වෙනුවෙන් තම ජීවිතය කැපකරන බිම ලෙස බැතිමත්හු විශ්වාස කරති.
මෙම ගමන පිළිබඳ අත්දැකීම් බහුල පිරිස් දෙවියන් පිළිබඳ බොහෝ කතාන්දර කියන්නේ රාත්‍රියේ ගිණිමැල සුව විඳින විටදීය. මෙම ගමන් මගෙහි කතරගම දෙවියන් නිරතුරුවම වෙනස් වේශයකින් සැරිසරන බවට ඔවුහු විශ්වාස කරති. සුදු වේට්ටියකින් සැරසී සුදු තලප්පාවක් ඉහ වටා බැඳගත්, සැරයටියක් අතින් ගත් ශාන්ත ඍශිවරයකු ලෙස කතරගම දෙවියන් ජීවමානව හමුවූ පිරිස් පාදයාත්‍රාවට එක්වන්නෙකුට හමුවිය හැකිය. එසේ එකම වේශයෙන් එකම පුද්ගලයා තැන් කිහිපයක හමුවූ අවස්ථා පිළිබඳ කතාන්දර වේල් ස්වාමි ලියුම්කරු සමග පවසා තිබේ. මෙම ගමනේදී භයානක කුළුමීමුන් කල්ලි සුලබව මගදිග හමුවන අතර වන අලින්ද ඉඳහිට හමුවෙයි. රාත්‍රී නවාතැන්පොළ අවට වළසුන් සහ දිවියන් ඉඳහිට දැකිය හැකි අතර කරවටක් ගිලී ගමන් කරනා ගංගාවල කිඹුලන් සිය ගණන් දැකිය හැකිය. නමුත් මෙම කිසිදු අයකු වන්දනාකරුවන්ට කිසිදු අනතුරක් සිදු නොකිරීම දෙවියන් දකින්නට යන බැතිමතුන්ට කරනු ලබන ගෞරවයක් බව සියලුදෙනාගේ විශ්වාසයයි.

ඒ අනුව ගත් කල පාදයාත්‍රාව කතරගම දෙවියන් පිළිබඳ බැතිබර විශ්වාසයෙන්ම යන දුෂ්කර සුන්දර බැතිබර ගමනකි. දේව බැල්මෙන් මෙම මගට පිවිසෙන කිසිවකුටත් අනතුරක් සිදු නොවේ. වයස මාසයේ බිලිඳාගේ සිට වයස අවුරුදු අනූව දක්වා බැතිමතුන් පාදයාත්‍රාවේදී ලියුම්කරුට මුණගැසී ඇත. මෙම සියලු දෙනා තුළම ඇත්තේ කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකි. භක්තියකි. වනමං පසුකරමින් නාවල්අඩිය නම් තෙවැනි නැවතුමට පැමිණෙන බැතිමතුනට ඊළඟට හමුවන්නේ ජල දුර්ග සහිත මාර්ගයකි. කිඹුලන් බහුල මේ ජල තටාගයන්හි නේකවිධ සියොත් සිරින් පිරී තිබේ. කෙසේ වෙතක් මේ ජල තල හරහා ගමන් ගැනීම අන්තරාදායක වන්නේ කිසිදු විටෙක මිනිස් සේයාවක් නොදකින දැවැන්ත කිඹුලන් විශාල වශයෙන් මෙම රාජධානියේ සිටිනා බැවිනි. නමුත් කිසිදු බැතිමතකු මේ ජලමං හරහා ගමන් කිරීමට බියක් නොදක්වති. කතරගම දෙවියන් තමා ඇතුළු කණ්ඩායම සුරක්ෂිත කරනු ඇති බව මේ සියලු දෙනා අදහති. පාදයාත්‍රා සමයේ මෙම තුලානේ සියලු වැව්වල කිඹුලන්ට කඳසුරිඳුන් විසින් තහංචි පනවන බවත් මෙම වැව්වල කිසිදු කිඹුලකුට හෝ කිසිඳු වන සතෙකුට මිනිසුනට අතුරු අන්තරාවක් සිදුකළ නොහැකි බවත් මේ සුන්දර මිනිසුන් විශ්වාස කරති. එම නිසාම දහස් ගණනක් මිනිසුන් කිසිදු බියකින් තොරව මෙම වැව් තරණය කරන්නේ නමුත් සැබෑවටම කිසිදු මොහොතක ඔවුනට කිසිදු අතුරු අන්ත්‍රාවක් සිදු නොවීම මෙම දේව විශ්වාසය තහවරු කරන්නකි.
තමා පාදයාත්‍රාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින සියලු දේ නිසැකවම ලැබෙන බවත්, එම බාරය නිදහස් කිරීමට පාදයාත්‍රාවෙන් දෙවියන් නැමදීමට යන බවත් ලියුම්කරු සමග පැවැසූ පිරිස බොහෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනා පාදයාත්‍රාව සමග හතළිස් වරකට වඩා සහභාගි වූ බැතිමතුන්ය. මෙසේ දින ගණනක් මහවන මැදින් පැමිණෙන පාදයාත්‍රාව අවසානයේ කටගමුව වන උයන් පිවිසුමෙන් පිටව ගමනාන්තය වෙත ළඟාවේ. එසේ පැමිණෙන ඔවුහු රුහුණු කතරගම මහා දේවාලයේදී තම වතාවත්වලට එක්වන්නේ දිනපතා පුද හරසර පවත්වමිනි.

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්ලයට පසුව මෙසේ පාදයාත්‍රා පුදපෙත් නිමකරන බැතිමතුන් එකිනෙකාගෙන් වෙන්වී තම ගම්බිම් කරා පිටව යන්නේ ලබන වසරේ හමුවීමේ බලාපොරොත්තුව සමගිනි. දින ගණනාවක් එක්ව එකම අරමුණකින් එකම මගක එන පිරිස වෙන්වීමේදී එකවර දැනෙන වෙන්වීමේ පාළුව පාදයාත්‍රාවට එක්වන සියලු දෙනා හොඳින් දනී. පාදයාත්‍රාව යනු දෙවියන් වෙනුවෙන් මිනිසුන් යන චාරිකාවකි. ජීවන චාරිකාව තරමටම කටුක සහ සුන්දර එම ගමනේදී දෙවියන් විසින් සැබෑ අව්‍යාජ මිනිසුන් එක් කරයි.

(දිලංක ගුණතිලක පාද යාත්‍රාවෙන් අනතුරුව)

SendShareShare
Previous Post

මුළු රටම අවදි කරවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ රාජකාරි අවසන් දින විශේෂ ප්‍රකාශය! අධිකරණයට එහි ඇතුළතින්ම එල්ල වන තර්ජන වඩාත් බරපතළයි! පිටත තර්ජන පරාජය කළත් ඇතුළත තර්ජනවලට මුහුණ දීම ලේසි නෑ! විනිසුරුවරුන් හා නීතිඥයන් කවුරුත් කතාකරන්නේ නැහැ! විනිසුරුවරයකු අධිකරණ ස්වාධීනත්වය පාවාදිය යුතු නැහැ! Sri Lanka Latest News

Next Post

ජනාධිපති අරමුදල ගමට ගෙනියන විදිහ දකුණේ නිලධාරීන්ට උගන්වයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.