විදුලි ගාස්තු යළිත් වටයකින් ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා ගැනීමට නව දත්ත ගොනු සහිත ලේඛන අද (02) හෝ හෙට(03) මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. (Sri Lanka Latest News)
මෙම විදුලි ගාස්තු ඉහළ නැන්වීමෙන් අපේක්ෂා කරන්නේ පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම බව විදුලිබල මණ්ඩලය පවසා ඇත.
ඒ වෙනුවෙන් නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළේය.
ඒ අනුව මෙය ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩල ප්‍රකාශයෙකු පැවසුවේය.
ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.
lankasara










