• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාලකයින්ගේ කපටිකම්-සැහැසිකම්වලටත්-පුරවැසියන්ගේ මෝඩකම්වලටත් සීමාවක් තියෙනවා! ජනතාවගේ ඒ සීමා ඉර දැන් පැනල තියෙන්නෙ! මේ රටේ දැන් සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම්! මිනිස්සු හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා! ඉවසල ඉවසලා පාරට එන දවසකුත් තියෙනවා! එදාට රටේ මූලික නීතිය-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් ගානට වැටෙන එක වළක්වන්න බැරිවෙයි! ඩලස්ගෙන් ලොකු අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

March 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
සිගරැට් අලෙවිය 50%කින් අඩුවුණා! හැබැයි සමාගමේ ලාබය 121%කින් වැඩිවුණා! එහෙම වුණේ කොහොමද?‍‍ එක මුදල් ඇමැති ‌කෙනෙක් අයවැයෙන් සිගරැට් මිල 50%කින් අඩු කළා! වත්මන් ජනාධිපති අයවැයෙන් ගංජා නීතිගත කරන්න කතා කරනවා! එහෙම කරන්නේ ඇයි? ඩලස් දුම්කොළ මාෆියාවේ අලුත් පැත්තක් දකී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාලකයින්ගේ කපටිකම් සහ සැහැසිකම්වලටත් පුරවැසියන්ගේ මෝඩකම්වලටත් සීමාවක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් ගේ එම සීමා ඉර දැන් පැනල තියෙන්නෙ. මේ රටේ දැන් සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම්. මිනිස්සු හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ඉවසල ඉවසලා පාරට එන දවසකුත් තියෙනවා. එදාට රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරවා කුට්ටමේ කොළයක් ගානට වැටෙන එක වළක්වන්න බැරි බවත් එම ආරාජිකභාවයේ වගකීම පාලකයන් ගත යුතු බවත් නිදහස සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම අද එම ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පවසා සිටියේය.Sri Lanka Latest News

බටහිර කියමනක් තියෙනවා පුංචි දරුවන්ගේ නැපීස් මාරුකරන්නේත් අවුරුදු හතරකට සැරයක් පාලකයො මාරු කරන්නේ එකම හේතුව නිසා කියලා. නමුත් අපේ රටේ නැපිස් මාරු කරන්න දෙන්නේ නෑ..මැතිවරණ වල දමනවා.

ඒකයි මම කියන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත්වන එක වළක්වන්න බෑ කියලා.

රටේ වඩාත් ක්‍රියාශීලි අමාත්‍යාංශය වෙන්න ඕන මුදල් අමාත්‍යංශය. නමුත් අද මුදල් අමාත්‍යංශය බෙලහීන වෙලා. ඒකට හොඳ උදාහරණ දෙකක් තියෙනවා. එක,
මහ බැංකුවේ වැටුප් සියට හැත්තෑවකින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ඔහුවත් ඒ පිළිබඳව නොදන්නා බවයි.
දෙක, 2023 වසරේ අය කළ යුතුව තිබූ බදු ප්‍රමාණය බිලියන 904 යි. නමුත් අය කරගෙන තිබෙන්නේ බිලියන 163 යි. ඒ අනුව,අය කර ගැනීමට නොහැකිවූ බදු ප්‍රමාණය බිලියන 741යි. මුදල් නම් අමාත්‍යංශයේ බෙලහීනතාවය කියන්නේ මේකටයි. එතකොට හුදී මහජනතාවට ගැටලුවක් මතු වෙනවා මුදල් ඇමතිවරයා හා රාජ්‍ය නායකයා ඒ ගැන දන්නෙ නැත්නම්, රටේ සිදුවෙන අනිත් ක්‍රියදාමයන් ගැන කවුද දන්නේ? කවුද වග කියන්නේ?

ඉතාම බරපතල අවිනිශ්චිතභාවය පිළිබඳ ප්‍රශ්නයක්, පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් පුරවැසියන්ට ඇතිවෙනවා මේ බෙලහීනතාවය නිසාවෙන්.

මෙසේ අසමත් වී ඇත්තේ ඇයි? රටට පූර්ණ කාලීන මුදල් ඇමතිවරයෙක් නැති නිසා. ඉන්නෙ part time මුදල් ඇමතිවරයෙක්. ජනාධිපතිතුමා දවස් කිහිපයකට පෙර ප්‍රකාශ කළා පසුගිය අවුරුද්ද ඇතුළේ අලුතෙන් නීති හතළිස් දෙකක් (42) සම්පාදනය කළ බවට. නමුත් මේ බිලියන 741 එකතු කර ගැනීමට නොහැකි වී ඇත්තේ නීතියේ පවත්නා දෝෂ සහ යාවත්කාලීන නොවීම්.

ආර්ථික අවපාතයකින් බැටකන දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන රටක් වුවද පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයකුත් නොමැතිකම සියලු ප්‍රශ්නවලට හේතුවයි. කණගාටුවකට කාරණය නම් 1994 පසු පත් වූ සෑම ජනාධිපතිවරයකුම පාහේ මුදල් අමාත්‍යාංශය තමන් සතුව තබා ගැනීමේ රෝගය වැළඳ ගැනීමයි.

තුන්සිය හැටපස් දවසම පැය විසි හතරම මුදල් අමාත්‍යංශය කෙරෙහි අවධානය යොමු විය යුතු අවධියක මුදල් ඇමතිවරයා පාට් ටයිම් ජොබ් එකක් බවට පත්වීම කනගාටුවට කාරණාවක්. වත්මන් ජනාධිපතිවරයා විටෙක විදේශ අමාත්‍යවරයාගේ රාජකාරිය ද ඉටු කරන අතර ජනාධිපතිවරයාගේ ද රාජකාර ඉටු කරන අතරම විදේශ සංචාර රාශියක් ද යොදා ගනු ලබයි. මේ හේතුව නිසා මුදල් අමාත්‍යංශය මුදා නොගත් කලාපයක් බවට පත්වී ඇත. මෙම හේතුව නිසා මුදල් අමාත්‍යංශයට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නොහැකි වී තිබේ. ඒකයි බෙලහීනතාවය කියන්නේ.

පත්ව ඇති අර්බුදයෙන් ගොඩ එම සඳහා නාමිකව මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාග න් මා ඉල්ලා සිටින්නේ එතුමා ඉවත්වී මුදල් අමාත්‍යංශය සඳහා පූර්ණ කාලීන අමාත්‍යවරයෙකු පත් කරන ලෙසයි. දුරස්ථ පාලකයකින් මුදල් අමාත්‍යංශය මෙහෙය විය නොහැකි බවට මම නැවතත් අවධාරණය නරනවා.

අනෙක් අතට, ආර්ථික අර්බුදයේ මාරාන්තික ගොදුරක් බවට පත්ව ඇති අපේ දරුවන් පිළිබඳවයි.

මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් කිහිප විටක්ම කතා කළා. දරිද්‍රතාවය නිසා දරුවන්ට පාසල අහිමි වී ගොස් තියෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. දරුවන්ට අවශ්‍ය ඖෂධ නැහැ. ආහාර අහේනියකින් පෙලෙනවා. නමුත් මෙවැනි පසුබිමක මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වන්නේ නැහැ. නොපෙනූ දෙනෙත් වලින් සහ නොඇසූ දෙසවන්වලින් තමයි දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ.

රටටම ලොකු ප්‍රචාරයක් දීලා ගාසා තීරයෙහි දරුවන් වෙනුවෙන් අරමුදලක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන්න යනවා. ඒ පිළිබඳ සංවේදී වීම ඉතා හොඳ වැඩක්. ගාසා තිරය කියන්නේ දරුවන්ගේ අමුසොහොනක්. එලෙස සංවේදී වන නායකයෙක්, තමන්ගේ රටේ දරුවන් කෙරෙහි සංවේදී නොවීම බරපතල ගැටලුවක්. ලක්ෂ එකොළහකට දිවා ආහාරය ලබා දෙනවා. ඒක ලක්ෂ විස්ස දක්වා දැන් ඉහළ ගිහිල්ලා. ඒත් ආණ්ඩුව නිහඬයි. දිවා ආහාර වේල සඳහා රුපියල් 85, 110දක්වා වැඩි කළ බව ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා. නමුත් ප්‍රශ්න ඇත්තේ මේ වනවිට දිවා ආහාරය ලබාදිය යුතු සිසුන් සංඛ්‍යාව ලක්ෂ විසිඑක දක්වාම වැඩි වී තිබීමයි.

ඒවගේම මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ වැටුප් මදිකම නිසා විශාල පිරිසක් වෘත්තිකයෝ රට හැර යන බවයි.

මහ බැංකුව නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා 2023 වසරේ සෑම මාසයකම, අපේ රටේ නිපුණත්වයෙන් හෙබි වෘත්තිකයෝ විසි පන් දහස් නවසිය පනස් හතරක් (25954) රට හැර ගොස් ඇති බවට. 2022 දී සෑම මාසෙකම විසි හයදාස් දෙසීයක් (26200) රට හැරදා විදෙස්ගත වී තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට තුන් ලක්ෂ දොළොස් දහසක්. මේ ඉතා බරපතල තත්වයක්. සංසන්දනය කළ යුත්තේ පෙර අවුරුදු දෙකත් සමගයි. 2020 විදෙස්ගත වෙලා තියෙන්නේ මාසයකට හාරදාස් නවසිය පනස් දෙකයි (4952). ඒ කියන්නේ අවුරුද්දකට හැටදහසක්. 2021 වසරේ මාසයකට හය දහස් හත්සිය පනහයි (6750). මෙහි අවසානය සටහන් වන්නේ කොතනින්ද? එක් පසකින් මන්ද පෝෂණය නිසා සහ දරිද්‍රතාවය නිසා රටේ දරුවන්ට පාසල අධ්‍යාපනය අහිමිවී තිබෙනවා. අනෙක් පසින්, වෘත්තිකයන් රට හැරදා යනවා. මේ විදිහට ගියොත් අපේ රටේ අනාගත පරපුර ලෙස ඉතුරු වන්නේ කවුද? මේක දේශපාලඥයන් විතරක් ඉතුරු වන කාන්තාරයක් වේවි.

ඊයේ අපි දැක්කා සාමකාමී විරෝධතාවයක නියැළී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව. නිදහස ජනතා සභාව ලෙස මේ මෘග ගණයේ ප්‍රහාරය අප හෙලා දකිනවා.

මේ ශිෂ්‍ය ප්‍රජාව උද්ඝෝෂණය කළේ කුමක් සඳහා ද? නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ලෙස ඉල්ලා. අහිමි වූ මහපොළ නියමිත කලට ඉල්ලා. ශිෂ්‍ය නේවාසිකාගාර ඉල්ලා. සියල්ලටම වඩා අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු ගුරුවරු ඉල්ලා. මේවා තමයි ඔවුන්ගේ ඉල්ලීම වුණේ. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටි ආචාර්ය මහාචාර්යවරුන් ගෙන් සියයට පනහක් රට හැර ගොස් අවසන්. ඒ නිසා දරුවෝ පාරට ඇවිල්ල කියනවා, අනේ අපිට ගුරුවරු දෙන්න කියලා. එහෙම ඉල්ලනකොට පාලකයෝ කරන්නේ ම්ලේච්ඡ ආකාරයෙන් දරුවන්ට පහර දීමයි.

ජාතක කතා සංග්‍රහයේ ජාතක කථාවක් උපුටා දක්වමින් මා මේ සාකච්ඡාව අවසන් කරනවා. ඒ ජාතක කථාව නම් සුතසෝම ජාතකයයි. මොකක්ද ඒ කතාවේ තියෙන්නේ. සුතසෝම රජ්ජුරුවෝ රාජ්‍ය පාලනය කරන කාලයේ දී එක්තරා ප්‍රාන්ත රාජ්‍යයක පාලකයෙක් ඔහුගේ නම පෝරිසාද්. ඔහු මිනීමස් බුදින පාලකයෙක්. අපේ කාලේ ඉඩි අමින් වගේ වෙන්නැති. මේ පෝරිසාද් සමඟ යුධ වැදිලා ඔහුගෙන් ජනතාව බේරාගත යුතුයි කියා සුතසෝම රජ්ජුරුවෝ කල්පනා කරනවා. එහෙම තීරණය කරලා තාවකාලිකව ඇමති මණ්ඩලයට රටේ පාලනය භාර කරනවා. භාර කරලා කියනවා ඇමතිවරුනි හමුදාව යෙදවීමෙන් පමණක් හැමදාම මහජනතාව පාලනය කරන්න බැහැ. හමුදා මර්දනයෙන් හැමදාම රටක් පාලනය කරන්න බැහැ. මන්ද හමුදාවත් මේ ජනතාවගේම කොටසක් බව ඇමතිවරු කරුණාකරලා මනසේ තියාගන්න. ඒක තමයි සුතසෝම රජ්ජුරුවෝ රාජ්‍ය පාලනය ඇමතිවරුන්ට ලබා දෙන අවස්ථාවේ කරපු ඉල්ලීම.

මේ ආණ්ඩුවත් දැනගන්න ඕනේ හැමදාම මර්දනයෙන් මේ රට පාලනය කරන්න බැරි බව. සියලු ගැහැට තර්ජන බිය වැද්දීම් සිර දඬුවම් මේ සියල්ල ඉවසල ඉවසල ඉවසල, අවසානයේ ඉවසගන්න බැරි තැන විශේෂයෙන් බඩගින්න ඉවසගන්න බැරි තැන මිනිස්සු පාරට එන දවසක් තියෙනවා. පාරට මිනිස්සු එහෙම ආවම මතක තියා ගන්න රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බූරුවා කුට්ටමේ කොළයක් බවට පත්වන එක වළක්වගන්න බෑ. ආණ්ඩුව මෙම බරපතල කාරණය පිළිබඳ තේරුම් ගත යුතුයි .

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයන්ගේ පඩිය 20000කින් වැඩිකරන්න බෑ කිව්වා! රාජ්‍ය සේවකයන් ඇතුලු ලක්ෂ 220ක් ජනතාව අසරණ වෙලා ඉද්දී මහබැංකු සේවකයන් විතරක් 70%කින් පඩි වැඩි කරගැනීම සාධාරණද? සදාචාරාත්මකද? ආණ්ඩුව මේක අනුමත කරනවාද? මේ අසාධාරණය ආපහු හරවන්නේ කවදාද? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ගින්දරට පැන්නා… රට බේරගත්තා කියන්නේ පට්ටපල් බොරුනේ! රනිල් විතරක් නෙමෙයි ජනාධිපති සටනට අනුරත් ඉදිරිපත් වුණා! ඩලසුත් ඉදිරිපත් වුණා! පොහොට්ටුවේ ආරක්ෂාවට ඒ අයනෙ රනිල්ව පත්කරගත්තේ! රනිල්ගේ දේශපාලන ඉතිහාසයේම ඔහුට ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් තිබුණේ නෑ! රනිල්ගේ පාර්ලිමේන්තු කතාවට හරිනිත් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.