රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන ඒල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයකු ඔහුගේ බිරිද සහ මාර්ගයේ ගමන් කරමින් සිටි දරු තිදෙනෙක් බව පොලීසිය කියයි.
ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 2023 වසරේ අප්‍රේල් 23 දින රත්නපුර නව නගරයේ දී සිදු වූ මාරක රිය අනතුරක ප්‍රධාන වගඋත්තරකරුට බව හඳුනා ගෙන ඇතැයි පොලීසිය කියයි.
නඩුව සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාල රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
lankadeepa







