විපක්ෂනායක ධූරය වෙනස් වන බවට පුවත්පතක පළ කොට තිබූ පුවත පට්ටපල් අතේ රෝලක් බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකධුරය වෙනත් පුද්ගලයෙකුට දෙන බව මාධ්‍ය ආයතන කිහිපයක් සහ ආණ්ඩුව විසින් කුලියට ගත් සමාජ මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් සමාජ ගත කරන්න උත්සහ කර තිබුණා. ඒ ප්‍රවෘත්තිව සම්පුර්ණ අසත්‍ය කතාවක්. ඒ වගේම ආණ්ඩුවේ නොවන පාර්ලිමේන්තුවේ දෙවැනියට වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂයේ මහලේකම්වරයා ලබාදෙන ලියුමකින්. විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විපක්ෂ නායකවරයා වෙනස් කරන ලෙස ඉල්ලුවත් විපක්ෂනායකධුරය වෙනස් කළ නොහැකියි. සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායකධුරයට පත්කරන ලෙස 2019 දී මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලා සිටියා නමුත් එය වෙනස් කරන්න නොහැකි වුණා.
ඒ වගේම වමාංශික ආණ්ඩුවට එරෙහිව රටේ තිබෙන දක්ෂිණාංශික කදවුරු සියල්ල එකතු කළ යුතුයි. එම කදවුරේ ප්‍රධාන මුල් පුරුක වන්නේ සමගි ජනබලවේගයයි. සමගි ජනබලවේගය සියලු කොලපාට කදවුරු එකතුකරගෙන වමාංශික ආණ්ඩුව විකල්ප බලවේගය නිර්මාණය කිරීමට ගන්නා උත්සාහය විනාශ කරන්න ඇතැම් කණ්ඩායම් උත්සහ දරනවා. ඒ වගේම ඔවුන් විවිධ ව්‍යාජ පුවත් සමාජ ගත කරන්න උත්සහ දරනවා.











