• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැව් බිඳෙන බැමි කැඩෙන සාපයක්! Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැව් බිඳෙන බැමි කැඩෙන සාපයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ශ්‍රී ලංකාව කියලා කියන්නේ වැව් බැඳි රාජ්‍යයක්. අපිට තිබුණු ලොකු ශක්තියක් වුණේ වැව්. මහ සයුර පරයන මහා වැව් බැන්ද අපේ මිනිස්සු ඒවා පරම්පරා ගානක් ආරක්ෂා වෙන විදියට විවිධාකාර උපක්‍රම යෙදුවා. අපි බතින් බුලතින් සරු ජාතියක් බවට පත්වුණා. නිල්ල නිලන කෙත් යායවලට කන්න දෙකේම නොබිඳී ජලය සපයන්න පුළුවන් විදියට අපි අපේ වාරි තාක්ෂණය දියුණු කරගත්තා. අපේ මිනිස්සු පිටරටටත් හාල් යවපු ඉතිහාසයක් ගැන පතේ පොතේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි හාල් පිටරටින් ගේනවා. අපේ කුඹුරු ටික රැකගන්න බැරි, වතුර ටික හරියට අවශ්‍ය මොහොතට, අවශ්‍ය දවසට, අවශ්‍ය විදියට බෙදාගන්න බැරි බාල ජාතියක් බවට පත්වෙලා. ඒකට වගකියන්න ඕනේ කලින් දවස්වල අපි ලියනවා වගේම පරම්පරා ගානක් තිස්සේ මේ රටේ දේශපාලනය කරපු උදවිය. මේ රටේ විවිධාකාරයේ අය විවිධ චරිත අරගෙන විවිධ රූප අරගෙන විවිධ වෙස් මූණු දාගෙන එකම වේදිකාවට නැගලා එකම නැටුම එක එක විදියට නටනවා. අපි එක එක තාලෙට අත්පුඩි ගහනවා. සමහර කාලෙකට ඒ නටන්නේ අපි ආසා නළුවා වුණාම අපි ඔල්වරසන් දෙනවා. විසිල් ගහනවා. අපි වේදිකාව ඉස්සරහා බල්ටි ගහනවා. අපි අකැමැති කෙනෙක් නටනකොට අපි හූ කියනවා. නැටුම කැතයි කියලා කෑගහනවා. බැහැලා යන්න කියනවා. ආයෙත් මේගොල්ලෝ එහෙන් මෙහෙන් මාරු වෙවී එකම නැටුම කාලයක් තිස්සේ නටනවා. දැන් මේ නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති කතාවක්. (Sri Lanka Latest News)

අපි දැක්කා අලුත්දිවුල්වැව සිද්ධිය. ජලාශය කඩාගෙන යෑමට ආසන්න බව දැකපු මිනිස්සුන්ට මහා ඔට්ටු විල්ලක් ඔට්ටු වෙලා යාන්තම් මේක ගොඩදාගන්න පුළුවන් වුණා. ඒත් අපි දන්නවා අලුත්දිවුල්වැව මේ විදියේ ගැටලුවක් තියෙනවා කියලා මිනිස්සු කියලා තියෙන්නේ අදක ඊයෙක නෙවෙයි. අවුරුදු ගානක් තිස්සේ මේගොල්ලෝ මේ ගැන විවිධ කණ්ඩායම්වලට කියලා තිබුණා. නමුත් ඉතින් මොකද වුණේ? පැලැස්තර යොදලා, විවිධාකාර උපක්‍රම යොදලා බේරගන්න හැදුවට ඇත්ත කතාව තමයි මේ කළෙත් ඉතාම තාවකාලික වැඩක්. අවුරුදු ගානක් තිස්සේ මේ විදියට බැම්මක යම් කැඩුමක් බිඳුමක් දැක්කම අපේ කට්ටිය කළේ වැලි කොට්ට ටිකක් දාලා ෂේප් වෙච්ච එක. මේ වෙලාවේ වැව වටෙන්ම හතර අතින් වැව් බැම්ම කඩලා, දැන් වැවෙන් වැඩක් නෑ, වැවේ වතුර ටික රඳන්නේ නෑ, ඒත් එක්කම මහ පාරට වතුර ගහලා වතුර ටික යනවා. කුඹුරු ටිකට වතුර නෑ, වැව බේරගත්තා. හැබැයි වැව බේරගත්තා කිව්වට මේ බේරගත්තේ හරියට එළුවගේ සහ මුට්ටියේ කතාව වගේ. අන්තිමට එළුවත් නෑ, මට්ටුයත් නෑ කියන තැනට මේ ප්‍රශ්නය දරුණු වෙලා තියෙනවා.

ඒ අස්සේ තවත් ප්‍රශ්නයක් එළියට එනවා. ඒත් ජලාශයක් කැඩී බිඳී යෑම පිළිබඳ කතාවක්. මේ විදියට ජලාශ කීපයක් කැඩිලා බිඳිලා යනකොට අපිට කතාකරන්න වෙන්නේ මේ ඉතිහාසය ඇතුළේ අපි මොනවද කළේ කියන එක. ඒක බරපතළ සහ භයානක තත්ත්වයක්. කාලයක් තිස්සේ අපි එකතු කරගත්ත දේවල් මොනවද කියන එක මේ මොහොතේ සාකච්ඡා කරන්න වෙනවා. ගල්ඔය ගඟේ ඉවුරු කැඩීයෑමත් එක්ක මාර්ග කීපයක් ජලයෙන් යටවීම, මේ මාර්ග අවහිර වීමට නියමිත වීම සහ මේවා සම්පූර්ණයෙන් කැඩී යෑමට තියෙන අවදානම. ඒ වගේම ගල්ඔය ගඟේ ඉවුරුවලට වැලි කොට්ට දාලා වහන්න බෑ කියන එක අපිට බැලූ බැල්මටම තේරෙනවා. ඒ නිසා මේක දැන් භයානක සහ අවදානම්කාරී තත්ත්වයක්. සංකීර්ණ ගැටලුවක්. මොකද ජලාශ කීපයකට බලපෑම් වෙන, ගම්මාන කීපයකට බලපෑම් වෙන තත්ත්වයක් තමයි ගල්ඔය ගඟේ ඉවුරු කැඩීයෑමෙන් සිදුවෙන්න හැකියාව තියෙන්නේ.

අපි දන්නවා කාලයක් තිස්සේ අපේ රජවරු මහා වැව් බැන්දා. නුවර කලාවිය කියන නම අනුරාධපුරයට ලැබෙන්නේ නුවර වැව, කලාවැව සහ පදවිය වැව කියන වැව්වල එකතුව නිසා. මේ විදියට හැදිච්ච වාරි සංස්කෘතිය කාලයක් තිස්සේ අරගෙන එන්නට ඩී.එස්.ලා ඩඩ්ලිලා පුළුවන් විදියට වැඩ කළා. අවසාන වශයෙන් සී.පී. ද සිල්වා මේ වෙනුවෙන් විවිධ කැපකිරීම් කළා. අපි අහලා තියෙනවා ඔහු වැව් බැම්ම රැකගන්න බාරයක් වෙච්ච හැටි. මේ බාරය වෙලා අවශ්‍ය කරන පූජාව ලබාදෙන්න තමන්ගේ කර පළලා ලේ ගොටුවක් දුන්න කතාව පවා අපි අහලා තියෙනවා. මේ වැව් බැමි රැක්කේ ගම රකින්න, මිනිස්සුන්ව රකින්න, රට රකින්න, මිනිස්සුන්ගේ බඩවියත රැකීමේ අභිප්‍රායන් ඉෂ්ට කරන්න. අහසින් වැටෙන වතුර බින්දු ටික මහපොළොවේ සරුසාර අස්වැන්න නෙළන තැනට පත්කරන්න මේ අයට අවශ්‍ය වෙච්ච නිසා. ඕනේ නම් කරඇරලා යන්න තිබුණා. වැවක් කියලා කියන්නේ මොකක්ද කියලා කොළඹ ඉඳන් ලිපි ලියන අපිට තේරෙන්නේ නැති වුණාට වැවක් කියන්නේ කොච්චර වටිනා සම්පතක්ද කියලා වැවේ වතුරෙන් ජීවත් වෙන මිනිස්සු දන්නවා. වැව් බැම්ම කියලා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ.

ගේදොර වතුපිටි යටකරගෙන මහා ජල කඳක් ගලාගෙන යන්න නියමිතයි වැව් බැම්ම කැඩුණාම. අපිට ජනප්‍රවාද සාහිත්‍ය තියෙනවා. වැව් බැම්ම රැකගන්න තමන්ගේ ජීවිතේ පූජා කරපු සිටුවරුන්ගේ පුත්තුන්ගේ කතන්දර. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. මෛත්‍රීපාල සේනානායක මහත්තයා පටන් අරගත්ත වාරි ව්‍යාපෘතිය, ගාමිණී දිසානායක මහත්තයා අවුරුදු 7කින් ඉවර කරපු එක ගැන අපි කියනවා. හැබැයි ඉන් පස්සේ මහාපරිමාණ ජලාශ කීපයක් හැර කුඩා වැව් ඉදිකිරීම සඳහා අපි සැලසුමක් හැදුවේ නෑ. වැව් රැකගන්න අපි සැලසුමක් හැදුවේ නෑ. වැව් පිටිවල හරක් දඟලන කාලෙට අපි වැව් හිඳිලා කියලා ලිපි ලිව්වා. හැබැයි වැව හිඳුණු කාලෙට වැව් පුරවන විදිය ගැනවත්, වැව පිරුණම ඒ වැවේ ජලය හරියට පාවිච්චි කරන විදිය ගැනවත්, වැව් බැමි වැවට අදාළ සමහර ඉදිකිරීම් රැකගෙන වැව ආරක්ෂා කරගන්න විදියවත් අපි දැනගෙන හිටියේ නෑ සහ අපිට සැලසුමක් තිබුණේ නෑ. අද වෙද්දී මේ වාරි තාක්ෂණයට අදාළ නිලධාරීන් ඉන්නවා. වාරිමාර්ග පද්ධති රැකගැනීම සඳහා ඔවුන්ට දැනුම සහ මිල මුදල්, විශාල පහසුකම් ප්‍රමාණයක් දීලා තියෙනවා. හැම වැවක්ම භාරව ඉන්නවා නිලධාරීන් පිරිසක්. එතකොට යම් වැවක ජල කාන්දුවක් තියෙනවා නම්, යම් බිඳුමක් තියෙනවා නම්, වැව් බැම්මක යම් ඉරිතැළීමක් තියෙනවා නම් ඒ සඳහා කඩිනම් පියවර ගැනීම සඳහා රජය සහ ඊට අදාළ බලධාරීන්, අදාළ අමාත්‍යාංශ්‍ය සියල්ල සූදානමින් ඉන්නවා. නමුත් අපි කාලාන්තරයක් තිස්සේ වැවට අදාළව විවිධ සෙප්පඩවිජ්ජා කරමින් මේ සෙල්ලම කරගෙන යනවා. දැන් වැව් බැමි බිඳෙනවා.

හෙට අපි කන්නේ මොනවද කියලා හිතනකොට රටේ ඉන්න සමහර මිනිස්සුන්ගේ දේශපාලන කියවීම සහ අපේ රටේ සමහර අයගේ සමහර හැසිරීම් දැක්කට පස්සේ තේරෙනවා ප්‍රශ්නයක් නෑ වැව බිඳුණට වැව් පිටියේ තණකොළ හැදෙයිනේ, ඒවා කන්න පුළුවන් වෙයිනේ කියලා. හැබැයි තණකොළ කන්න බැරි මිනිස්සු ගැන මේ රටේ ජීවත් වෙනකොට කනගාටුයි. ඒකට හේතුව දැන් අපි පරාජය වෙමින් යනවා. පත්වෙච්ච රජයට හදිසියේම වැව් රැකගන්න කරන්න දෙයක් නෑ මේ මොහොතේ. නමුත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් අපේ රටට අවශ්‍යයි. දීර්ඝකාලීනව මේ දේවල් රැකගන්න. ඒ නිසා අපි චෝදනා කරන්නේ පාරම්පරික කාලාන්තරයක් තිස්සේ මේ රටේ දේශපාලනය කරපු සියලු දෙනාටම බව ඔබට දැනුම් දෙන අතරතුරේ අරයට මෙයාට ඇඟිල්ල දික්කරන්නේ නැතුව හැමෝම එකතු වෙලා මේ කතාවේ චෝදනාව බෙදාහදාගන්න කියලා මතක් කරන්න කැමැතියි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ගැන ජනපතිට බරපතළ සංදේශයක්! දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන 25ක් අස්සන් කරයි! මේ විදියේ සංදේශයක් මෙරට ජනපතිවරයකුට දුන් ප්‍රථම අවස්ථාව! මාධ්‍ය නිදහසට අදාළව නව රජයේ හොඳ නරක සියල්ල හෙළි කරයි! ඉක්මනින්ම පියවර ගත යුතු යෝජනා කිහිපයක්ම ප්‍රකාශ කරයි! Sri Lanka Latest News

Next Post

බෙහෙත් හිඟයට ඇමැති නලින්ද දෙන්න යන බෙහෙත මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.