උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (5) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවය.










