• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරෙන්තුවක් තියෙනවා! වහාම CIDයට බාරවෙන්න! නැත්නම් ඇවිත් ඇරෙස්ට් කරනවා! විශේෂ අංකයකින් පේරාදෙණි කලා පිඨාධිපතිට කෝල් එකක් ඇවිත්! ඒ අංකයෙන්ම හිටපු උපකුලපතිටත්-පේරාදෙණිය පොලිසියටත් කතා කරලා! I Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න කුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කෝල් කරලා! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටත් කතා කරලා! අද දිනයේදී විශේෂ හෙළිදරව්වක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මහනුවර සරත් සමරනායක 

-අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අත් අඩංගුවට ගැනීමට සිදුවී ඇති බැවින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතාට දුරකතන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් පිළිබඳව මධ්‍යම පළාත්  ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය  පොලිස්පති කාර්‍යාලය පරීක්ෂණ ආරම්භ කර ඇත.Sri Lanka Latest News

එසේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම තර්ජනාත්මක දුරකතන ඇමතුම පිළිබඳව පීඨාධිපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවය.

ආචාර්යවරයා මේ පිළිබඳව පේරාදෙණිය පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මීට දින තුනකට පෙර ආචාර්යවරයාගේ ජංගම දුරකතනයට දුරකතන ඇමතුමක් ගත් පුද්ගලයෙකු තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු බව පවසා අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අත් අඩංගුවට ගැනීමට සිදු වී ඇති බැවින් වහාම කොළඹට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වන ලෙස දැනුම් දී ඇත. එසේ භාර නොවන්නේ නම් කොළඹින් කණ්ඩායමක් එවා අත්අඩංගුවට ගැනිමට සිදු වන බවද දන්වා ඇත .

තමන් දන්නා තරමින් එවැනි වරෙන්තුවක් තමාට අධිකරණයෙන් නිකුත් කර නොමැති නිසා එසේ පැමිණිය නොහැකි බවද තමා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දැනුම් දී එය පහසුවෙන් කළ හැකි යැයිද ආචාර්ය ප්‍රභාත් ඒකනායක ඇමතුම ලබා දුන් පුද්ගලයාට දන්වා තිබේ.

මේ පිළිබඳව සැක සිතූ ආචාර්යවරයා පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අමතා තමාට ලැබුණු දුරකතන ඇමතුම ගැන දන්වා කරුණු විමසා තිබේ. ඒ වන විට පේරාදෙණිය පොලීසියට ද එම දුරකතන අංකයෙන්ම ඇමතුමක් ලැබී ඇති අතර ඉන් පවසා ඇත්තේ ද ආචාර්යවරයාට නිකුත් කර ඇති වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

පසුගිය ඉරිදා දිනයේ විශ්වවිද්‍යාලයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම පීඨාධිපතිවරයාට ලැබී ඇති අතර එදිනම එම දුරකතන අංකයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාටද තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ. ඉන් විමසා ඇත්තේ කලා පීඨයේ පීඨාධිපතිවරයාගේ තොරතුරුය.

පේරාදෙණිය පොලීසියේ ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එම දුරකතන ඇමතුම ලබා ගත් පුද්ගලයා සදහන් කළ නම සහිත නිළධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවයි . වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ එම දුරකතන ඇමතුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකුගේ නම සදහන් කරමින් ලබා දුන් ව්‍යාජ දුරකතන ඇමතුමක් බවයි .

ආචාර්ය වරයා මේ පිළිබඳව මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති අතර එමගින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදීද එම ඇමතුම ව්‍යාජ දුරකතන ඇමතුමක් ලෙස හදුනාගෙන ඇත.

දැනට සිදු කෙරී ඇති මූලික පරීක්ෂණ අනුව කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ඇමතුම ලබාදී ඇති බව හෙලි වී ඇති අතර දුරකතන සිම් කාඩ් පත විශේෂිත පුද්ගලයන් සදහා නිකුත් කරන ලියාපදිංචි නොකරන සිම්පතක් බව හෙළිදරව් වී ඇත.

සිද්ධිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස් පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන්  වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

ඉන්දියාව හඳට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 04කට පසුව පොළොන්නරුවට තද වැසි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper