කොළඹ ජාතික රෝහලට දැනට මාස කිහිපයක සිට නිත්‍ය අධ්‍යක්ෂවරයකු නොමැතිකමින් එහි පරිපාලන කටයුතු අඩාළ වන තත්ත්වයක් උද්ගතව ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. Sri Lanka Latest News
ජාතික රෝහලට නව අධ්‍යක්ෂවරකු පත්කරනු වෙනුවට එහි වැඩ ආවරණය කිරීමට රාගම ශික්ෂණ රෝහලේ නිත්‍ය අධ්‍යක්ෂවරයා අනුයුක්ත කොට ඇතැයිද, කොළඹ ජාතික රෝහල වැනි තැනක පරිපාලන කටයුතු වෙනුවෙන් පැය කිහිපයකට එවැනි අධ්‍යක්ෂවරයකුගේ පැමිණීම කෙසේවත් ප්‍රමාණවත් නොවන බැව් ජාතික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
කොළඹ ජාතික රෝහල මෙන්ම රාගම ශික්ෂණ රෝහලද අධික නේවාසික මෙන්ම බාහිර රෝගීන් පැමිණෙන ස්ථාන බව පෙන්වා දෙන රෝහල් දෙකේ සෞඛ්‍ය සේවක පිරිස් පවසනුයේ උද්ගත වී ඇති තත්ත්වය අනුව මෙකී රෝහල් දෙකේම පරිපාලන තත්ත්වය අවුල් වී යාමේ අවදානමක් මතුව ඇති බවය.
මෙම තත්ත්වයට වහාම විසඳුමක් ලබාදීම සඳහා කළ යුත්තේ, කොළඹ ජාතික රෝහලට කඩිනමින් නිත්‍ය අධ්‍යක්ෂවරයකු පත්කිරීම බව පෙන්වා දෙන එම සේවක පිරිස් පවසනුයේ එසේ නොවුණහොත් ජාතික රෝහලේ පරිපාලන කටයුතු අවුල්වී එහි සේවක විනය පවා පිරිහී යාමට ඉඩ ඇති බවයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










