ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද, මෙරට ප්‍රධානම අපනයන කර්මාන්තය ලෙස පැවැති තේ කර්මාන්තය අර්බුදයකට මැදිවීමෙන් එය රටේ ආර්ථිකයේ අඳුරු පැතිකඩක් පෙන්වන බවට ආර්ථික විශේෂඥවරු අනතුරු අඟවති. Sri Lanka Latest News
1986 වසරේ සිට 2025 වසර දක්වා දශක දෙකකට ආසන්න කාලයක් තුළදී තේ කම්හල් 213 ක් වැසී ඇති බව පර්ලිමේන්තුව තුළ අනාවරණ වීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ආර්ථික විශේෂඥවරු මෙම අදහස් පළකර සිටිති.
උදාවී ඇති මෙම තත්ත්වය රටට ඉතාම හානිකර බව පෙන්වා දෙන ආර්ථික විශේෂඥවරු රටේ ප්‍රධානම අපනයන කර්මාන්තය වන තේ කර්මාන්ත ක්ෂේත්‍රයට මෙවැනි කණකොකා හැඬීමේ තත්ත්වයට බලපා ඇති කරුණුවලට පැවැති රජයන්වල බලධාරීන්ද වගකිව යුතු බව පෙන්වා දෙති.
ගෙවුණු වසරවල තේ කර්මාන්තශාලා පිළිවෙළින් 207ක් වැසී ඇති බව අනාවරණ වී ඇතැයි පවසන ආර්ථික විශේෂඥවරු මෙම වසරේ (2025) ගෙවණු මාස හය ඇතුළත තේ කර්මාන්තශාලා හයක්ම වැසීයාම බරපතළ තත්ත්වයකැයිද පවසති.
පවතින තත්ත්වය කෙරෙහි දැඩි අවධානය යොමු කොට, මෙරට තේ කම්හල් පද්ධතිය යථාවත් කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් ක්‍රියාකළ යුතුව ඇතැයි ද ඔවුහු අවධාරණය කරති.
නන්දන ශ්‍රී දොරකුඹුර










