• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චණ්ඩි මෙල්ල කරලා සිස්ටම් චේන්ජ් කරපු පොලිස් ස්ථානාධිපති රත්නායකට චණ්ඩින්ගෙන් මල් මිටක්…

July 31, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
චණ්ඩි මෙල්ල කරලා සිස්ටම් චේන්ජ් කරපු පොලිස් ස්ථානාධිපති රත්නායකට චණ්ඩින්ගෙන් මල් මිටක්…
Share on WhatsAppShare on Facebook

මේ දිනවල නිතිපතාම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ඉන්ධන පෝලිමක හෝ ඉන්ධන පිරවුම් හලක ඇතිවූ කලහකාරී සිදුවීම් පිළිබඳවයි. පෝලිම්වල සිටින ජනතාව මඟහැර පෝලිම් පනිමින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ ගැනීම ආදී සිදුවීම් හේතුවෙන් බොහෝ විට මෙම ගැටුම් ඇතිවනවා. දිනපතාම වාර්තා වන මෙවැනි කලහකාරී සිදුවීම් අතර ඉන්ධන හල් ආශ්‍රිත පෝලිම්වල සිදුවන යහපත් ක්‍රියාවන් පිළිබඳවද මේ වන විට වාර්තා වනවා. එහෙත් එවැනි යහපත් ක්‍රියාවන්ට ලැබෙන මාධ්‍ය ප්‍රචාරය අවම බැවින් ඒවා බොහෝ දෙනාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. පසුගිය දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වූ එවැනි සිදුවීම් කිහිපයක් අපි ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නේ, අපේ සමාජය තුළ යහපත් ගුණධර්ම වර්ධනයට එයින් පුංචි හෝ රුකුලක් ලැබේවි යන සතුවිල්ලෙන්.

‘පෝලිම්වල චණ්ඩින්ගෙන් මල් මිටක්’ යනුවෙන් පොලිස් නිලධාරියකුගේ ඡායාරූපයක් සමග උපුල් දේවප්‍රිය නමැති අය සිය මුහුණුපොතේ පෝස්ටුවක් පළ කර තිබුණා. ඒකල ජාඇල පොලිසියේ ස්ථානාධිපති ආර්.එම්.ජී.ඩී. රත්නායක මහතා සිදුකළ සද්ක්‍රියාවක් පිළිබඳවයි එහි සඳහන් වුණේ. මෙම සිදුවීම සිදුව තිබුණේ පසුගිය 23 වැනිදා රාත්‍රියේ ජාඇල Lora Fuel Station නමැති පිරවුම්හලේදීයි. බොහෝ දෙනෙක් මේ පිරවුම් හලේ සිටියේ දින තුනකට වඩා නිදි වර්ජිතවයි. ඉන්ධන බවුසරයක් කොයි මොහොතේ හෝ පැමිණේවි යැයි අපේක්ෂාවෙන් එම ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියා. මේ පෝලිම් කිලෝමීටර දෙක තුනක් දිගට පැතිර තිබුණා. එහි ඉදිරියෙන්ම සිටියේ තමන් ගමේ බව කියාගත් පිරිසක්. ඔවුන් ත්‍රිරෝද රථ රියැදුරන් වූ අතර, සිය හිතවතුන්ගේ වාහනද අයුතු ලෙස පෝලිමට ඇතුළු කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටියා. මෙලෙස පැය කිහිපයක් ගතවන විට ජාඇල මාර්ගය එකම වාහන ගොඩක් බවට පත්ව රථ වාහන තදබදයක්ද නිර්මාණ වුණා. ඒ අනුව ටික වේලාවක් ගතවන විට පිරවුම්හලේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ වුණේ එහි සිටි ඉහත සඳහන් කළ ගමේ චණ්ඩින් පිරිසගේ කලහකාරී හැසිරීම හේතුවෙන්. ඒ හේතුවෙන් දින ගණනාවක් පෝලිමේ රැඳී සිටි වාහන හිමියන් තම වාහනවලට වී සුසුම් හෙළන්නට වුණා. එහි සිටි පොලිස් නිලධාරී එම තත්ත්වය සමථයකට පත්කරන්නට දැඩි වෙහෙසක් ගත්තද ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හැසිරීම පාලනය කරන්නට ඔවුන්ටද හැකියාව ලැබුණේ නැහැ.

ඉන්ධන රැගත් බවුසර් රථයක් රාත්‍රී 11ට පමණ එහි ළඟා වී තිබුණේ ඒ අතරවාරයේදියි. ඒ වන විට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් තුනක ජනතාව රැඳී සිටින අයුරු දැකගත හැකි වුණා. ඔවුන්ගෙන් ඇතැමෙක් කූට ලෙස තම වාහනවල අංක තහඩු වෙනස් කරන අයුරුද නිරීක්ෂණය වුණා. ඒත් සමග පෝලිම් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන්නට වුණා. ඒ අතර ගමේ යැයි කියාගත් පිරිසගේ පෝලිම අසලට පැමිණි තරුණයන් දෙදෙනක් එම ත්‍රිරෝද රථ රියැදුරන්ට පවසා සිටියේ,

‘අසාධාරණයි නේද අයියේ, පෝලිම්වල ගොඩක් අය ඉන්නවානේ…’ යනුවෙන්.

ඒ සමගම අනෙක් පාර්ශ්වයේ අයකු ඔහුට පවසා සිටියේ,

‘යකෝ මේක අපේ ගම. අපේ වාහනවලට මුලින් ගහන්න ඕනේ…’ යැයි කියාය.

එම පිළිතුරෙන් පසුව තරුණයන් දෙදෙනා කිසිවක් නොකියා එතැනින් ඉවත්ව ගියා. ගතවූයේ නිමේෂයකි. වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක් ඒ අසල නතර කෙරුණා. එයින් බැසගත් පොලිස් ස්ථානාධිපති රත්නායක මහතා සිදුවෙමින් තිබූ අකටයුත්ත පිළිබඳ අවධානය යොමුකළේ ඒ වන විටත් පෝලිම්වල රැඳී සිටි ජනතාව පත්ව සිටි අපහසුතාව පිළිබඳ නිරීක්ෂණය කරමින්.

‘ඒයි තොපි කොහොමද මේ මිනිස්සුන්ගේ පෝලිම්වලට පනින්නේ…’ කියමින් ගමේ චණ්ඩින් බව කියූ පුද්ගලයන්ට රත්නායක මහතාගේ බැටන් පොලු පහර කිහිපයක්ද එල්ල වුණා.

ගතවූයේ සුළු මොහොතකි. පාර පුරා විසිරී තිබූ පෝලිම් සියල්ල එක පෝලිමක් බවට පත්වුණා. නොහික්මුණු සුළු පිරිසකගේ අසාධාරණ ක්‍රියාවන් හේතුවෙන් පීඩාවට පත්ව සිටි දහස් ගණනක් ජනතාව රත්නායක මහතා සිදුකළ ක්‍රියාව ඉහළින්ම අගය කරන්නට වුණා. ඒ මොහොතේ රත්නායක මහතා එහි නොපැමිණියේ නම් අදාළ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් කිසිවකුටත් ඉන්ධන ලබාගැනීමට නොහැකි වන්නට ඉඩ තිබූ බවයි බොහෝ දෙනා පවසා සිටියේ.

වෙනදාට වඩා දුරට පෝලිම් තිබුණත් ඒ සියලු දෙනාටම ඉන්ධන ලබාගැනීමට හැකිවුණේ පොලිස් ස්ථානාධිපති රත්නායක මහතාගේ මැදිහත් වීම නිසා බවද ජනතාව ප්‍රකාශ කර සිටියේ ඉතා සතුටින්. ඔහු ඉන්ධන හලේ තෙල් ලබාදීම අවසන් වන තුරුම එහි රැඳී සිටිමින් එම කටයුතු නිරීක්ෂණය කිරීමටද කටයුතු කර තිබුණා. ඉන්ධන ලබාගත් පුද්ගලයකු රත්නායක මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නට වුණා.

‘අනේ මහත්තයෝ මට ෆොටෝ එකක් ගන්න දෙන්නකෝ….’

‘ඒ මොකද බං…?’

‘සර් ලොකු පිනක් සර් කරගත්තේ…’

‘හරි හරි ගහපන්කෝ එහෙනම් ෆොටෝ එකක්…’

රත්නායක මහතා සිය අව්‍යාජ සිනාවෙන් එම ඡායාරූපයට පෙනී සිටියේ අල්ලසට දූෂණයට නතුව සිය රාජකාරිය කෙළෙසාගත් බොහෝ පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් දෙමින්.

අසාධාරණය වෙනුවෙන් බැටන් පොලු ඉස්සුවාට කවුරුත් වචනයක් කියන එකක් නැහැ. අද රටේ බොහෝ විට සිටින්නේ නිල බලයෙන් හිස උදුම්මාගත් පොලිස් නිලධාරීන් බව අසන්නට දකින්න ලැබෙන සිදුවීම්වලින් මනාව පැහැදිලි වනවා. ඒ අතර රත්නායක මහතා වැනි නිලධාරීන් පොලිසියට ආභරණයක් බව නොකියාම බැහැ.

රටේ නීතියට සියලු දෙනාම ගරු කළ යුතුයි. එවිට සියලු දෙනාටම බාධාවකින් තොරව සමාජ ජීවිතය ගෙනයන්නට හැකියාව ලැබෙනවා. එහෙත් යම් කෙනෙක් රටේ නීතියට ගරු නොකරන්නේ නම් ඔහුට අත්විඳින්නට සිදුවන්නේ වේදනාත්මක ප්‍රතිඵලයක්. එයට හොඳ උදාහරණයක් බොරැල්ල පොලිස් වසමෙන් පසුගියදා වාර්තා වුණා. ඒ, යතුරුපැදියකින් ඉන්ධන සොරකම් කිරීම හේතුවෙන් තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිදුවීමක්. මෙවැනි කනගාටුදායක සිදුවීම් රාශියක් ගතවූ දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ඉන්ධන වැඩි මිලට විකිණීම, ඉන්ධන සොරකම් කිරීම, ඉන්ධනවලට ජලය කලවම් කර විකිණීම වැනි නීති විරෝධී කටයුතුද ඒ අතර බොහෝ සෙයින් වාර්තා වුණා.

මේ සියලු සිදුවීම් එකින් එක ගළපා බැලීමේදී පෙනී යන්නේ ‘සිස්ටම් එක චේන්ජ් කිරීම’ ගැන අප කොයි තරම් කතා කළත්, එය තවමත් සිදුවී නොමැති බවයි. සමහර ඉන්ධන හල්වල ඉන්ධන අවභාවිත වෙනවා. ලංකාවේ ඉන්ධනහල් බහුතරයක ඉන්ධන හොර රහසේ තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රියාවලියක් තිබෙන බව පෙනී යනවා. දුබලයා පරදා ප්‍රබලයා ජයගැනීම ඒ සෑම තැනකම සිදුවෙනවා. ඇතැම් පොලිස් නිලධාරීන් සිය බලය යොදා සිය හිතවතුන්ට ඉන්ධන ලබාදෙනවා. එවැනි පොලිස් නිලධාරීන් පිළිබඳ සිදුවීම් රාශියක් සී.සී.ටී.වී. දර්ශනද සමග පසුගිය දින කිහිපයේම මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ පුවත්වල කියැවුණු තම රාජකාරිය අවභාවිත කළ පොලිස් නිලධාරීන්ට හාත්පසින්ම වෙනස්, සැබැවින්ම පැසසුමට ලක්කළ යුතු පොලිස් නිලධාරියකු ලෙස රත්නායක මහතා හැඳින්විය යුතුයි. එවැනි අවංක නිර්භීත පොලිස් නිලධාරීන් සෑම පොලිසියකම සිටියා නම් අපේ රට මීට වඩා නීතිගරුක, ගුණගරුක තැනක් වනවා නිසැකයි. ජනතාවගේ ආදරය ගෞරවය ඒ අවංක නිලධාරීන්ට නිතැතින්ම ලැබෙනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එක්තරා රූපවාහිනී නාළිකාවක් අද උදේ බොරු කිව්වා! අපි ඔළුගෙඩි මාරුවලට නෑ! සජබෙ තීන්දු ගන්නේ පක්ෂයක් හැටියට! අපි ඉන්නෙ නායක සජිත් ගන්න තීන්දු එක්කයි! (VIDEO)

Next Post

ජපානයද? නිමල් සිරිපාලද? ‘තායිසෙයි’ අල්ලස් චෝදනාව ගැන හොයන්න රනිල් පත්කළ කමිටුවේ වාර්තාව එළියටත් ඇවිත්!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.