කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී මියගිය බව කියන විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නැමැති දහසය හැවිරිදි දැරිය ඒම හෝටලයට රැගෙන ගිය සීසර් කෙනෙකු බව කියන ගයාන් නැමැත්තාට මේවන විට ද විවාහ දෙකක් ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබේ.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයට අනුව දැරිය සමග හෝටල් කාමරයේ සිට පලාගිය ප්‍රධාන සැකකරු ගයාන් විවාහ දෙකක් සිදුකරගෙන ඇති බව හෙළිකරගෙන ඇත.
විසිනම හැවිරිදි ඔහුගේ එක් බිරිඳක් පානදුර ප්‍රදේශයේත්, අනෙක් බිරිඳ කළුතර ඉසුරු උයනේත් පදිංචිව සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.










