යක්කල මහල් නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් වැටී එක්දරු මවක් අභිරහස් ලෙස මිය ගොස් ඇත.Sri Lanka Latest News
යක්කල බෝගමුව ප්‍රදේශයේ කොළඹ නුවර මාර්ගය ට ආසන්නයේ පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක සිව් වන මහලින් ඇද වැටී කාන්තාවක් ඊයේ (17) අලුයම 12.30 ට පමණ මිය ගොස් ඇති බව බෙම්මුල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ චතුරිකා මදුශානි වයස අවුරුදු 31 ක් වූ එක් දරු මවකි.
මියගිය කාන්තාව සැමියා සහ වයස අවුරුදු හතක් වූ දියණිය සමඟ එම පස් පස් මහල් ගොඩනැඟිල්ලේ සිව් වන මහලේ කුලී පදනම මත සිට ඇත.
අදාළ මරණය සැක සහිත එකක් බවත් මියගිය කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත් බෙම්මුල්ල පොලිසිය පැවසීය.
මිය ගිය කාන්තාව සහ සැමියා අතර කලක පටන් නිරන්තරයෙන් ආරවුල් පැවති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මියගිය කාන්තාව සහ සැමියා අතර ඊයේ රාත්‍රියේ දී ද අඩදබර ඇති වූ බව වයස අවුරුදු හතක් වූ දියණිය පොලිසිය හමුවේ පොලිසිය හමුවේ පවසා ඇත.
මියගිය කාන්තාවගේ මළ සිරුර මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවතීමට නියමිතව ඇත.
මෙය සියදිවි හානිකර හානිකර ගැනීමක් ද එසේත් නැති නම් ඝාතනයක් ද යන්න බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.










