වැල්ලවත්ත මුහුදු වෙරළට අද (05) උදෑසන ගොඩගසා තිබූ සැක සහිත පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මියගිය තැනැත්තා විසිඅට හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණ වී ඇති බවත් වැල්ලවත්ත පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.
මියගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැලුම් සලකුණු දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය රත්නා ගමගේ විසින් සිදුකරන ලදී.
වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා, කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජයරාජ් යන නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
lankasara










